තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ජූනි 27, බදාදා 15:12

මංගල සාරි විලාසිතා ලෝකයට පියනගමු

ලිව්වේ  ප්‍රසන්නි ගී තරංගමා
අගයන්න
(23 මනාප)
ලලනා ලාලිත්‍ය ඔපලන මනරම් සාරි විලාසිතාවෙන් හැඩවන්නට ඇත්නම්... මේ අපේ කාන්තා පරපුර කවදත් සිතන හැටියි. දැන් ඉන්දියාවේ මිලටම ශ්‍රී ලංකාවේදීත් සාරි මිලදී ගැනීමට අවස්ථාව උදාවෙලා. සතුටක් මෙන්ම කුතුහලයක් ද දනවන මේ ආරංචිය ගැන විමසන්නට අපි දෙහිවල කවුඩාන පාරේ Pallu විලාසිතා මන්දිරය වෙත පියනැගුවෙමු. මේ Pallu ප්‍රදර්ශනාගාර කළමනාකාරිනි බී. කේ. එස්. කෞශල්‍යා ගෙන් කළ සුවිශේෂී විමසුමකි.

අපේ පාරිභෝගිකයන් වෙනුවෙන් ඉන්දීය සාරි වෙළෙඳපොළක් ලංකාවට ගෙනැවිත් තිබේද?

විශේෂත්වය වන්නේ මෙතෙක් සාප්පු හිමියන් අතර මැදියන්ගෙන් මිලදී ගත් සාරි සෘජුවම ඉන්දියාවේ නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමයි.

සැබැවින්ම මෙහිදී ඉන්දියාවේ සාරි වෙළෙඳපොළටම සමාන්තරව ලංකාවට අලුත්ම විලාසිතා රැගෙන එන්නටත් වෑයම් දරනවා. අතරමැදියන් නැති නිසා ඉන්දියාවේ සාරි මාකට් එකටත් වඩා අඩු මිලකට අපේ පාරිභෝගිකයන්ට අලුත්ම සාරි මෝස්තර මිලදී ගත හැකියි.

සැබැවින්ම මෙය ඉන්දියාවට යන්න සිතන පාරිභෝගිකයන්ට මෙරටදීම අත්විඳිය හැකි වාසිදායි අවස්ථාවක් නේද?

ඔව්. මනාලිය ලෙස දෙවැනි මනාලිය ලෙස පමණක් නොවෙයි ඕනෑම උත්සව අවස්ථාවක් වෙනුවෙන් වුවත් ඔබින සාරි විලාසිතා හිතේ හැටියට තෝරා ගන්න මෙහිදී ඉඩකඩ සැලසෙනවා.

ඒ නිසා මංගල උත්සවයකදී පවුලේ ඇත්තන්ටත් සුදුසු විලාසිතා මවන්නට හැකි වටිනා සාරි ඕනෑ තරම්.

මේ නිසාම අලුත්ම අලුත් විලාසිතා අපේ අය අතට පත්වෙනවා. සාරි පමණක් නොවෙයි එකකට එකක් විවිධ වන සල්වාරි මෝස්තර පාරිභෝගිකයන්ට සුවිශේෂ අත්දැකීමක්. පවුලේ මංගල උත්සවයක් වෙනුවෙන් ඉන්දියාවේ යනවාට වඩා අපේ රටින්ම සාරි මිලදී ගැනීම දැන් නම් හරිම වාසිදායකයි.

මනාලියන් අතර මේ දිනවල ජනප්‍රියතම සාරි විලාසිතාව...?

අද මංගල සාරිය වෙනුවෙන් සීකුවින්ස් මෝස්තර හොයන්නේ නැහැ.

ඒ වෙනුවට කට්වර්ක් පර්ල් මෝස්තරවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. අද දෙවැනි ගමනට යන මනාලියත් යෙලෝ - මැජෙන්ටා –පීකොක් බ්ලූ වගේ වර්ණ පරාසයන්ට යොමුවනවා.

සාරියේ මෝස්තරය අනුවත් විලාසිතා මැවිය හැකි බවක් පේනවා?

සමහර විට ලස්සනම වර්ක් එක එන්නේ සාරියේ පපුවට වැටෙන කොටසටයි. තවත් සාරියක් පීඩ්ස් සහිතවම නිර්මාණය වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ස්කර්ට් සාරි - මේඩ්අප් සාරි පවා තිබෙනවා.

සාරියේ මෝස්තර රටා හඳුනාගෙන ඒ අනුව සැරසෙනවා නම් අලුත්ම විලාසිතාවක් මවන්න පුළුවන්. එවිටයි සාරියේ ලස්සන වගේම හැඩවෙන ලියගේත් ලස්සන පෙනෙන්නේ.

පාර්ටි සාරි අතරට අලුතින්ම පැමිණි විලාසිතා ගැනත් කීවෝතින්...?

දේදුනු වර්ණයේ (Rainbow Colours) සාරි විලාසිතාවලට වැඩි දෙනා කැමැතියි. පාට දෙක තුනක එකතුවක් නම් වැඩි ඉල්ලුමක් තිබෙනවා.

ඕනෑම උත්සව අවස්ථාවක් වෙනුවෙන් බතික් විලාසිතා සාරි සඳහාත් ඇත්තේ හොඳ ඉල්ලුමක්. ඒ නිසා පාරිභෝගිකයාගේ සිතැඟි වර්ණය අනුව බතික් සාරි නිමවා දීමත් සිදුවෙනවා.

මොනවද කැටලොග් විලාසිතා කියන්නේ?

ඉන්දියානු විලාසිතා අනුවම සැරසෙන්න අපේ කාන්තා පරපුරට ලොකු උනන්දුවක් තිබෙනවා. ඒ අනුව සාරි කැටලොග් එකකින් තමා තෝරාගන්නා සාරියෙන් මැවෙන විලාසිතාව ගැන කල්තබා දැනුවත්ව සිටිය හැකියි.

කැටලොග් අනුව සාරි තෝරාගැනීමට අවස්ථාව සලසා ඇත්තේ ඒ නිසායි. ඊට අමතරව තමාගේ සිරුරේ මිමි අනුවම කැටලොග් සල්වාරි විලාසිතා නිර්මාණය කරදීමත් සිදුවනවා. මනරම් සාරි විලාසිතාවක් මවන්න සාරි ජැකට් එකේ නිර්මාණශීලි බවත් ඉවහල් වෙනවා. ඒ නිසා පාරිභෝගික ඉල්ලීම පරිදි කැටලොග් අනුව සාරි ජැකට් වුවත් නිමකර දෙනවා.

ඡායාරූප – නිරෝෂ් බටේපොල

16153 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 07, සෙනසුරාදා 11:26
මේ යටතේ එන අනෙකුත් ලිපි: මේ තියෙන්නේ ඔබ සොයන සිහින සාරිය »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න