තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:54

මංගල රථයට මල් මල් සැරසිලි විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මංගල උත්සවයක සෞන්දර්යාත්මක බව දෙගුණ තෙගුණ කරවීමට විසිතුරු මල් සැරසිලිවලට පුළුවන. ඔබ තේමාවක් අනුව යමින් මංගල උත්සවයට නයනීය බවක් කැඳවන්නේ නම්...

 

උත්සව ශාලාවට ඇතුළුවන තැන පෝරුව, සෙටිබැක් එක... මේ ආදී මෙන්ම මනාලයා උත්සව ශාලාවට පැමිණෙන හා මංගල උත්සවය අවසානයේ මනාල යුවළ මධුසමය කරා පිටත්ව යෑමට ඇවැසි මංගල රථය මලින් සැරසීම අවශ්‍යම අංගයකි.

මංගල රථය සැරසීම බොහෝවිට සිදුවන්නේ ස්වාභාවික මලිනි. මෙය පෝසි හැඩයෙන් මෙන්ම හදවතක හැඩය ඇතුළු විවිධ හැඩතල ඔස්සේ නිමවේ.

මංගල රථය සැරසීමේදී පළමුව සැලකිලිමත් වන්නේ එය කුමන වර්ගයේ, කුමන පැහැයේ රථයක් ද යන්නයි. ඒ අනුව කාරයේ බොනට් එකේ හෝ ෂෙල් එකේ මල් සැරසිල්ල තැබේ. මංගල රථය කුලී පදනම මත ගන්නේ නම් එම ආයතනය සතු නීතිරීතිවලට යටත් වීමට ඔබට සිදුවේ. ඇතැම් මෝටර්රථවල ටේප් ඇලවීම පවා තහනම් වේ.

ඒ අනුව මංගල උළෙලේ තේමාව මධුසමය සඳහා පිටත්ව යන රථයේ මල් සැරසිල්ලට ද ආදේශ කළ හැකිවේ. මංගල උළෙල සඳහා සුදු පැහැති බේච් පැහැති මල් වැඩිවශයෙන් භාවිත වේ. මේ සඳහා ගන්නා රථය ද බොහෝවිට සුදු පැහැ එකකි. දෙවැනි ගමන සඳහා සුදුපැහැ රථ මෙන්ම රතු, මෙරූන්, කළු පැහැ රථ ගන්නා අවස්ථා තිබේ.

මංගල රථය සැරසීමට රෝසමල්, ජර්බරා මල්, ක්‍රිෂාන්තිමම්, ලිලී හා කොළ වර්ග සඳහා සුපර් ඩේසි අයිවි, කොඩ්ලයින් වැනි මල් වර්ග භාවිත වේ. මේ සැරසිල්ල කරනුයේ තෙත්කරගත් දැලකින් ආවරණය වූ ස්පොන්ජ් කැබැල්ලකිනි. මල් සැරසිල්ල සිතැඟි පරිදි නිමකිරීමෙන් පසු රථයේ ෂෙල් එකෙහි රිබන් එකකින් ගැට ගැසීම සිදු කෙරේ. රථයට හානි සිදුවිය හැකි බැවින් වයර් හෝ කම්බි යනාදිය යොදා නොගැනේ.

බොහෝවිට මංගල රථ සඳහා දිගු වේලාවක් පවතින මල්වර්ග (ඹ්ධදඨ තචඵබඪදඨ ජ්තධඹඥපඵ) යොදා ගැනීම වැදගත්. ඒ මංගල රථ හිරු එළිය වැටෙන තැන්වල ගාල්කර තැබීමේදී මල් මැලවීමට ඇති ප්‍රවණතාව වැඩි නිසාය. එහිදී වරින්වර මල්වලට වතුර ඉසින මෙන් රියැදුරු දැනුවත් කිරීම වැදගත් වේ.

සාමාන්‍යයෙන් මංගල උත්සවය දා මනාලයා උත්සව ශාලාවට පැමිණෙන මංගල රථය හා මධුසමය බලා පිටත්ව යන නව යුවළට ඇවැසි මංගල රථය මලින් සැරසේ. මනාලියගේ නිවෙසේ මංගල උත්සවය පැවැත්වේ නැතහොත් මනාලිය පිටත්වීමක් සිදු නොවේ යන සිරිත අනුව යමින් මනාලිය උත්සව ශාලාවට පැමිණෙන රථය සැරසීම අවශ්‍යම නැත. එහෙත් එම රථය ද මලින් සරසන අවස්ථා ඕනෑතරම් තිබේ. මංගල රථය සැරසීමේදී ප්‍රධානම තැන හිමිවන්නේ මනාල යුවළ මධුසමය සඳහා පිටත්ව යන රථයටයි. මොවුන් පිටත්ව යෑමට පැයක් දෙකක් තිබියදී මෙම රථය සරසා උත්සව ශාලාව අසලට පැමිණෙන්නේ නම් එහි නැවුම් බවක් පවතීවි. එසේ නොවී උදේ පටන් මලින් සැරසූ මංගල රථය තිබේ නම් එහි මල්වල නැවුම්බව පිළිබඳ සැලකිලිමත් වීමට සිදුවේවි. එවිට රෝසමල් නොයොදා සැරසීමට අමතක නොකරන්න. රෝසමල් වෙතින් ඉතා ඉක්මනින් නැවුම්බව පහව යයි.

රිබන්වලින් මංගල රථ සැරසීම වෙනුවට නෙට් රෙද්දෙන් සැරසීම දැන් සිදුවේ. එහිදී සුදු, බේජ්, රන්වන් පැහැති නෙට් රෙදි මංගල උළෙලටත් රතු, මෙරූන්, සුදු ආදී වර්ණයන් දෙවැනි ගමන සඳහාත් සුදුසු වේ. මල් සැරසිල්ල ෂෙල් එකේ හෝ බොනට් එකේ තබා ගැටගැසීම සිදුකරන්නේ නම් ස්වාභාවික මල් බරින් වැඩි නිසා රිබන්වලින් හොඳින් ගැටගැසීම නම් අනිවාර්යය කරුණකි.

මීට අමතරව රථයේ දොරවල් හතර අරින තැන රිබන් හෝ නෙට් රෙද්දෙන් බෝ එකක් ලෙස සකසා තැබීම වඩාත් අලංකෘත කරයි.

 

 

ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා නීතිඥ

මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට

616 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න