තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:50

ගිතෙල් කෑමෙන් වාසි ගොඩයි විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
ගිතෙල් යනු ඉන්දියානු ආහාර වේලක දී නොවරදින ද්‍රව්‍යයකි. ආහාරවල රසවත් භාවය වැඩි කරන හෙයින් ඉන්දියානුවන් සෑම ආහාරයකටම මේ ලෙස ගිතෙල් එක්කර ගනු ලබනවා.

 

මෙලෙස එක්කර ගැනීමෙන් සැලසෙන තවත් සුවිශේෂී වාසියක් වන්නේ හිසකෙස් හා සමට ඉන් සැලසෙන සෙතය. වියළි සමක් ඇති අයගේ සමේ ඇති වන සියලුම ආකාරයේ ගැටලුවලට ගිතෙල් ප්‍රතිකර්ම සපයයි. ගිතෙල් සතුව සම දීප්තිමත් කිරීමේ හැකියාවක් පවතී. ඉන්දියානු කාන්තාවන් සතු දිදුලන සමට එක් හේතුවක් වන්නේ මෙසේ ගිතෙල් ආහාරයට එක්කර ගැනීමයි. තොල් වියළීම වැනි තත්ත්වයන්ට ද ගිතෙල් ප්‍රතිකාරයකි.

රූපලාවණ්‍යමය වාසි හැරුණුකොට ගිතෙල් මඟින් සෞඛ්‍යයට හිතකර වාසි ද සැලසේ. එය අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කරන අතර, හෘදය ආශ්‍රිත රෝග ඇති වීම ද වළක්වාලයි. ගිතෙල්වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවයි. මේවායේ කැරොටිනොයිඩ, මඪබචථඪදඵ ඒ හා ඡ් අන්තර්ගත වේ.

ගිතෙල් මඟින් අපට ලැබෙන රූපලාවණ්‍ය වාසි මොනවාදැයි බලමු.

 

වියළි සමේ තෙතමනය ඇති කරයි.

ගිතෙල්වල මේද අම්ල අන්තර්ගත වේ. මෙම මේද අම්ල මඟින් වියළි සමේ තෙතමනය ඇති කරවයි. ගිතෙල් ස්වල්පයක් ගෙන යම් තරමකට රත් කර මුහුණේ ආලේප කරන්න. මඳ වේලාවක් හොඳීන් මසාජ් කර සෝදා හරින්න. මෙය වියළි සමට හොඳ ප්‍රතිකාරයකි.

සම සිනිඳු කිරීම

සම සිනිඳු කිරීමට ගිතෙල් සතුව සුවිශේෂී හැකියාවක් පවතී.

ජලය හා ගිතෙල් සමාන ප්‍රමාණවලින් ගෙන හොඳීන් බ්ලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර ටික වේලාවකින් සෝදා හරින්න.

සම දීප්තිමත් කිරීම

ගිතෙල් මඟින් සම පිරිසුදු කරමින් සමේ තෙතමනය ආරක්ෂා කර දේ. මෙමඟින් වියළි සම ස්වාභාවිකවම දීප්තිමත් කර දේ.

එළකිරි හා ගිතෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මුහුණේ ආලේප කර, ටික වේලාවකින් සෝදා හරින්න.

සම වියපත් වීම වැළැක්වීම

ගිතෙල් යනු වියපත් වීම වැළැක්වීමට හොඳම විසඳුමකි.

ගිතෙල්වලින් සම මසාජ් කිරීම තරුණ සමක් නැවත ලබා ගැනීමට හොඳම ක්‍රමයකි. ගිතෙල් සමේ සෙසලවල ගැඹුරටම කා වැදී චර්ම සෛල තරුණ හා නීරෝගී කිරීමට දායක වේ.

ඇස් වටා කළු වීම වළක්වයි

නින්දට යාමට පෙර ඇස් යට ගිතෙල් ආලේප කිරීම ඇස් යට කළු වීමට හොඳම ප්‍රතිකර්මයකි. එමෙන්ම වෙහෙසකාරී ඇස්වලට සුවයක් ලබා දේ.

හිසකෙස් අග පැළීමට ප්‍රතිකර්මයකි

වියළි හිසකෙස්වල ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ අග පැළීමයි. මේ ගැටලුට ද ගිතෙල් මඟින් විසඳුම් ලබා ගත හැකියි.

ගිතෙල් සුළු ප්‍රමාණයක් රත් කර හිසකෙස් අගිස්සේ ආලේප කරන්න. පැයක් පමණ එසේ තිබෙන්නට හැර පසුව ෂැම්පු යොදා සෝදා හරින්න.

කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරයි

ගිතෙල් හා පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන හිසකෙස් හොඳීන් මසාජ් කරන්න. ටික වේලාවකින් සෝදා හරින්න.

අන්තර්ජාලය ඇසුරිනි

508 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න