තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 ඔක්තෝබර් 23, සඳුදා 12:32

දෑත්වල රැලි වැටීම ඉවත් කරන පැරපින් ට්‍රීට්මන්ට් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට අපට දෑත් යොදා ගැන්මට සිදුවෙයි. විශේෂයෙන්ම මුළුතැන්ගෙයි කටයුතුවලදී දෑත්වලින් අපට කොපමණ කාර්යයන් කරන්නට සිදුවනවා ද?

 

නමුත් දෑත් කෙරෙහි අප අවධානයකින් තොරව කටයුතු කිරිම නිසා දෑත්වල සම වියළීම, රැලි වැටීම, දුර්වර්ණවීම සහ වියපත් බවක් පෙන්නුම් කිරීම වැනි ලක්ෂණ දක්නට ලැබෙන අවස්ථා බොහොමයි.

මෙසේ සිදුවන්නේ ඇයි?

මෙහිදී සබන් වර්ග, සැර සේදුම් කුඩු වර්ග නිතර නිතර භාවිත කිරීම නිසා දෑත් වියළීම, රැලි වැටීම, දුර්වර්ණ වීම ඔබ නොදැනුවත්ව ම හෝ සිදුවන්නට පුළුවන්. එම නිසා දෑත් කෙරෙහි ද අවධානයක් දැක්වීම වඩාත් වැදගත් වෙනවා. අත සෝදන හැම වරකම සහ රෙදි සේදීම් වැනි කටයුතුවලින් පසුව හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කළ යුතුයි. එසේත් නැත්නම් ඔලිව් ඔයිල් තවරා මෘදුව පිරිමදින්න. එසේ කිරීමෙන් දෑත්වල සම වියළීම සහ රැලි වැටීම වළක්වාගන්න පුළුවන්.

රුපලාවණයේදී මේ සඳහා සිදු කෙරෙන විශේෂ සත්කාර තිබෙනවා ද?

තිබෙනවා. එය අප හඳුන්වන්නේ පැරපින් ට්‍රීට්මන්ට් වශයෙන්. මෙය දෑත්වල වියළි ස්වභාවය මඟහරවාලන ප්‍රතිකර්මයක්.

මෙම ප්‍රතිකර්මය සිදු කරන්නේ මොන ආකාරයෙන් ද?

පැරපින් ප්‍රතිකර්මයට පෙර දෑත් සඳහා අවශ්‍ය සත්කාරයක් ලබා දිය යුතු වෙනවා. එම සත්කාර මඟින් සමේ නැති වී ගිය පෝෂණය නැවත ලබාගත හැකි අතර දෑතේ වියළි බව, රැලි වැටීම ඉවත් වී යනවා.

මෙහි මුලින්ම සමේ තැන්පත්ව ඇති මැරුණු සම ඉවත් කිරිම කළ යුතු අතර ඒ සඳහා Menicure එකක් සිදු කෙරෙයි. එහිදී මැරුණු සම ඉවත් වී දෑත්වල සමෙහි පැහැපත් බවක් ඇති කරවයි. Menicure එකෙන් පසුව Porffin Treatment එකක් සිදුකරන අතර එමඟින් සමට හොඳ තෙතමනයක් (Moisture) ලැබීමෙන් සමේ වියළි බව නැති කරවයි.

පැරපින් ඉටි ට්‍රීට්මන්ට් එක සඳහා සූදානම් විය යුත්තේ ඉන් පසුවයි.

මුලින්ම පැරපින් ඉටි එක දෑත්වල තැවරිය හැකි උෂ්ණත්වයට රත්කර ගත යුතුයි.

ඉන්පසු පැතලි උපකරණයක ආධාරයෙන් රත්කරගත් පැරපින් ඉටි එක දෑත්වල හොඳින් තවරන්න.

මීළඟට කළ යුත්තේ සෙලපින් හෝ ෆොයිල් පේපර් එකකින් දැත් ආවරණය කර තැබිමයි. එසේ කරනු ලබන්නේ එය හොඳින් සමට උරා ගැනීම සඳහායි. ඉන්පසු විනාඩි විස්සක් පමණ තබන්න. විනාඩි 20 කින් පසුව එය ඉවත් කරන්න.

මේ ආකාරයෙන් මෙය මසකට වරක්වත් සිදුකරන්න. මෙම ප්‍රතිකර්මය නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් දෑත්වල පෙනෙන වියපත් බව, වියළි බව ඉවත් කර දෑත්වල සමට මොයිස්චර් බවක් ලබාදෙයි.

මෙය මසකට වරක් සිදුකීරීම ප්‍රමාණවත් වෙයි.

නිසි ආකාරයෙන් පැරපින් ට්‍රීට්මන්ට් එක අනුගමනය කරනවා නම් බොහෝ දුරට දෑත්වල සමේ ඇති වියළි බව පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකි වෙයි.

මෙහිදි සැලකිලිමත් විය යුතු දෙයක් නම් පැරපින් ඉටි භාවිතා කරන විට අධික රස්නයෙන් යුතුව භාවිත කිරීමෙන් වැළකිය යුතුයි. හේතුව ඔබ මේ පිළිබඳව නොදැනුවත්කමින් කටයුතු කිරීමට යාමෙන් සම පිළිස්සීමට ඉඩ ඇති නිසයි.

වෙනත් ආලේපන මඟින් සමට මොයිස්චර් එක (තෙත් ස්වභාවය) ගත නොහැකියි.

මේ සඳහා ක්‍රීම් එකක් ආලේප කරනවාට වඩා මෙම පැරපින් ප්‍රතිකර්මයෙන් ලැබෙන මොයිස්චර් එක වැඩි වෙයි. මෙහිදී මොයිස්චර් ගතිය ලැබෙන්නේ සම ඇතුළතින් එන රස්නය සමඟයි. එම නිසා මෙම පැරපින් ට්‍රීට්මන්ට් ඉතාමත් සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස පැවසිය හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

හසිනි ගුණසේකර

716 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 12:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න