තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 14:55

ක්ලෙන්ස හෝ ස්ක්‍රබ් කළොත් ටෝනර් කිරීම අනිවාර්යයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රුව ලස්සන ගැන උනන්දුවන අය ටෝනර් ගැන හොඳින්ම දන්නවා. නමුත් අප ටෝනර් එකක් භාවිත කරන්නේ කුමක් නිසා ද? එය නිවැරැදිව භාවිත කළ යුත්තේ කොහොමද යන්න ගැන සමහරුන් තුළ වැටහීමක් නෑ. අප මෙවර සූදානම් වන්නේ ටෝනර් භාවිතය ගැන ඔබට දැනුවත් බවක් ගෙන දෙන්නටයි.

 

ඔබ අතට පත්වන්නේ විදේශ රටකින් ගෙන්වන ලද ටෝනර් එකක් නම් ඇතැම් විට එහි ටෝනර් වශයෙන් සඳහන්ව නොතිබෙන්නට පුළුවන්. ඒඵබපඪදඨඥදබඵ එසේත් නැත්නම් ඉධධබඩඥපඵ වශයෙන් ද බොහෝ විට දක්වා තිබෙන්නේ ටෝනර් එකයි.

ඇයි අප ටෝනර් පාවිච්චි කළ යුත්තේ?

ක්ලෙන්සර් කිරීම හෝ ස්ක්‍රබ් කිරීමක් කළ පසුව අනිවාර්යයෙන්ම ටෝනර් භාවිතා කළ යුතුයි. මෙහිදී රෝම කූප විවරවීමක් වන නිසා එය නැවත ළංකරලීමක් නැත්නම් වැසීමක් සිදු කරන්නේ ටෝනර් මඟින්. විවර වූ රෝම කූප ළංවීමක් නොවුණහොත් දොඩම් ලෙල්ලක පිට පොත්තෙහි වන සිදුරු මෙන් මුහුණේ සම මතුපිට සිදුරු ආකාරයෙන් දිස්වන්නට පුළුවන්. එම නිසයි ටෝනර් භාවිතය වැදගත්ම වන්නේ.

ටෝනර් භාවිත කිරීමේ නිවැරැදි ක්‍රමයක් තිබෙනවාද?

ඔව්. ටෝනර් ගැල්විමේදී නිවැරැදි ක්‍රමයකට අනුව එය කිරීම අවශ්‍යයයි.

සාමාන්‍යයෙන් ටෝනර් එකක් සීතල ගතියෙන් යුක්තව තිබියදී පාවිච්චි කිරීම සුදුසුයි. හේතුව එහි වන සීතල ගතිය රෝම කූප ළංකරලීමට උපකාරී වන නිසයි. මේ සඳහා උණුකර නිවාගත් වතුර හෝ බෝතල් වතුර ගෙන ශිතකරණයේ තබන්න. ඉන්පසු එයට තරමක ප්‍රමාණයේ පුළුන් කොටස් දමා එහි තෙත මිරිකා ටෝනර් එකක් ලෙස පාවිච්චි කරන්නට පුළුවන්. ටෝනර් භාවිතයේ පැරැණිම ක්‍රමය වන්නේ මෙයයි.

අප පිටතින් මිලට ගන්නා ටෝනර් එකම භාවිත කළ යුතුය කියා නියමයක් නෑ. ඒ අපට අවශ්‍ය ආකාරයට ටෝනර් එකක් නිවෙසේදීම වුවත් සාදා ගැන්මේ හැකියාව ඇති නිසයි. ඒ ආකාරයෙන් ඔබටම නිවෙසේදී සාදාගත හැකි ටෝනර් කීපයක් ගැන අප විමසා බලමු.

මින්ට් ටෝනර්

මේ සඳහා උතුරවා නිවාගත් වතුර හෝ බෝතල් වතුර අඬු කෝප්ප එකකට මින්චි කොළ කීපයක් දමා වසා විනාඩි තිහක් පමණ ශිතකරණයේ තබා පාවිච්චියට ගත හැකියි. මෙය වියළි සහ උෂ්ණ කාලවලදී සමට සිසිලස ගෙන දෙන ටෝනර් එකක්. මෙමඟින් ඇස් වටා සහ කට දෙපස රැලි ඉවත් කරනු ලබනවා.

කියුකම්බර් ටෝනර්

වතුර අඬු කෝප්ප භාගයකට පිපිඤ්ඤා පෙති තුනක් පමණ දමා විනාඩි තිහක පමණ කාලයක් වසා තබා පෙරා පාවිච්චි කරන්න. මෙසේ සකසා ගත් කියුකම්බර් ටෝනර් එක තෙල් සහිත සමකට ඉතාමත් සුදුසුයි.

 

රෝස් වෝටර් ටෝනර්

සමට කරනු ලබන සත්කාරවලදී බහුල වශයෙන් යොදාගෙන තිබෙන්නේ රෝස් වෝටර් ටෝනර් එකයි. රෝස ටෝනර් සකසා ගැනීමට නම් රෝස මල් හෝ රෝස පෙතිවලට නටන වතුර යොදා වසා තබා පෙරා ගන්න.

එයට මීපැණි බිංදු දෙකක් පමණ දමා ශීතකරණයේ තබා භාවිතයට ගන්න. ළාබාල යුවතියන්ට මෙය ඉතාමත් සුදුසු ටෝනර් එකක්.

ග්‍රින් ටී ටෝනර්

එමෙන්ම ග්‍රින් ටී කුඩා පැකට් දෙකක් හෝ තුනක් උතුරන වතුර කෝප්පයකට දමා වසා තබා ඉන්පසු ශීතකරණයේ තබා පෙරා ටෝනර් එකක් ලෙස භාවිත කරන්නට ද පුළුවන්.

ටෝනර් ගල්වන ආකාරය විමසා බැලුවොත් ටෝනර් ගැල්වීමේදී එය සමේ ඇතිල්ලීමක් නොකළ යුතුයි. නිවැරැදි ක්‍රමය නම් ටෝනර් බඳුනට පුළුන් දමා එම පුළුන් තෙත මිරිකා මුහුණ තෙතමාත්තු කරන ආකාරයට ගැල්වීමය.

ටෝනර් කිරීමේදී සමට නැවුම් බවක් ප්‍රබෝධවත් බවක් ලබා දෙයි. මේක්අප් කිරීමට පෙර ටෝනර් ගැල්වීමෙන් සමේ පැහැදිලි පෙනුමක් ප්‍රබෝධවත් බවක් ගෙනදෙන නිසා මේක්අප් එකෙන් වැඩි ලස්සනක් මතුකර ගන්න පුළුවන්.

ටෝනර් භාවිත කිරීමේදී සම අනුව භාවිත කළ යුතු ද? සම අනුව සුදුසු වන ටෝනර් තෝරා ගත හැක්කේ මොන ආකාරයෙන්ද?

ටෝනර් වර්ග වශයෙන් ගතහොත් එය දෙආකාරයකට වර්ග කර දැක්විය හැකියි. මෙහිදී ඔයිල් ටෝනර් වශයෙන් දැක්වෙන වර්ගය සුදුසු වන්නේ වියළි සමකටයි. මෙහිදී බෝතලය සොලවා බැලූ විට පෙණ නැඟීමක් සිදු නොවෙයි. ඉන් දිස්වන්නේ තෙල් ස්වභාවයක්. වියළි සහ සාමාන්‍ය සමකට එය වඩාත් සුදුසුයි.

ඇල්කොහොලික් ටෝනර්

මෙය මධ්‍යසාර අඩංගු ටෝනර් එකක් වන අතර වඩාත් සුදුසු වන්නේ තෙල් සහිත සමකටයි. මෙමඟින් සමේ වියපත් ස්වභාවය මඟ හැරී සමට නැවුම් පෙනුමක් ලබා දෙයි. මෙය අපට පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. බෝතලය සෙල වූ විට එය පෙණ ගැන්වෙන ස්වභාවයක් දක්වයි. මෙහිදී සම අනුව ටෝනර් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. එසේ නොවුණහොත් ඉන් සමට අහිතකර බලපෑම් ගෙන දිය හැකියි. යම් හෙයකින් තෙල් සමක් සඳහා සැකසී ඇති ඇල්කොහොලික් ටෝනර් එකක් වියළි සමක් ඇති අයෙකු භාවිත කළහොත් වියළි සමේ තෙල් ගතිය ඉන් ඉවත් වී යාම නිසා සම වඩාත් වියළි භාවයට පත් වී සමෙහි රැලි ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්.

ටෝනර් වැනි දෙයක් වුව ද දැනුවත් බවකින් යුතුව භාවිත කිරීමට සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. රුව ලස්සන කර ගැනීමට උපකාරී වන තවත් ආලේපන ගැන ඉදිරි සතිවලදී දැනුවත් වෙමු.

 

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනිතා කොතලාවල

සැලෝන් Swini

275 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 14:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න