තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:21

මංගල සාරිය තේරීමේ දී අවධානයට ගතයුතු කරුණු විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක්නේ. ඉතින් ඒ දවසට ඔබ අඳීන පලඳින දේවල් අනුවත් දවස විශේෂ වෙනවා. ආවාට ගියාට මංගල ඇඳුම තෝරන්න බෑ. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදිහට තමයි මංගල ඇඳුම තෝරාගත් යුත්තේ. එහිදී යුවතියක් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

 

 

 

මිල

 

ඔක්කොටම කලින් ඕනෙම දෙයක් මිලදී ගන්න පෙර එම මුදල තමන්ට දැරිය හැකිද කියල හිතල බලන්න. මංගල සාරිය වුණත් එහෙමම තමයි. මංගල සාරිය මිලට ගැනීමට පෙර තමාට ඒ සඳහා වියදම් කළහැකි මුදල මුලින්ම තීරණය කළ යුතුයි. මනාලිය අනිවාර්යයෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා, මිලෙන් අධික සාරියක් තෝරා ගත යුතුයි පැලඳීය යුතුයි කියලා නියමයක් නෑ. මංගල සාරිය විවිධ මිල ගණන් යටතේ විවිධ වර්ගවලින් තිබෙනවා. ඔබේ කැමැත්තට අනුව ඔබට වියදම් කළ හැකි තත්ත්වයට ගැළපෙන මංගල සාරියක් තෝරාගන්න.

ක්‍රමය

ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයට ද පහතරට ක්‍රමයට ද යන්න මුලින්ම තීරණය කරගන්න. උඩරට ක්‍රමයයට ඔබ අඳීනවා නම් ඔබ ඔසරිය ඇඳීය යුතුයි. ඔබට ඔසරිය ඇඳීම තරමක් අපහසුයි වගේනම් කලින්ම ඔබේ ඔසරිය කපා මසාගන්න. ඔබ අඳීන්නේ පහතරට ක්‍රමයයට නම් සාරියක් අඳීන එක තමයි ක්‍රමය. සාරිය නම් ආවාට ගියාට තෝරාගන්න බෑ. සමහර සාරි තිබෙනවා අඳීන්න පුළුවන් වන්නේ ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරාගැනීමේදී ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

 

සිරුරේ හැඩය

 

ඔබ සාරියක් තෝරාගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැනත් හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල කර පෙන්වන සාරියක් නම් ගැළපෙන්නේ නෑ. පිම්බි ඇති සාරියක් නෙවෙයි ඔබට ගැළපෙන්නේ ඇඟටම ඇලී ඇති කඩා හැළෙන සාරියක්. ක්‍රේප්, සිල්ක් සාරි හෝ ළගින් ළඟින් මෝස්‌තර වැටී ඇති ලේස් සාරි වුවත් මහත සිරුරක් ඇති අයට ලස්සන පෙනුමක් ගෙන එනවා.

ඔබ කෙට්ටුයි නම් ඔබව තරමක් මහත් කර පෙන්වන සාරියක් තමයි ගැළපෙන්නේ. පල්ලුවේ බෝර්ඩරය උකුලේ පළල පෙනෙන ආකාරයට තිබුණහොත් සිරුරේ පළල වැඩිවෙලා තමයි දිස්වෙන්නේ. පල්ලුව පටුවට පෙනෙන පොටට සහ නෙරියට කුඩා බෝර්ඩරයක් තිබෙන සාරි තරමක් මහත අයට ගැළපෙනවා.

සිහින් සිරුරක් ඇති කෙනෙක්ට නම් සාරියේ රැලි තරමක් වැඩිපුර යෙදුවාම ලස්සනයි. රැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.

සිරුරේ වර්ණය

 

වර්ණය කියන්නේ නම් සාරියක් නෙවේ මොන ඇඳුම තෝරාගන්න ගියත් විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක්. සාරිය කොයිතරම් ලස්සන් වුණත් සාරියේ වර්ණය ඔබේ සිරුරට ගැළපෙන්නේ නැත්නම් ඔබව අවලස්සනට පෙනෙනවා මිසක් සාරිය ලස්සනට පෙනෙන්නේ නෑ. ඕනාවට වඩා දීප්තියෙන් වැඩි වර්ණයෙන් යුතු සාරි මගින් ඔබ දිහා බලන අයව අපහසුතාවයට පත්කරනවා වගේම ඔබට වඩා ඔබේ සාරිය උලුප්පවා දක්වනවා..

 

ආභරණ

 

සාරියේ පැහැය ගැන හිතද්දී පලඳීන ආභරණ ගැනත් හිතන්න ඕනේ. උඩරට මනාලිය නම් පලඳීන්නේ සාමාන්‍යයෙන් රන් ආභරණ නිසා මංගල සාරිය තේරීමේ දී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන ද්විත්වයම බෙහෙවින් දීප්තිමත් වීම සුදුසු නෑ. හැමදේම සමබරව ගළපගන්න උත්සාහ කරන්න. ඔබ තරමක් වර්ණයෙන් අඩුයි නම් ඔබේ පැහැයට වඩා ගොඩක් ළා පැහැයක් තෝරාගත්තොත් ඔබව අවලස්සනට තමයි පෙන්වන්නේ. ඒ වගේ වේලාවට ඔබේ සමේ පැහැයට ආසන්න දීප්තිමත් වර්ණයක් තමයි තෝරාගත යුත්තේ. සමහර වෙලාවට වර්ණ කිහිපයක් එකතු කරමින් ඔබටම නව වර්ණයක සාරියක් නිර්මාණය කරගන්නත් පුළුවන්. සමහර වෙලාවට විනිවිද පෙනෙන සාරියක් අරගෙන එහි යට පොටට වෙනත් වර්ණයක රෙදි තබා නව වර්ණයක් සකසා ගන්නත් පුළුවන්.

උදාහරණයක් විදියට ඕෆ් වයිට් සාරියක් යටින් බේජ් පාටත්, ක්‍රීම් පැහැති සාරියකට බිස්කට් පැහැති වර්ණයත් එක් කර ගැනීමෙන් තමන්ගේ සමට ගැළපෙන ආකාරයට සාරියේ පැහැය සකස් කරගත හැකියි.

අඳීන සාරිය අනුව ආභරණවල ගැළපිමක් ද තිබිය යුතුයි. රන් ආභරණ නම් ඔබ පලඳීන්නේ සාරිය රන් පාට වු විට ලස්සනයි. සම්පුර්ණයෙන්ම නොවුණත් සරියේ රන් වර්ණය අන්තර්ගත විය යුතුයි. සමහරු සාරිය රන් වර්ණයෙන් අරගෙන ආභරණ රිදී වර්ණයෙන් ගන්නවා, මෙයින් සිදුවන්නේ සාරියේ වගේම ආභරණවලත් කලඑළිය නැති වීමයි. රන් ආභරණවලට සුදු පැහැ සාරි ගැළපෙන්නෙ නෑ.

 

අන්තර්ජාලය ඇසුරිනි

291 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:22
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ලෙහෙන්ගා සාරියක් මසමු
අදහස් එක් කිරීමට ලොග් වෙන්න