තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:25

දුර්වර්ණ දෙතොල් පැහැපත් කරන අලුත්ම ක්‍රමය විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දිනම අලුත්වන දෙයක් බව අප බොහෝවිට පවසා තිබෙනවා. මෙන්න මේ නිසයි රූපලාවණ්‍යයට එක්වන නවතම විලාසිතා සහ නවතම ක්‍රම කෙරෙහි අවදියෙන් සිටීම ඉතාමත් වැදගත් වන්නේ.

 

අද අප කියන්නට යන්නේ නවතම ක්‍රමයක් ලෙස රුපලාවණ්‍ය ක්‍රම අතරට එක්වී තිබෙන ලිප් එම්බ්‍රොයිඩරි කලාව ගැනයි.

ලිප් එම්බ්‍රොයිඩර් ක්‍රමය වශයෙන් හැඳින්වෙන මෙම ක්‍රමය කුමක්ද?

අද යුවතියන් මෙන්ම කාන්තාවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන ගැටලුවක් ලෙස තොල් අවපැහැවීම නැත්නම් කළුවීමේ තත්ත්වය දක්නට පුළුවන්. සමහරුන්ගේ තොල් උපතින්ම කළුපැහැ වුවත් තවත් අයගේ දෙතොල් යම් යම් හේතුන් නිසා කළුපැහැ ගැන්වී තිබීම දැකිය හැකියි.

“හරියට සිගරට් බොන අයගේ වගේ තොල් කළුවෙලා ඇයි එහෙම වෙලා තියෙන්නේ?”

මෙම තත්ත්වය මානසික වදයක් වීම නිසා බොහෝ කාන්තාවන් එයට පිළියම් වශයෙන් නොයෙකුත් ප්‍රතිකර්ම එහෙමත් නැත්නම් විවිධ ආකාරයේ ආලේපන පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. නමුත් එවන් දේ නිසා බොහෝවිට සිදුවන්නේ තිබුණාටත් වඩා තොල්වල කළු පැහැය ඉස්මතු වීමයි. නමුත් අද ලෝකයේ මෙම තත්ත්වයට විසඳුමක් ලෙස යොදාගත හැකි අලුත්ම ක්‍රමයක් රුපලාවණ්‍ය ක්ෂේත්‍රයට එක්වී තිබෙනවා. මෙය හඳුන්වන්නේ ලිප් එම්බ්‍රොයිඩරි වශයෙන්.

මෙම ක්‍රමය දුර්වර්ණ වී අවපැහැවී ඇති තොල්වල එම ස්වභාවය ඉවත්කර තොල් රෝස පැහැති තොල් බවට පරිවර්තනය කරලීමේ සාර්ථක ක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙතොල ලස්සනට පිහිටා නැති යම් යම් අඩුපාඩු සහිත තොල් තිබෙන අය ද මේ අතර දක්නට ලැබෙනවා. සමහර අයගේ සම පැහැපත් වුවත් දෙතොල්වල සමාන වර්ණයක් නෑ. එසේ වූ විට ඉස්මතු වී පෙනෙන්නේ තම රුවලසන්නට අවලස්සන කරන පෙනුමක්.

තොල්වල එවන් අසමානතාවයක් ඇති ඇතැම් විට සමාන්තර ලෙස පිහිටා නැති දෙතොල් ක්‍රමවත්ව මුහුණේ හැඩතලයන්ට අනුව ස්වභාවික පෙනුමට ගැළපෙන සේ මෙම ලිප් එම්බ්‍රොයිඩරි ක්‍රමය මගින් ඉතාමත් සාර්ථක ලෙස සකසා ගන්නට පුළුවන්.

එමෙන්ම මේ මගින් කිසිදු අස්වාභාවික පෙනුමක් මතුවී පෙනෙන්නේ නෑ.

මෙය සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද?

ලිප් එම්බ්‍රොයිඩරි සඳහා විශේෂිත උපකරණයක් මේ සඳහා යොදා ගැනෙනවා. එම උපකරණය භාවිත කරනු ලබන්නේ ඉතාමත් ක්‍රමාණුකූලවයි. හොඳ සංයමයකින් යුතුව මෙම කාර්යය කිරීම අවශ්‍යවනවා. එමෙන්ම මෙම උපකරණය භාවිතකළ හැකිවන්නේ ඒ පිළිබඳව නිවැරැදි පුහුණුවක්, දැනුමක් ලත් අයෙකුට පමණයි. එසේ නොමැතිව මෙය ආවට ගියාට කළහැකි කාර්යයක් නොවෙයි.

ලංකාවේ අයගේ සමේ වර්ණයට අනුව වැඩිවශයෙන් ගැළපෙන්නේ රෝස පැහැති වර්ණයයි. එම නිසා බොහෝවිට මේ සඳහා යොදාගනු ලබන්නේ රෝස පැහැයයි. ඒ ආකාරයෙන් තොල්වල දුර්වර්ණය ඉවත්කර රෝස පැහැ ගැන්වීම කළපසු වසර හත අටක් පමණ යනතුරු එම ස්වභාවය නොවෙනස්ව තබාගන්නට පුළුවන්.

අපේ ලංකාවට මෙම ලිප් එම්බ්‍රොයිඩරි අලුත් දෙයක් වුවද බොහෝමයක් රටවල මෙය ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. දැනට මෙය සිදුකෙරෙන්නේ අපගේ රූපලාවණ්‍යාගාරය තුළ පමණයි. හේතුව මේ පිළිබඳව පුහුණුවක් දැනුමක් ලත් අය තවමත් අප ලංකාවේ අඩුවීමයි.

ඇත්ත වශයෙන්ම දැන් තොල් කළුවීම තවදුරටත් ගැටලුවක් කරගන්නට අවශ්‍ය නෑ. හේතුව එම තත්ත්වය යථා තත්ත්වයට පත්කළ හැකි අලුත්ම ක්‍රමයක් ලෙස ලිප් එම්බ්‍රොයිඩරි ක්‍රමය යොදාගත හැකි නිසයි.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ධනූෂි ප්‍රේමරත්න

Orang Plus Beauty Clinique

නුගේගොඩ

728 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න