තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:40

පරාජය වේ යැයි ඇති අසීමිත බියම පරාජයට හේතුවක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
බොහෝ දෙනා නිතරම පරාජයවීමට බලපාන්නා වූ කරුණු කාරණා 8 ක් දැන් ඔබ දන්නවා. අප ඒ පිළිබඳ පසුගිය කලාපයෙන් ඔබව දැනුවත් කළා. අදත් අපේ මේ සූදානම පරාජයට හේතුවන තවත් එවැනිම වූ කරණු 8 ක් ඔබ හමුවේ තැබීමටයි.

 

ලෝකයෙන් තමාට දෙයක් ලැබිය යුතු යැයි සිතීම

ඇත්තටම මෙය ගොඩක් අය කරන තවත් ලොකු වැරැද්දකි. සමහරු හිතන්නේ නිතරම අනිත් අය ඒ අයට උදව් කරන්න ඕනෙ කියලා. ඔවුන් හිතනවා ඔවුනට කවදාවත් සාර්ථක වෙන්න බැරිවෙලා තියෙන්නේ අනිත් අය උදව් කරන්නේ නැති නිසා කියලා. මේ අය මොන දේ කරන්න ගියත් අවට සිටින අය උදව් කරන්න ඕනෙ කියලා හිතනවා. ඒක ඔවුන්ගේ අවට සිටින අයටත් ඇත්තටම හිසරදයක්. මෙය ඇත්තටම සෘණාත්මක සිතිවිල්ලක්. මෙයත් නිතරම පරාජයවීමට බලපාන තවත් ප්‍රබල හේතුවක්. එබැවින් අප ලෝකයා අපට දෙයක් ලබා දෙන තුරු බලා නොසිට අපම සාර්ථකත්වයේ ගමන ආරම්භ කළ යුතුයි. ‘තමා හිසට තම අතමය සෙවණැල්ල’ කියලා අපේ මුතුන්මිත්තන් කියලා තියෙන්නේ නිකං නෙවේනේ.

පරාජය වේ යැයි ඇති අසීමිත බිය

ඇත්තටම අපි මේ දක්වා සාකච්ඡා කරන්නට යෙදුණු කරණු අතරින් වැදගත්ම කරුණ ලෙස මෙය දක්වන්න පුළුවන්. ඊට හේතු වන්නේ ගොඩක් අය තමන් සතු දක්ෂතා මොනවාද කියලා දන්නවා. ඒ වගේම ඒවා ඔප මට්ටම් කරගන්න ඕනේ කියලත් දන්නවා. ඒ නිසා තමන්ගේ දක්ෂතාවලින් ලෝකය ජයගන්න යම්කිසි දෙයක් ආරම්භ කරන්න ඕනේ කියලත් දන්නවා. ඒත් අවාසනාවක මහත කියන්නේ පරාජය වේ යැයි බියෙන් සාර්ථකත්වයේ පළමු පියවර වන ආරම්භ කිරීම නොකර සිටීමයි.

ඇත්තටම මේක හරිම ඛේදවාචකයක්. සමාජයේ ජීවත්වන බොහෝමයක් දෙනා මෙම ආරම්භක පියවර තැබීම ප්‍රමාද කරනවා. මන්ද, පරාජය වේ යැයි කියා ඔවුන් තුළ තිබෙන්නේ පුදුමාකාර බියක්. මීට කදිම උදාහරණයක් තමා ලෝක ප්‍රකට ඒතතඡචඡච.ජධථ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන ජැක් මා. ජැක් මා ට ඔහුගේ ජීවන චාරිකාවේදී අඛණ්ඩ ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණදීමට සිදු වෙනවා. ප්‍රාථමික පාසලේ අවසන් විභාගය දෙවරක් අසමත් වන ජැක් ද්විතීයික පාසලේ අවසන් විභාගය ද තෙවරක්ම අසමත් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය තෙවරක් අසමත් වන ඔහු ඩ්චපමචපඤ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා යොමු කළ අයදුම් පත්‍රය දස වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. තවද, විවිධ වූ රැකියාවන් 30 කට පමණ අයදුම් කළ මුත්, සියල්ලකින්ම පාහේ ඔහුව ප්‍රතික්ෂේප කරනු ලබනවා.

 එමෙන්ම සුප්‍රකට ම්ජ්ඛ් අවන්හල් ජාලය චීනය තුළ ආයෝජනය කිරීමට පැමිණි අවස්ථාවේ එහි රැකියාවන් සඳහා අයදුම්පත් යොමු කළ අපේක්ෂිතයන් 24 දෙනාගෙන් කෙනෙක් වන්නේ ජැක් මා යි. නමුත් ඉන් 23 දෙනෙක් ම්ජ්ඛ් ආයතනයේ සේවය සඳහා සුදුසුකම් ලබන අතර, ප්‍රතික්ෂේප වන එකම අයදුම්කරුවා වන්නේ ජැක් මාය. ඉන් අනතුරුව පොලිස් නිලධාරියෙක් වීමේ අටියෙන් ඔහු ඒ සඳහා අයදුම් කරනවා. එම තනතුර සඳහා ද එවර ජැක් මා ඇතුළු පස් දෙනෙක් අයදුම් කරනු ලබන අතර, ඉන් සිව් දෙනෙක්ම සුදුසුකම් ලබන අතර, ප්‍රතික්ෂේප වන එකම අයදුම්කරුවා වන්නේ ජැක් මා ය. එසේ අඛණ්ඩ පරාජයන්ට හා ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දුන් ජැක් මා අද වන විට චීනයේ ධනවත්ම පුද්ගලයා වන අතර, ලෝකයේම ධනවතුන් අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී සිටිනවා. ඔහු වරෙක මෙසේ ප්‍රකාශ කරනවා. ‘ඔබ අත් හරින්නේ නැතිනම් ඔබට තවමත් අවස්ථාවක් ඇත. අත්හැරීම යනු ලොව ඇති දරුණුතම පරාජයයි’

තම හැකියාවන් පිළිබඳ පැහැදිලි අදහසක් නොවීම

නම සඳහන් නොකළ එක්තරා ලේඛකයෙක් මෙසේ සඳහන් කරලා තියෙනවා. ‘වයලීනයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමට හැකියාවක් මා හට තිබෙන බව මා දැනගත්තේ වයස අවුරුදු 25 දීය. සාර්ථක ලෙස ලිපියක් ලිවීමට හැකියාවක් තිබෙන බව මට දැනගන්නට ලැබෙන විට මාගේ වයස අවුරුදු 49 ක් ඉක්ම ගොස්ය. ඉන් පෙර මේ කරුණ ගැන මාගේ අවධානය යොමු වූයේ පවා නැත. මෙවැනි හැකියාවන් මා තුළ තවත් කොතෙකුත් සැඟ වී තිබෙන්නට පුළුවන’. මින් පැහැදිලි වන්නේ මිනිසා යනු අපමණ වූ හැකියාවන්ගෙන් පිරිපුන් ජීවියකු බවයි. මෙසේ අප අසීමිත වූ හැකියාවන්ගෙන් සන්නද්ධ වුව ද ජීවිත කාලය තුළ දී අප සතු එම හැකියාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නේ කොතරම් සීමිත ප්‍රමාණයක් ද. තවද බහුතරයක් දෙනා තමන් තුළ තිබෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නවා තබා එබඳු වූ හැකියාවන් තමන් තුළ තිබෙන බවවත් නොදනී. එබැවින් තම හැකියාවන් පිළිබඳ පැහැදිලි අදහසක් නොවීම ද පරාජයට ප්‍රබල හේතුවකි.

කිසිවක් අහිමි වෙතැයි යන්න පිළිබඳ ඇති බිය

මෙය ද බොහෝ දෙනකුගේ පරාජයට හේතුවන කරුණකි. අද සමාජයේ ජීවත්වන බහුතරයක් දෙනා නිතරම තමන් සතු දෑ තමන්ට අහිමි වේ යැයි බියෙන් පසුවේ. අප සතු කුමන දේ අහිමි වුවද අප සතු හැකියාවන් කිසි දිනෙක අපට අහිමි වන්නේ නැත. මීට කදිම උදාහරණයක් තමා ලෝ ප්‍රකට ම්ජ්ඛ් අවන්හල් ජාලයේ නිර්මාතෘවරයා වන කර්නල් සෑන්ඩර්ස්. ඔහුට වරෙක ඔහු සතු ව්‍යාපාර, මුදල් ආදී සියලුම දෑ අහිමි වෙනවා. නමුත් ඔහු සතු වූ කෑම පිසීමට ඇති හැකියාව ඔහුට අහිමි වන්නේ නෑ. ඉතිං ඔහු සතු වූ එම හැකියාව ඔහුට නැවතත් සාර්ථකත්වයට පත්වීමට රුකුලක් වෙනවා. එබැවින් අප කිසිවක් අහිමි වෙතැයි බියෙන් පෙළීම අදම නැවැත්විය යුතුයි.

පමණට වඩා වෙහෙසීම

මෙයත් බොහෝ දෙනෙක් විසින් කරන වැරැද්දකි. සාර්ථකවීම සඳහා ආශ්චර්යමත් ක්‍රියාදාමයක් නොමැති බවත්, ඒ සඳහා කළ යුත්තේ තැනට සුදුසු ලෙස කටයුතු කරමින් වෙහෙසී වැඩ කිරීම බවත් අපගේ පසුගිය කලාපයකින් ඔබව දැනුවත් කරන්නට යෙදුණා මතක ඇති.

සාර්ථකවීම සඳහා වෙහෙසී වැඩ කිරීම අවශ්‍ය වුව ද වෙහෙසී වැඩ කිරීමෙන්ම පමණක් සාර්ථකත්වයට පත්විය නොහැකියි. උදාහරණයක් ලෙස කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙක් ගනිමු. ඔහු දවස තිස්සේම මහන්සි වී වැඩ කරන්නේ මාසේ අන්තිමට ලැබෙන පඩිපත දිහා බලාගෙන. නමුත් එම පඩිය සතියක් හෝ දෙකක් ජීවත්වීමටවත් ප්‍රමාණවත් නොවේ. ඉතිං ඔහු සිතනවා තවත් කීයක් හරි සොයා ගන්න අතිකාල සේවයේ යෙදෙන්න. මෙසේ ඔහු මාසය පුරාම දිවා රෑ නොබලා අධික ලෙස වෙහෙසී වැඩ කරනවා. ඔහුට ජීවිතයේ කිසිම නිදහසක් නෑ. පවුලේ උදවිය සමඟ නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් නෑ. නමුත් ඔහු නිර්මාණශීලීව හිතලා ඔහුගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා ස්වයං රැකියාවක් ආරම්භ කළා යැයි සිතමු. එවිට ඔහුට මාසේ අන්තිමට මාර්ග දෙකකින් ආදායම් ලැබේ. එබැවින් ඔහුට අනවශ්‍ය ලෙස වෙහෙසීමට අවශ්‍ය නොවේ.

ප්‍රශ්න ඇත්තේ තමාට පමණක් යැයි සිතීම

වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා නඟන මැසිවිල්ලක් තමා තමන් නිතරම ප්‍රශ්නවලින් පීඩා විඳින බව. ඒ නිසා කිසිම කාර්යයක් නිසි පරිදි සිදු කරගත නොහැකි බව. ඔවුන් සිතන්නේ ප්‍රශ්න ඇත්තේ තමන්ට පමණක් බවයි. එය වැරැදි අදහසකි. මේ ලෝකයේ ජීවත්වන සෑම කෙනකුටම විවිධ වූ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. ජීවත් වෙනවා කියන්නේ ද ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීමයි. ප්‍රශ්නවලට මුහුණදීමට අප ශක්තිමත් වීමට කරුණකි. වරායක නැංගුරම් ලා තිබෙන නැවක කිසිදු වටිනාකමක් නැත. කුණාටුවලට මුහුණ දෙමින් දියඹේ යාත්‍රා කරමින් ගමනාන්තය දක්වා ළඟවීමෙන් එහි වටිනාකම දෙගුණ තෙගුණ වේ.

අසමත් වීම යනු අත්හැර දැමීමට දෙන සංඥාවක් යැයි සිතීම

ගොඩක් අය අසාර්ථකත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙය ද දැක් විය හැක. සමාජයේ සිටින බහුතරයක් යමක් කිරීමට ආරම්භ කළ ද එක් වරක් අසමත් වූ සැණින් එය අත්හැර දැමීමට පුරුදුව සිටී. මන්ද ඔවුන් සිතන්නේ අසමත් වීම යනු අත්හැර දැමීමට දෙන සංඥාවක් බවයි. එය අප කරන ලොකු වැරැද්දකි. එසේ සිතුවා නම් තෝමස් අල්වා එඩිසන්ට කවදාවත් විදුලි බල්බය සොයා ගැනීමටවත්, රයිට් සහෝදරයන්ට ගුවන් යානය නිර්මාණය කිරීමටවත් ලැබෙන්නේ නැත.

ආත්මානුකම්පාව

මෙය අපගේ ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කරන අවසන් කරුණයි. තමන්ට කිසිවක් නොහැකි බවත්, තමන් දුප්පත් බවත්, තමන්ට කිසිදා සාර්ථකවීමට නොහැකි බවත් තමන් තමන් ගැනම පසුතැවිලි වීම හා තමන් තමන් ගැනම කලකිරීමට පත් වී අශුභවාදීව සිතීම ආත්මානුකම්පාව ලෙස දැක්විය හැකියි. මෙය ද බහුතර පුද්ගලයන්ගේ පරාජයට හේතුවකි.

ඉතිං ඔබ දැන් ඔබ ගැනම ස්වයං අධ්‍යයනයක් කරගන්න. ඉහත සඳහන් කළ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබ සතුව පවතීදැයි හොඳින් නිරීක්ෂණය කරන්න.

එසේ තිබේ නම් ඔබත් පරාජයේ මාවතට පිවිස ඇති බව නොඅනුමානය. එසේ නම් ඔබ විසින් කළ යුත්තේ කුමක්ද? හැකි ඉක්මනින් එම ගුණාංග ඔබේ ජීවිතයෙන් මුලිනුපුටා දැමීමට උත්සාහ දැරීමයි. ඔබට ජය නියතයි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

628 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න