තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:51

උණු ජලය කොණ්ඩෙට හොඳම නැහැ විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
ලස්සන කොණ්ඩයක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ආකර්ෂණය දිනාගැනීම තුළ දිගු වරලසකට හිමි වෙන්නේ ඉහළ ස්ථානයක්.

 

සමහර විට ඔබ කරන සමහර වැරැදි දේවල් නිසා ඔබ සතුව පවතින කෙස් කලඹට හානිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කෙස් කලඹට ඔබ කරන මේ වැරැදි අද ඉඳන් නවත්වන්න.

වැරැදි ෂැම්පු එකක් භාවිතය

 

සම වගේම කොණ්ඩය ගත්තමත් විවිධ වර්ග තියෙනවා. කැරැලි කොණ්ඩය, ස්ට්‍රේට් කොණ්ඩය, තෙල් සහිත කොණ්ඩය, වියළි කෙස් මේ වගේ හිසකෙස් එක එක වර්ගයෙන් දැකගන්නට පුළුවන්. එකම ෂැම්පු එක මේ හැම වර්ගයටම ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඔබේ කෙස්වල වර්ගය අනුව ෂැම්පු එකක් තෝරාගන්න. මෙහිදී සමහර ෂැම්පු නිසා හිස්හොරි ඇතිවෙන්නත් පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

 

හිස සේදීම

සමහරු හැමදාම ස්නානය කරත් සමහරු නම් ස්නානය කරන්නේ සතියටම එක සැරයයි. ඔන්න ඔබට තියෙන්නේ තෙල් සහිත කොණ්ඩයක් නම් හැමදාම නෑවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබේ කොණ්ඩය වියළියි නම් දිනපතා ස්නානය ඔබේ කොණ්ඩය තවත් වියළීමට ලක් කරයි. වියළි කොණ්ඩයක් නම් කන්ඩිෂනර් භාවිතය ඉතාමත් වැදගත්.

 

වැරැදි භාවිතය

 

ස්නානයට පෙර ඔබේ හිසකෙස් හොඳීන් පිරන්න. ඔබ හිසට ගල්වන ෂැම්පු ප්‍රමාණය තීරණය කළ යුත්තේ ඔබේ කොණ්ඩයේ ප්‍රමාණයට ගැළපෙන පරිදිය. එහිදී ඔබ සතුව තියෙන්නේ කෙටි කොණ්ඩයක් නම් ෂැම්පු විශාල ප්‍රමාණයක් ගැල්වීම ඔබේ හිස් කබලට වගේම හිස කෙස්වලටත් අහිතකරයි. සුදුසු ප්‍රමාණයෙන් ෂැම්පු ඔබේ අල්ලට අරගෙන පෙණ එනතුරු හොඳීන් අතුල්ලා හිසේ ගලවන්න. හොඳීන් හිස් කබල සම්බාහනය කොට හොඳීන් සෝදා හරින්න.

 

වතුරේ උෂ්ණත්වය

 

මේ දවසවල් ශීතලත් වැඩි නිසා සමහරු අධික උණු ජලයෙන් ස්නානය කරනවා ඇති. ඒත් ඔබ දන්නවා ද බව. උණු ජලය මඟින් ඔබේ හිසේ ස්වාභාවික තෙල් සෝදාහරින නිසා හිස වියළෙනවා. එවිට හිස්හොරි ඇතිවෙනවා. එම නිසා හැකි සෑමවිටම ඇල් ජලයෙන් ස්නානය කරන්න. එමඟින් ඔබේ හිසකෙස්වල ස්වාභාවික දිස්නය ආරක්ෂා වෙනවා.

තුවායක් මඟින් කොණ්ඩය වේළීම

 

ස්නානයෙන් පසුව හොඳීන් කොණ්ඩය පිසදමන්න. කිසිම විටක තුවාය හිස වටා ඔතා තබන්න එපා.

එය ඔබේ හිස් කෙස්වල මුලට හානි කරනවා. ඔබට ඉක්මනින් ඔබේ කොණ්ඩය වියළා ගැනීමට අවශ්‍ය නම් කපු රෙද්දක් ඒ සඳහා යොදාගන්න.

කොණ්ඩය තදින් පීරීම

 

සමහර විට වෙන වෙන තරහත් ඔබ ඔබේ කොණ්ඩයෙන් පිරිමසාගන්නවා වගේ කොණ්ඩය තදින් පීරනවා නම් එය වැරැදියි. එමගින් කෙස් ගස් ඕනෑවට වඩා ඇදීමට ලක් වෙන්න සහ කැඩිමට ලක් වෙන්න පුළුවන්. ස්නානයෙන් පසුව හිස හිසකෙස් වියළීමට පෙර හිස පිරන්න එපා. ස්නානයේදී හිස කෙස් පෙඟීමට ලක් වෙන නිසා පිරීමේදී හිස කෙස් කැඩී යන්නට පුළුවන්. හිස පිරිමේදී මුල සිට අගට නොව අග සිට මුලට කොටස් බෙදා ගෙන කොණ්ඩය පිරීමට වග බලාගන්න.

අන්තර්ජාලය ඇසුරිනි

762 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 13:26
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මට මේ සියල්ල . . . SUNAB »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න