තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:59

ෆේෂල් කිරීමේදී පැක් එකක් දමන්නේ ඇයි? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
ෆේෂල් සත්කාරයේදී එහි එක් පියවරක් හැටියට පැක් එකක් යොදන අයුරු ඔබ දැක ඇති. ඇත්තෙන්ම එවන් අවස්ථාවලදී පැක් එකක් යොදන්නේ ඇයි? පැක් එකක් යෙදීමේ පරමාර්ථය මොකක්ද?

 

පැක් යෙදීම තුළින් යමෙකුගේ සමෙහි පවතින අඩුපාඩු, සම ආශ්‍රිතව පවතින යම් යම් ගැටලු නිරාකරණය කර ගන්නට හැකියාව තිබෙනවා.

උදාහරණයක් වශයෙන් දැක්වුවොත් ඔබට තිබෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් එසේත් නැත්නම් ඔයිලි ස්කින් එකක් නම් ළප කැලැල් සහිත සමක් නම් හෝ වයසට වඩා වියපත් ස්වභාවයක් දක්වන සමක් නම් එවන් දේ නිවැරැදි කරගන්නට පුළුවන්.

මෙහිදී මුහුණේ පහත් වී, ලිහිල් වී ඇති මාංශපේශීන් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට, කුරුලෑ සමක් සුවපත් කරලීම සඳහා පැක් එකක්, මාස්ක් එකක් යෙදිය හැකියි.

ඇස් යටට හොඳ නැහැ

පැක් එකක් යෙදීමේදී ඔබ දැනුවත් විය යුතු දේ තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලීම වැදගත්.

පැක් එකක් යොදන විට ඇස් යට දැමීමෙන් වැළකිය යුතුයි.

ඇස් යටට යොදන විශේෂිත පැක් වර්ග පමණයි ඒ සඳහා භාවිත කළ හැකි වන්නේ.

ඇස් යට කළු වීම, රැලි වැටීම, දුර්වර්ණ වීම පැක් එකක් මඟින් නිවැරැදි කර ගන්නට පුළුවන්. (මිල්ක් ප්‍රෝටීන් පැක්)

පැක් එකක් දැමීමේදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමය කුමක් ද?

මුලින්ම මුහුණ හොඳින් පිරිසුදු කර ඉන්පසුව සම අනුව තෝරාගත් පැක් එක ඇස් වටා හැර මුහුණ සහ බෙල්ලේ තවරන්න. පැක් එක යෙදූ පසු උඩු අතට වැතිරී සිටිය යුතුයි. සාමාන්‍යයෙන් පැක් එක දමා සිටිය යුතු කාලය විනාඩි 10 - 20 දක්වා වන අතර උපරිම වශයෙන් විනාඩි 30 ක් පමණ වන තෙක් තැබිය යුතුයි. ඉන්පසුව තෙත මිරිකූ පුළුන්වලින් හෝ පිරිසුදු රෙදි කඩකින් හෝ ඒ සඳහාම විශේෂිත වූ ස්පොන්ජ් එකකින් සෝදා ඉවත් කර ගන්නට පුළුවන්.

ඔබ ගෙදරදී සත්කාරයක් ලෙස මුහුණට පැක් එකක් යොදනවා නම් . . . .

සමහරු මෙහිදී කරනු ලබන වැරැද්දක් නම් පැක් එක තවරා ඉන්පසු ගෙදර වැඩ කටයුතුවල නිරතවීමයි.

නැවත එය ඉවත් කරනු ලබන්නේ නියමිත කාල වේලාවත් ඉක්ම ගිය පසුවයි. එය නොකළ යුතුම දෙයක්.

එසේ කිරීමෙන් ඉන් අත්වන නියම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ඉන් අනිසි ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන්. මේ නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්.

පැක් වර්ග

විශේෂයෙන් ෆේෂල් සත්කාරයන්හිදී යොදාගනු ලබන පැක් වර්ග මොනවාද?

මඩි පැක් - මෙය සාමාන්‍යයෙන් යොදනු ලබන්නේ පහත් වූ මාංශ පේශීන් යථා තත්ත්වයට පත්කරලන්නටයි.

ෆෘට් පැක් - සමේ පැල්ලම් ඉවත් කරලීම සඳහා මෙම පැක් එක යොදා ගැනෙයි.

ක්ලෝ පැක් -කුරුලෑ සමකට කරනු ලබන සත්කාරයේදී බොහෝ විට යොදා ගනු ලබන්නේ ක්ලෝ පැක් එකයි.

මිල්ක් ප්‍රෝටීන් පැක් - ඇස් යට රැලි වී දුර්වර්ණ වී තිබෙන විට එම තත්ත්වය ඉවත් කිරීම සඳහා මෙම පැක් එක යොදා ගැනෙයි.

මේ හැරෙන්නට සම පෝෂණය කරන්නට සහ මුහුණ සුදු කරන සම පැහැපත් කරන පැක් වර්ග ද තිබෙයි. දුර්වර්ණ වූ සමක් යථා තත්ත්වයට පත් කරලීමට පිකාසෝ වැනි පැක් වර්ග භාවිත කෙරෙයි.

මෙහිදී අවශ්‍යතාව අනුව අදාළ පැක් වර්ග යොදන්නට පුළුවන්.

සමහර පැක් වර්ග සතියකට වරක් යෙදිය හැකි අතර කුරුලෑ පැල්ලම් - පිග්මන් ටේෂන් සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදන්නේ නම් දිනපතා යෙදීමට සිදුවන අවස්ථාවන් ද තිබෙයි.

නිවෙසේදීම සකසා ගත හැකි පැක් වර්ග

ගෙදරදීම තමන්ටම සකසා ගත හැකි පැක් වර්ග කීපයකි මේ.

ඔබට තිබෙන්නේ වියළි සමක් නම් බිත්තර සුදුමදය ගෙන එයට ආමන්ඩ් කුඩුකර මිශ්‍ර කරගත් පැක් එක ගල්වන්න.

 

එමඟින් සමේ වියලි ගතිය නැති වී සමේ පැහැපත් බව ද ඇති කරවයි.

කැරට් පැක් සමට පෝෂණය ගෙන දෙයි.

සංවේදී සමට වඩාත් සුදුසුයි. ඒ සඳහා කැරට් ගෙඩියක් ගෙන තම්බා පොඩිකර එයට මිපැණි තේ හැන්දක් කලවම්කර ආලේප කරන්න.

සමට සිසිලස ගෙන දෙමින් සමේ පැහැපත් බව රැකදෙන පැක් එකක් වන්නේ පිපිඤ්ඤා පැක් එකයි.

මෙම පැක් එක සඳහා සූරාගත් පිපිඤ්ඤා මේස හැඳි දෙකක් ගෙන එය උණුවතුරට දමාගෙන එයට මීපැණි තේ හැඳි භාගයක් සහ කිරි මේස හැඳි එකක් කලවම් කරගන්න.

මුහුණේ මාංශ පේශීන් ලිහිල් වී සම පහත් වී ඇත්නම් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට ෆේස් ලිෆ්ට් එකක් ලෙස භාවිත කළ හැකි පැක් එකක් මේ.

බිත්තර සුදුමදය ගෙන එය දෙකට බෙදා ඉන් එක් කොටසක් මුහුණේ තවරා හොඳින් පිරිමදින්න. මඳ රස්නය වතුරෙන් සෝදා හරින්න.

ඉන්පසු ඉතුරු බිත්තර සුදුමද භාගය ගෙන මුහුණේ ආලේප කර විනාඩි 10 ක් පමණ වේලෙන්නට හැර ඉන්පසු සෝදා හරින්න.

වියළි සමක වියළි බව ඉවත් කරලන පැක් එකක් ලෙස කෝමාරිකාවල මදය ගෙන එයට ඔලිව් ඔයිල් තේ හැඳි කාලක් මිශ්‍රකර ගත් පැක් එක සඳහන් කළ හැකියි.

සමට දීප්තිමත් පෙනුමක් ගෙන දෙන ග්ලෝ පැක් එකක් ලෙස මෙය සකසා ගන්නට පුළුවන්. එනම් ආමන්ඩ් ඇට ටිකක් ගෙන කුඩුකර එයට මීපැණි තේ හැඳි කාලක් සහ කිරි තේ හැඳි එකක් දමා මිශ්‍රකර මුහුණේ තවරන්න.

මෙය සම සුදු කරන අතරම සමට පෝෂණය ද ලබා දෙයි.

මෙම පැක් වර්ග භාවිතයේදී ඉහත සඳහන් කළ උපදෙස් පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් බව සැලකිය යුතුයි.

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනිතා කොතලාවල

සැලෝන් Swini

903 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 13:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න