තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 13:05

ගැබිනි මාතාවන්ගේ ඇඳුම් විලාසිතා විශේෂාංග

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(0 මනාප)
වයසට තත්ත්වයට හා අවස්ථාවන්ට මෙන්ම ශරීර ස්වභාවයට ගැළපෙන පරිදි ඇඳුම් ඇදීම එක් අතකින් අවශ්‍යතාවක් සේම තවත් පැත්තකින් කලාවකි.

 

වයස අවුරුදු විස්සක යුවතියකට සුදුසු ඇඳුමක් වයෝවෘද්ධ කාන්තාවක් ඇඳ සිටිනු දැකීම හාස්‍යයට හේතු විය හැක. උපහාසයක් විනා එවන් විටෙක වැඩිහිටියන්ට උචිත ගෞරවයක් සමාජයෙන් ඇයට හිමි වේද යන්නත් සැක සහිතය.

අප ඉහත සරල උදාහරණය ගෙන ආවේ කෙනෙකු නොගැළපෙන ඇඳුම් ඇඳීම නුසුදුසු බව පෙන්වීම සඳහාය. කොතෙක් විලාසිතා කලින් කලට අප නෙත් ඉදිරියට පැමිණිය ද ශරීරයට හා අවස්ථාවට තත්ත්වයට ගැළපෙන විලාසිතා පමණක් තෝරා ගැනීමට ඔබ අප බුද්ධිමත් විය යුතුය.

මෑතක සිට ගැබිනියන් සඳහා ද විවිධ මාදිලියේ ඇඳුම් මෝස්තර ලොවට එක් වී ඇත. ඒ අතර ගර්භණීබවට අභිමානයක් නොව අවමානයක් ගෙන ආ හැකි ඇඳුම් ද ඇති බව මා මෙන්ම ඔබ ද දැක ඇති බව ස්ථිරය. ඇතැම් ඇඳුම්වලින් ගැබට සේම කළලයට ද අපහසුතා ඇතිවන බව ද පෙනී යයි.

ගර්භණී බව යනු ගැහැනියකට හිමි වන ගෞරවනීය හා පූජනීය තත්ත්වයකි. ඒ ගෞරවනීය බව ගැබිනියකට ඔබින ඇඳුම්වලින්ම රැකේ යැයි අපි නොපවසමු. නමුදු දුහුල් විසල් කකුල් සහිත Elephant Pants , දණහිසටත් අඟල් කීපයක් උඩින් කොටට මැසූ Meternity Frocks සිහින් උරහිස් පටි සහිත ගැබිනියන්ට මැසූ ඇඳුම් ළය, ඉණ, කුස තද වන බුරුල් නැති, එසේම අඟ පසඟ පෙනෙන විවර සහ පැලුම් සහිත Maternity Wear  සේම ගර්භණියන් අඳින කොට කලිසම් ද අද ගැබිනි මව්වරු භාවිතා කරති. විශේෂයෙන්ම දරුවන් ලැබීමට ඉන්නා කතුන් උදෙසා ඇති පෞද්ගලික රෝහල්වල පවත්වන සායන වලට එන ගැබිනියන්ගෙන් 90% ඉහත ඇඳුම් අඳිති. රජයේ රෝහල්වලට ගැබිනියන් සඳහා ඇති සායනවලට එන ගැබිනි ස්ත්‍රීන් සේම සාමාන්‍ය සමාජයේ හැසිරෙන ගැබිනියන් ද ගත්කල බොහෝ අය ඒවා අඳිති. ගැබිනියකට ගැළපෙන තරමක් හෝ දිගු බුරුල් ඇඳුම් අඳින දරු ගැබ් දරා සිටින කතුන් දකින විට ඇතිවන පහන් සිතුවිලි ඇතැම් විට අප ඉහත කී සංකර maternity Wear   වලින් සැරසුන අය දුටු විට ඇති නොවේ. එවන් අයව මග තොටේදී, පොදු වාහන, පොදු ස්ථාන සහ විවිධ තැන්වලදී උසුළු විසුළුවලට, ගර්හාවට ලක්වන අයුරු පවා අනන්තවත් දැක ඇත. වෙළෙඳ පොළේ අලෙවියට තිබු පමණින්ම, බොහෝ අය ඒවා ඇඳි පමණින්ම මේ විලාසිතා වැලඳ ගැනුම ගැබිනි ළඳකට උචිත නැත. වෛද්‍ය වෘත්තියට හෙද වෘත්තියට යොමු වූ අය සේම බුද්ධිමත් ගැහැනු පිරිමි දෙපක්ෂයම ගැබට හානිකරන, ගැබිනියන්ගේ සුව පහසුවට හානි කරන ගැබිනිබවේ පූජනීයත්වයට හානිකරන ඉහත කී ගර්භණී ඇඳුම් විලාසිතා අනුමත නොකරති.

අද මව්වරු පියවරු වීමට සිටින අයව දැනුවත් කරන විවිධ සම්මන්ත්‍රණ, සායන, සැසි සෞඛ්‍ය සේවා මඟින් රජයෙන් සේම පෞද්ගලික අංශයෙන් ද පවත්වයි.

ඒවායේ දීවත් ගැබිනියන්ට උචිත ඇඳුම් ගැනත්, හිසකේ වර්ණා ගැන්වීම්, ර්චඬඥ භන කිරීම් මව් පදවිය ලබන අය කිරීමේදී එය කළලයට බලපාන අයුරු ගැනත් දැනුවත් කරයි නම් මැනවි, මන්ද හෙට උපදින දරුවන්ට අපහසුතාවයක් ඇතිවීම ගැබිනියන්ට අපහසුවක් අපහාසයක් වීම කාන්තා අපට සංවේගයක් ගෙන එන බැවිනි.

907 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 13:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න