තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:10

හානි වූ හිස කෙස් නීරෝගිමත් කරන හොට් ඔයිල් ට්‍රීට්මන්ට් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
කාන්තාවන් වැඩි දෙනෙක් හිසකෙස් විලාසිතාවන්ට අනුව තමන්ගේ කොණ්ඩය සකසා ගන්නට දක්වන්නේ වැඩි කැමැත්තක්. බොහෝවිට ඔවුන් මේ ආකාරයෙන් හිසකෙස් විලාසිතාවන් අනුගමනය කළත් එම රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකෙරෙන විලාසිතාවන්ගෙන් පසුව තම හිසකෙස්වලට කුමන ආකාරයේ බලපෑමක් සිදුවේද යන්න ගැන වැඩිදෙනෙක් සිතන්නේ නෑ.

 

උදා:- රිබොන්ඩින්, පර්මින්, කලරින් වැනි විලාසිතාවන්. මෙම විලාසිතාවන් නිසා අනිවාර්යයෙන්ම හිසකෙස්වලට හානියක් සිදුවනවා.

එම නිසා මෙවන් හිසකෙස් විලාසිතාවක් කිරීමට කලින් ඒ පිළිබඳව සේවාදායකයාව දැනුවත් කිරීම වඩාත් වැදගත්. හේතුව එවිට ඔවුන් එම විලාසිතාවන් ගෙන් පසුව තම හිසකෙස්වල නිරෝගිමත් බව පවත්වා ගන්නට අවශ්‍ය සත්කාර සිදුකරන නිසයි.

හිසකෙස් විලාසිතාවන් කිරීමෙන් පසු අප කෙස් කලඹ ආරක්ෂාකර ගත යුත්තේ කොහොමද?

මේ සඳහා රූපලාවණ්‍යාගාරවල සත්කාරමය වශයෙන් සිදුවෙන එක් එක් ක්‍රම තිබෙනවා. හෙයා ස්පා, කන්ඩිෂනර් සත්කාර, ඩීප් කන්ඩිෂනර් සත්කාරය. මේ අතර හොට් ඔයිල් ට්‍රීට්මන්ට් විශේෂයි.

හිසකෙස් හරිම මලානිකයි. කිසිම පෙනුමක් නෑ. හිසකෙස් කැඩිලා යනවා. තුනී වෙනවා. මෙන්න මේ වගේ ගැටලු නිසා පසුතැවෙන අයට මෙය ඉතාම වැදගත් සත්කාරයක්.

 

මෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද?

ගසකට පෝෂණය අවශ්‍යයි. සත්කාර අවශ්‍යයි. එවන් සැලකිල්ලක් නොමැති වූ විට ගස මැරී යනවා. අපේ කෙස්ගස ද ඒ හා සමානයි. අපගේ හිසකෙස්වලට අනිවාර්යයෙන්ම පෝෂණය අවශ්‍යයි. නමුත් බාහිරව ලබාදෙන සත්කාර සමඟම අභ්‍යන්තර වශයෙන් හිසකෙස් සඳහා පෝෂණය ලබාදීම ඉතා වැදගත්.

හෙඩ් මසාජ් ඔයිල් ට්‍රීට්මන්ට් එකකින් හිසකෙස් උද්දීපනය කරන අවස්ථාවේදී හොඳින් රුධිර ගමනාගමනය ක්‍රියාත්මක වීම නිසා හිසකෙස් නිරෝගිමත්ව වර්ධනය වන බවක් අප දැන සිටියත් ගලාඑන රුධිරය තුළ පෝෂණය තිබෙනවාද නැද්ද යන්න ගැන අප දන්නේ නෑ.

මේ නිසා අප හිසකෙස්වලට සත්කාර සිදුකරන විට අභ්‍යන්තර පෝෂණය ද ලබාදිය යුතුමයි. එවිට හිසකෙස් තුළ නිරෝගිමත් බව වඩාත් හොඳින් පවත්වා ගන්නට අපට හැකියාව ලැබෙනවා.

මෙම හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එක සිදුකරන්නේ මොන ආකාරයෙන්ද?

මෙය අප හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් වශයෙන් හැඳින්වුවද මෙය ඔයිල් එකක් නොවෙයි. එය කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් ලෙස හඳුන්වන එක්තරා ක්‍රීම් වර්ගයක්. සාමාන්‍යයෙන් හිසට තෙල් දැමීමට අකැමැති අයට මෙම හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එක වඩාත් විශේෂයි.

මෙය හිසකෙස්වලට කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් ආකාරයට ආලේප කරන්න පුළුවන්. හිසකෙස් පිරිසුදු කරගත් පසු මෙය ආලේප කර ඇඟිලි තුඩුවලින් හොඳින් සම්බාහනය කළ යුතුයි.

මෙම හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එකෙහි හිසකෙස්වලට අවශ්‍ය විටමින් වර්ග අඩංගු වී තිබීම වඩාත් විශේෂයි.

ඉහත කී ආකාරයෙන් මෙම ආලේපනය තවරා සම්බාහනය කළ පසු මෙය හිසකෙස්වලට හොඳින් උරා ගැන්මට සැලැස්විය යුතුයි.

මෙහිදී හිස ආවරණය කර හුඩ් ස්ටීමර් එකකින් අවශ්‍ය උෂ්ණත්වය ලබාදී විනාඩි පහළොවකට පමණ පසුව එය ඉවත්කර හිසකෙස්වලට ඉන් ලැබුණ රස්නය මුදා හැරීමක් සිදුකළ යුතුයි.

මෙවන් සත්කාරයක් සිදුකළ විට කිසි විටෙකත් රස්නය තිබියදි හිසකෙස් සේදීම හෝ ස්නානය කිරීම සිදු කිරීම නොකළ යුතුයි. එසේ හිසකෙස් මද වේලාවක් තිබෙන්නට හැර හිසකෙස් සෝදා හැරීම කළ හැකියි. ඉන්පසු අවශ්‍ය ආකාරයට හිසකෙස් වියළා ගන්න.

මේ අයුරින් නිසි පරිදි හිසකෙස්වලට අවශ්‍ය සත්කාර ලබාදීමෙන් කෙස් ගස ප්‍රාණවත්ව නිරෝගිමත්ව වර්ධනය වන අතරම හිසකෙස්වලට නිරෝගිමත් බවක් ද ගෙන දෙනවා. අඩුම තරමින් සතියකට වරක්වත් මෙම ප්‍රතිකර්මය ලබාදෙන්නේ නම් හිසකෙස් නිරෝගිමත්ව තබාගන්නට එය වඩාත් ඉවහල් වේවි.

මෙහිදී ඔබ අවධාරණය කළ යුතු විශේෂ දෙයක් නම් හිසකෙස් විලාසිතාවට පමණක් මුල් තැනක් දී එහි නිරෝගිමත් පැවැත්මට අවශ්‍ය පෝෂණය හා සත්කාර පිළිබඳව නොතකා සිටීම නොසලකා හැරීම නොකළ යුතු බවයි. එසේ වුවහොත් ඔබට හිසකෙස්වලට ඇතිවන හානිකර බලපෑම් වළක්වා ගන්නට නොහැකිවේවි.

උපදෙස් - ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී

සප්නා කාදර්

  

ඡායා - ශාන් රඹුක්වැල්ල

559 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න