තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 දෙසැම්බර් 18, සඳුදා 16:32

කොණ්ඩෙ වැවෙන මැජික් එකක් විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
හිස කෙස් සම්බන්ධ කුමන සත්කාරය කළත් ඒ හැම දෙයක්ම ඉතාම සැලකිල්ලෙන් කරන්න ඕනේ. ඒ ඇයි කියලා දන්නවනේ? අපි මේ ගනුදෙනු කරන්නේ අපේ ඔළුවත් එක්ක.

 

හිස් කබලෙන් වටවෙලා තිබෙන ඔළු කුහරය ඇතුළේ තියෙන්නේ වටිනාම මිනිස් ඉන්ද්‍රිය, ඒ තමයි මොළය. අපි හිසත් සමඟ කරන ගනුදෙනුවල දී වඩාත් පරෙස්සම් වියයුතු ඒ නිසයි.

සාමාන්‍යයෙන් මාසයක දී කෙස් ගසක් වැඩෙන්නේ සෙන්ටිමීටර් 1ක් හෝ 2 ක් වගේ ප‍‍්‍රමාණයක් කියලා මේ වෙද්දී හඳුනගෙන තියෙනවා. ඇතැම්විට මේ තත්ත්වය ජානමය බලපෑම් මත වෙනස් වෙන්න පුළුවන්. ඉක්මනින් හිසකෙස් වර්ධනය නොවීම බොහෝ තරුණියන්ට මානසික පීඩනයක්. ඒ නිසා අපි හිසකෙස් වේගයෙන් වර්ධනය කරගැනීමට ඉතාම පහසු පියවර කිහිපයක් ඔබට ගෙන එනවා.

හිසකෙස් ක‍‍්‍රමවත්ව කපන්න

 

බොහෝ දෙනෙක් හිසකෙස් කැපීමට බියක් සහ අකැමැත්තක් දක්වනවා. ඒ නැවත හිසකෙස් වැවීමට කල්ගත වේ කියන විශ්වාසය නිසා.

නමුත් හිසකෙස් වර්ධනය බාලවීමට ප‍‍්‍රධානම හේතුව වන්නෙත් හිසකෙස් නොකැපීම සහ හිසකෙස් කැපීම අක‍‍්‍රමවත් වීම. කෙස් ගසේ අග පළුදුවී ඇතිවිට අප තේරුම් ගතයුතු වැදගත්ම දේ නම් හිසකෙස් අඟලක් හෝ කීපයක් කපා ඉවත් කළ යුතු බව.

ගසක් වුණත් ලස්සනට වැඩෙන්නේ කාලෙන් කාලෙට අතු කප්පාදු කළාම.

ස්වාභාවික තෙල් සාත්තුව

 

හිසකෙස්වල නිරෝගී භාවය රැඳී තිබෙන්නේ අපි ඊට ලබාදෙන සත්කාරයේ ප‍‍්‍රමාණයට. කෙස් ගසේ මුලට සහ හිස්කබලට ලබාදෙන සම්බාහනයෙන් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳීන් සිදුවෙනවා. මේ නිසා තෙල් සාත්තුව කෙස් ගසේ වර්ධනයට ඉතාම වැදගත්. හිසේ ගැල්වීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ආයුර්වේද තෛලයක්. පොල්තෙල් වුවද මේ සඳහා යෝග්‍යයි. මුලින්ම මෙම තෙල් මඳක් රත් කිරීමෙන් පසු හිස ගැල්වීම කළ යුතුයි. තෙල් ගල්වා මිනිත්තු 30ක් පමණ ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීමෙන් වැඩි ප‍‍්‍රතිඵල උදාකරගත හැකියි.

උදේ ආහාරයට විටමින් එකතු කරගන්න

 

නිරෝගී දිවියකට උදෑසන ආහාරවේල ඉතාම වැදගත්. විශේෂයෙන්ම උදේ ආහාර වේලට විටමින්, කැල්සියම් බහුල ආහාර වර්ග එකතුකරගැනීම අත්‍යවශ්‍යයි. ස්වාභාවික එළවළු පලතුරුවලින් අපිට අවශ්‍ය සියලුම වර්ගයේ පෝෂ්‍ය පදාර්ථ සිරුරට එකතුවෙනවා.

හිසකෙස් වර්ධනය ශාරීරික ක‍‍්‍රියාවක්. ශරීරයේ සමතුලිත බව ආරක්ෂාවන තරමට කෙස් ගසේ වර්ධනය වේගවත් වෙනවා.

ප‍‍්‍රතිකාර සඳහා රත්වූ සහ රළු උපාංග එපා

 

බොහෝවිට කේශාලංකාර සත්කාරවල දී කෙස් ගසේ පැහැය, හැඩය වෙනස් කිරීමට විවිධ උපකරණ භාවිත කරනවා. මේ උපකරණවලින් කෙස්ගසට හානි සිදුවෙනවා. හානි වූ හිසකෙස්වල වැඩීමත් ඉබේම වගේ බාලවෙනවා. ඒ නිසා එවැනි සත්කාර ලබාගතයුතු නැහැ.

අනෙක් අතට වැඩි රස්නය හිසකෙස්වලට ඔරොත්තු දෙන්නනේ නැහැ. රස්නය අධික වතුරෙන් ස්නානය කිරීම හෝ උපකරණ ආශ‍‍්‍රයෙන් රත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

දිනපතා ඇල් වතුර නාන්න

 

දහදිය, දූවිලි වැදීමෙන් කෙස්ගසේ වර්ධනය බාල වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම හිස සේදීම වැදගත්. මෙහිදී වඩාත්ම හිතකර වන්නේ ඇල් ජලයෙන් හිස සෙදීමයි. හිස සේදීමේදීත් ප‍‍්‍රමිතියෙන් ඉහළ සහ ගැළපෙන ෂැම්පූ වර්ගයක් භාවිතයට ගත යුතුයි. කන්ඩිෂනර් කිරීමත් නිරෝගී කෙස් කලඹකට අවශ්‍යයි.

සිනිදු කොට්ටයක් හිසට තියන්න

 

නින්දේදීත් අපේ හිසකෙස් වර්ධනය වෙනවා. අපි හිසට තබන කොට්ටය වඩාත් මෘදු එකක් විය යුතුයි. ඒ වගේම කොට්ට උරය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සඳහා දහදිය හොඳීන් උරාගන්නා කපු රෙද්දක් සුදුසුයි. කපු පුළුංවලින් තැනූ කොට්ටයක් හිස තැබීමට වඩාත් යෝග්‍යයි.

හිසේ ගල්වන විවිධ නිෂ්පාදන

 

හිසකෙස් සඳහා විවිධ මුහුණුවරින් යුත් නිෂ්පාදන වෙළෙඳපොළේ තියෙනවා. මේවා පරිහරණයෙදී වඩාත් පරෙස්සම් විය යුතුයි. හැකිනම් එවැනි කෘත්‍රිම රූපාලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වන එක ඇඟගට ගුණයි. මෙවැනි අමතර අලේපන නිසා කෙස් ගසේ ශෛල වර්ධනය අඩාල වීමට පුළුවන්.

මෙන්න මේ පියවර 7 අනුගමනය කළොත් කෙස් ගස් ඉක්මනින් වැවෙන මැජික් එක දැනගන්න පුළුවන්.

 

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

911 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 18, සඳුදා 16:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න