තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 පෙබරවාරි 19, සඳුදා 14:57

ස්වාභාවිකව පැහැපත් සමක් ඇතිකර ගන්නේ කෙසේද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
 අපේ යුවතියන් සම පැහැපත් කර ගැනීම සඳහා විශාල කැමැත්තක් දක්වනවා. මේ සදහා ඔවුන් නොකරන දෙයක් නෑ. හැබැයි අද කාලේ යුවතියන් නම් කෘත්‍රීම රූපලාවණ්‍ය ආලේපන වශයෙන් වැඩිපුර භාවිත කරන්න පෙලඹිලා තියෙනවා.

 

මේ නිසා බොහෝ රසායනික නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඒවායින් සමහරක් ඔබේ සෞඛ්‍යයට අහිතකරයි. නමුත් ක්‍රීම් වර්ග විතරක් නෙවෙයි වෙනත් හානිදායක ඉන්ජෙක්ෂන් පවා ඕනෙම ගාණක් දීල භාවිත කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. උපතින් ඔබ ලද සමේ පැහැපත් බව ආරක්ෂා කිරීමට නම් හොඳ පුරුදු කීපයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ මොනවද බලමු.

 හිරු එළිය

 ඔබේ සම දුර්වර්ණ කිරීමේ ප්‍රධානම නියෝජිතයා වෙන්නේ හිරු එළිය. විශේෂයෙන්ම අවුරුද්දේ මාස 12ම තද හිරු එළියක් වැටෙන ඝර්ම කලාපීය රටක ජීවත්වෙන අපිට මේ ප්‍රශ්නය තදින්ම බලපානවා. හිරු එළියේ තිබෙන පාරජම්බුල කිරණ ඔබේ සම අව පැහැ ගන්වනවා. එම නිසා ඔබ සමේ වර්ණය ගැන සැලකිලිමත් වෙනවා නම් පුරුද්දක් ලෙසම දහවල් තද ඉර එළිය මඟහරින්න ඕනේ. මේ සඳහා සුදුසු ආලේපන වර්ගත් වෙළෙඳපොළේ තිබෙනවා.

ඒ වගේම මූණ වැහෙන තොප්පියක් ඔබේ විලාසිතාවලට එකතුකර ගැනීමත් වැදගත්. අපේ වගේ හිරු එළිය වැඩි රටක අනිවාර්යයෙන්ම තොප්පියක් පැලඳීම කළ යුතුයි. ලස්සන තොප්පි ඕන තරම් වෙළෙඳපොළේ තිබෙනවා.

 සතියට දෙවතාවක් මැරුණ සම ඉවත් කිරීම

 ඔබට ගෙදරදීම මේ දේ සිදු කරන්න පුළුවන්. ලොකු වියදමකුත් නෑ. සිරුරට අහිතකරත් නෑ. ඔබ සාමාන්‍ය පිරිසුදු කරන වෙලාවටම සම හොඳීන් ක්ලේන්සර් කිරීම. සීනි ස්වල්පයක් ඔබේ ෆේස් වොෂ් එකට මිශ්‍ර කරන්න. සීනි ප්‍රමාණයෙන් කුඩා විය යුතුයි. ලොකු කැට මුහුණට සුදුසු නැහැ. එයින් මුහුණේ මෘදු සම සීරෙන්න පුළුවන්. ඉන්පසු රවුමට උඩු අතට හොඳීන් සීනි සහ ෆේස් වොෂ් ආලේපය ගාමින් මදක් සම්බාහනය කරන්න. පිරිසුදු වතුරෙන් විනාඩි තුනකට පස්සේ මුහුණ සෝදා ටෝනර් එකක් අලේප කරන්න.

ඉන්පසු හොඳ ස්වාභාවික පැක් එකක් දාන්නත් පුලුවන්.

තෙල් සහිත සමකට නම්

 කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳී එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ්‍ර කරගන්න.

 වියළි සමකට නම්

 කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩුකර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ්‍රකර ගන්න.

සාමාන්‍ය සමකට නම්

 කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප්‍රමාණයන් ගෙන එළකිරි, මී පැණි, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ්‍රණය සාදා ගන්න.

සම පැහැපත් කරන ස්වාභාවික සත්කාර

 එවැනි තවත් ස්වාභාවික සත්කාර කීපයක් මෙලෙස දක්වන්න පුළුවන්. අවට පරිසරයෙන් වියදමක් නැතුව කරන්න පුළුවන් මේ සත්කාර සෞඛ්‍යය ආරක්ෂිතයි. අහිතකර ප්‍රතිඵල නැහැ.

ලෙමන් වතුරෙන් සේදීම

 ලෙමන් යුෂ කියන්නේ හොඳම පැහැපත් කාරකයක්. මොකද එහි තිබෙන චතනඩච-ඩරඤපධයර චජඪඤඵ (ඒඩ්ඒ) කියන සංඝටකය කියන්නේ මැරුණ සම ඉවත් කිරීමට නියම සත්කාරයක්. ලෙමන් සත්කාරයෙන් සෑහෙන්න පැහැපත් සමක් උරුම කරගන්න ඔබට පුළුවන්.

පළමුව ලෙමන් පළුවක් කෝප්පයකට මිරිකන්න. එයට සමාන ප්‍රමාණයක් පිරිසුදු වතුර එක්කරන්න. තනිකර ලෙමන් යුෂ භාවිත කරන්න එපා. එය ඔබේ සම අසීරුතාවයට පත් කරාවි.

ඉන් පසු පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ඔබ සතුටු නම් මුළු ශරීරයේම හොඳීන් තවරන්න. විනාඩි 20 ක් පමණ වේළෙන්න තියන්න, ඉන් පසු මඳ උණු ජලයෙන් සෝදා හරින්න.

ලෙමන් වතුර ඔබේ සම සංවේදී බවට පත් කරන නිසා මේ සත්කාරය කරලා අවුවේ යන්න එපා. ඒ වගේම ලෙමන් යුෂ මඟින් සම වියළි බවට පමුණුවන්න පුළුවන්. සත්කාරය අවසන් වූ පසු සමේ තෙතමනය රකින ථධඪඵබභපඪලඥප ක්‍රීම් එකක් ආලේප කරන්න.

මේ සත්කාරය සතියට තුන් වතාවට වඩා කරන්න එපා.

කෝමාරිකා සත්කාරය

 අපේ රටේ පහසුවෙන්ම හැදෙන මේ දිව්‍ය ඖෂධය තුළ සමේ සුන්දරත්වය රකින වටිනා සංඝටක රාශියක් අඩංගුයි. මේ මගින් හිරු එළියට පිලිස්සුන සම ඉතා වේගෙන් යථා තත්ත්වයට පත් කරනවා. ඒ වගේම සමේ ඉහළ ස්ථරය ඉවත් කිරීමටත් සමත්.

කෝමාරිකා සෑම රූපලාවණ්‍ය නිෂ්පාදනයකම පාහේ අඩංගු බව කියවුණත් ඔබ ස්වාභාවික කෝමාරිකාම යොදා ගන්න. කොළයක් අරගෙන සියලුම මාංශය සූරා පොඩිකර සම මත ආලේප කරන්න. වේළීගෙන එන විට පොඩි කසන ගතියක් ඇති වේවි. නමුත් විනාඩි 20 ක් පමණ තබා සෝදා දමන්න පුළුවන්. වෙලාව වැඩි වෙන තරමට ඔබේ සමට හොඳයි. රැයක් එළි වෙන තුරු තිබ්බත් වඩා හොඳයි. එමගින් සමේ තෙතමනය, දීප්තිය වැඩි කරනවා.

ඔබේ සම උපතින් ගෙනෙන පැහැය කියන්නේ ඔබට ඉතාම ගැළපෙන පැහැයයි. එය අවලස්සන වෙන්නේ පාටින් නෙවෙයි. ඔබ එයට සත්කාර නොකර හිටියොත් එහි ඇති නීරෝගී බව දුරු වෙනවා. ඉර අවුවට පිලිස්සුන සමක් ඕනෙම කෙනෙක්ට අවලස්සනක් එක් කරනවා. එම නිසා ඉර අවුවට පිලිස්සීම වළක්වා , මැරුණ සම හොඳීන් අයින් කරගෙන , සමට අවශ්‍ය පෝෂණය ලබා දීමෙන් පැහැපත් බව ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම වැදගත් දේ එක රැයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ. කැපී පෙනෙන වෙනසක් දකින්න නම් නොකඩවා මාස දෙකක්වත් මේ දේවල් පිළිපැදිය යුතුමයි.

 නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සඳහා සුදුසු ආහාර වර්ග කිහිපයක්

 කොළ පැහැති එළවළු

නිවිති සහ ගෝවා වැනි කොළ පැහැති එළවළු සහ පලා වර්ගයන් නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් බීටාකැරොටීන් ශරීරයට ලබාගෙන විටමින් ඒ බවට පත්කර ගන්නට පුළුවන්. සමෙහි සෛල නැවත වර්ධනය සඳහා අවශ්‍ය වන ඛනිජවලින් සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලත් මෙවන් ආහාරවල සුලබ වන නිසා කොළ පැහැති එළවළු වර්ග නිතර ආහාරයට ගැනීම මගින් සම නිසි ලෙස පැහැපත් කර ගන්නට පුළුවන්.

 ලෙමන්

පැඟිරි කුලයේ පලතුරු අක්මාවේ සෞඛ්‍යය වර්ධනය සඳහා සුවදායක වනවා. උදෑසනම ලෙමන් යුෂ සහිත ජලය වීදුරුවක් පානය කර දවස ආරම්භ කිරීමෙන් අක්මාවේ තැන්පත් විෂ ඉවත්කර සමස්ත ශරීරයම පිරිසුදු කර ගන්නට පුළුවන්. රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස ලෙමන් ගෙඩියේ රේණු යට පිහිටි සුදු පැහැති මෘදු කොටස ගෙන ඔබ පානය කරන ස්මුතියක් සමඟ එක්කර පානය කරන්න. ඒමගින් රුධිර නාලිකා සවිමත් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සම පැහැපත් වීම සිදු වනවා.

 අලිගැටපේර

සෞඛ්‍යයට හිතකර මේදයෙන් ද, ධතඥඪජ අම්ලයෙන් ද අලිගැටපේර පොහොසත් වනවා. සමෙහි ඇතිවන කුරුලෑ ඇතුළුව විවිධ තත්ත්වයන් නිසා ඇතිවන වේදනාවන් සමනය කර ගැනීම සඳහා ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන අලිගැටපේර ආහාරයට ගන්නට පුළුවන්.

කහ

අධික ප්‍රතිඔක්සිකාරක බලයන්ගෙන් යුක්ත කුළු බඩුවක් වන කහ සමෙහි දැවිල්ල වැනි වේදනාවන් සමනය කිරීමට උපකාරී වෙනවා. අකලට සම රැලිවැටීම, සම රත් පැහැ වීම සහ කුරුලෑ ඇතිවීම වැනි විවිධ ගැටලු සඳහා ඔබේ සමේ ස්වභාවය කුමක් වුවත් කහ භාවිත කරන්නට පුළුවන්.

පලතුරු වර්ග, පලා වර්ග ආදියත් සුදුසුයි.

 උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

 චිත්‍රා චාන්දනී වික්‍රමාරච්චි

1556 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 19, සඳුදා 15:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න