තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මාර්තු 06, අඟහරුවාදා 12:20

දන්නා කුළුබඩු වල නොදන්නා බෙහෙත් ගුණ විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
තුනපහ සහ දුරු මිරිස් නැතිව ආහාර පිසීමක් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තුළ සිදුනොවේ. එය මේ රටවල ගෘහණියන් අතර දැකිය හැකි පාරම්පරික පුරුද්දක් තරමට සුලබ වූවකි. එහෙත් තමන් මෙසේ ආහාරයට එක්කරන්නේ තමන්ගේ සහ තම පවුලේ සෞඛ්‍යයට හා ලෙඩ රෝග මර්දනයට හේතුකාරක වන ඉතා වැදගත් පියවරක් බව ඔවුන් අතරින් වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

 

මේ පිළිබඳ අදහස් දක්වන එක් ඉන්දීය ආහාර විශේෂඥයෙක් කියා සිටියේ තෙල්, බටර්, ලුණු හා සීනි එක්කරමින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදය රෝග ආදියට අතවනනු වෙනුවට මෙසේ කුළුබඩ එක්කරමින් අපගේ කාන්තාවන් ප්‍රතිශක්තිය වර්ධනයට හා සෞඛ්‍යය සුරැකීමට දායක වන බවය.

විද්‍යාත්මක පර්යේෂණ මඟින් මෑතදී හෙළිකර ඇති තොරතුරු අනුව අප සුලබව භාවතකරන කුළුබඩු කිහිපයකින් ලැබෙන සෞඛ්‍යය වාසි හා ඵලප්‍රයෝජන සමහරක් මෙසේය.

කොත්තමල්ලි

 

සිලන්ට්‍රාවෝ නම් කුඩා පැළෑටියේ ඇටවලින් කොත්තමල්ලි සැපයෙයි. කොත්තමල්ලි සතුව ප්‍රතිප්‍රදාහමය, ප්‍රතිජීවක, ප්‍රතිඅසාත්මික මෙන්ම ප්‍රති-ඔක්සිකාරක ගුණ ද පවතියි. උණ, හෙම්බිරිස්සාව, කැස්ස ආදී තත්ත්වයන්ට අප කොත්තමල්ලි තම්බා පානය කළවිට ගුණ දැනෙන්නේ ඇයිද යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. කොත්තමල්ලි සතුව ආහාර ජීර්ණයට උදවු කිරීමේ හැකියාව, කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව ද පවතියි. කොත්තමල්ලි තුªළ ඇති කාර්වෝන්, පේරන්ලෝල්, පෙලිනලූල් නම් ප්‍රතිපෝෂක බහුලත්වය මෙන්ම කුසර්සිමින්, කෙම්පනරෝල් සහ අපි‍්‍රජෙනින් නම් ෆ්ලේමනොයිඩ රසායනික ද මෙම යන ගුණයට අයත් වන බව පෙනේ.

ඉඟුරු

 

ඉඟුරු තේ පානය දැන් විලාසිතාවක් තරමට ප්‍රචලිතව ඇත. උණට ඉඟුරු කොත්තමල්ලි තරම් සාර්ථක ප්‍රතකර්මයක් නැති බව ඇයිද අත්දැකීමෙන් දනිමු.

ඉඟුරු ඉතා ප්‍රබල වූ ප්‍රතිප්‍රදාහක ගුණ සහිත වූවකි. ගමන් අසනීපයට මෙන්ම පර්වදාහ (ආර්තරයිටීස්) ප්‍රදාහයට ද ඉඟුරු භාවිතය සුදුසුය. ප්‍රතශක්ති පද්ධතිය වර්ධනයට මෙන්ම ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ද එය සමත්ය.

මහාන්ත්‍ර, ගුද මාර්ග හා ඩිම්බ කෝෂ පිළිකා වැළැක්වීමට ද යම් දායකත්වයක් ලබාදීමට ඉඟුරු සමත් බව පළවෙයි.

ඉඟුරු සතු මෙම ප්‍රතිප්‍රදාහමය ගුණයට හේතුව ඒ තුළ ඇති “ජින්ජර්රෝල්” නම් ඇඟ උණුසුම් කිරීමට සමත් රසායනිකයය. උගුර බැරැණ්ඩිය හා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට ඉඟුරු කැබැල්ලක් හැපීම සහනය සලසයි. ඉඟුරු ආහාර ජීර්ණයට ද අතදෙයි. කෙසේ වෙතත් රුධිර මේදය අඩුකිරීමට හා දියවැඩියාව පාලනයට ගන්නා සමහර ඖෂධ ක්‍රියාකාරීත්වය සහ හරස්වීමට ඉඟුරු සතු හැකියාව නිසා එවැනි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා විට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් ය.

කරාබුනැටි

 

දත් කැක්කුමක්, උගුරේ සෙම හිරවීමෙන්, කතා කිරීමට අපහසු වූවිට කරාබුනැට්ටක් සැපීමට අතීතයේ සිටම හුරුව ඇත්තෙමු. හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවූ විට කරාබුනැටි කිහිපයක් තම්බා ඉන් නැගෙන දුම් ආඝ්‍රාණයද සහනය සලසයි. සෙම කැඩී නොයන වියළි කැස්ස සුවපත් කිරීමට ද සමත් කඨෝත්කාරක ගුණය ඒ සතුය. උගුරේ හිරවී ඇති සෙම කඩා ඉවත් කිරීමට කරාබුනැටි සමත්ය.

කුරුඳු

 

ශ්‍රී ලංකාව කුරුඳුවල නිජබිමය. එසේම අප රට මෙම කුළුබඩු විශේෂය සඳහා ලෝක ප්‍රසිද්ධය. “සිනමෝමම් සිලනිකම්” යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කුරුඳුවල “සිනම්ල්ඩිනයි” නම් ප්‍රකාශ් රසායනිකය අඩංගුය. වෛරස හා සටන් වැදීමට, රුධිරගත සීනි ප්‍රමාණය අඩුකිරීමට, කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට මෙන්ම ස්නායු අකර්මණ්‍යවීම වැළැක්වීමට ද එයට හැකියාව ඇත.

ප්‍රතිශක්තිය නංවාලමින්, ආසාදන ඇති කිරීමට සිරුරේ පරිවෘත්තීය යා යහමඟ ගැන්වීමට මෙන්ම ඇල්ෂයිමත් රෝගය මතුවීමට හරස්වීමටද සමත් කුරුඳු ශරීරයේ උණුසුම් කිරීමට හා සීතල දවස්වලදී සම වෙත රුධිරය හා පෝෂක ප්‍රවාහනයට ද දායක වෙයි.

ගම්මිරිස්

 

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ආහාර පිසීමේ දී භාවිත කරන ගම්මිරිස් ලොව පුරා අනර්ඝත්වයෙන් පිළිගැනෙන කුළුබඩු විශේෂයකි. කැලරි (ශක්තිය) අඩු එහෙත් කේ විටමිනය හා මැංගනීස්, කැල්සියම්, යකඩ යන ඛනිජ මෙන්ම ආහාරමය තන්තු ද ඒ තුළ සෑහෙන තරමින් අඩංගුය.

ගම්මිරිස් ආහාර රසයට ලබාදෙන තල්ලුව ගැන අප දන්නා බැවින් එහි සෞඛ්‍යමය ගුණ පිළිබඳ කතා කරමු.

ගම්මිරිස් (පෙපර්) තුළ අඩංගු පයිපරීන් නම් රසායනික සංයෝගය සෞඛ්‍යය ප්‍රතිඵල රැසකට මුල්වෙයි. එය සෙම්ප්‍රතිශ්‍යාව සම කැස්සට සහනය සලසයි. පියයුරු පිළිකා වැළැක්මේ ගුණයක් ද සහිතය.

වයසට යාම වැළැක්වීමට, විෂ නැසීමට, දහඩිය සහ මුත්‍ර පිටවීම නංවාලීමට (එමඟින් ශරීරය තුළ ඇති විෂ හා ධූලක ද්‍රව්‍ය ඉවත් කිරීමට) ගම්මිරිස් සමත් ය.

ගම්මිරිස් සතු අනෙක් ප්‍රධානම හැකියා අතර ආර්තරයිටීස් (පර්මප්‍රදාහය) සහ ඇදුම නිසා ඇතිවන ප්‍රදාහ මැඩීම, ප්‍රතිශක්ති පද්ධතිය හා අස්ථි ශක්තිමත් කිරීමට සමත් ගම්මිරිස් බඩ පුරවා දැමීම ද අඩුකරයි. ඒ සතු ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් රම්ලය ස්‍රාවය කිරීම වේගවත් කිරීමට ඇති සමත්කම හේතුකොට ආහාර දිරවීම පහසු කරයි. දත්කැක්කුම මෙන්ම දත් දිරායාම වැළැක්වීමට ගම්මිරිස් දායකත්වය හිමිවෙයි.

ගම්මිරිස් සතුව ප්‍රතිජීවක, ප්‍රතිප්‍රදාහක සහ ප්‍රති ඔක්සිකාරක ගුණ පැවතීම එහි ඇති සෞඛ්‍යයමය ප්‍රබලත්වයට හේතුවෙයි.

සූදුරු

 

වෛද්‍ය පර්යේෂකයන්ගේ මතය අනුව නම් සූදුරු සතුව රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව, පිළිකා තත්ත්ව ගණනාවකට හරස්වීමට මෙන්ම ආහාර ජීර්ණයට උදවු කිරීමට හැකියාව ඇත. සූදුරු සතුව ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රති ප්‍රදාහමය ගුණ හිමි ප්‍රකාශ් රසායනිකය වන තයිමේ ලෙයිකෝන් පවතියි. එසේම ගුද මාර්ගයේ ඇතිවෙන රෝග තත්ත්වයන් සමනයට ද සූදුරු සමත්ය.

කහ

කහ තුළ කර්මින් නම් ප්‍රකාශ් රසායනිකය අඩංගුය. එහි ප්‍රති ප්‍රදාහයට, ප්‍රති පිළිකාමය සහ ප්‍රති ඔක්සිකාරක ගුණයට හේතුවන්නේ මෙම රසායනික බවට විශ්වාස කෙරේ.

එසේම බැක්ටීරියා වෛරස හා පරපෝෂිත රෝගකාරකයන්ට එරෙහිවෙමින් ප්‍රතිශක්තිය වර්ධනයට කහ සමත්ය. කහ සතුව යම් විෂබීජ නාශක ගුණයක් ද පවතියි.

උළුහාල්

 

සෞඛ්‍යයට හිතකර කුළුබඩු අතර උළුහාල් සතුවන්නේ ඉතා ඉභළ පිළිගැනීමකි. ඒ සතු උදර සමන හා ප්‍රතිශ්ලේ්ෂ්ම මෙන්ම ප්‍රති ප්‍රදාහමය, ප්‍රති ක්ෂුද්‍රජීවී. ප්‍රති පිළිකාමය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ද මුත්‍රකාරකයක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවද නිසා උළුහාල් සෞඛ්‍යයමය කුළුබඩුවක් ලෙස සැලකෙයි.

විටමින් සී, පොටෑසියම්, මැන්ගනීස්, යකඩ, ෆෝලික් අම්ලය මෙන්ම තන්තු ද උළුහාල් තුළින් ලද හැකිය. වාෂ්පශීලී තෙල් මෙන්ම ප්‍රකාශ් රසායනික ද උළුහාල් තුළ බහුලය.

විශේෂයෙන්ම උදරයේ ඇතිවන වේදනා පාචනය, උත්කෝපිත මහාන්ත්‍ර සහලක්ෂණය ආහාර දිරවීමේ ගැටලු, බඩ පිපුම, බඩවේලීම ආදී උදරගත රෝග තත්ත්වයන්ට සහනය සැලසීමට උළුහාල් සමත්ය.

උළුහාල් සතුව කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව, හෘදරෝග අඩුකිරීමට ද එහි අඩංගු පොටෑසියම් අධික රුධිර පීඩනය පාලනයට ද, කාන්තාවන්ගේ ආර්තව ගැටලු ලිහිල් කිරීමට ද උදවු සලසයි.

උළුහාල් තුළ ඉහළ අගයකින් පවතින ග්ලෙවනොයිඩ ඇල්කොලොයිඩ සහ පීනෝල් ගණයේ රසායනික

පිළිකාමය අර්බුද ඇතුළු සියලු අර්බුද පාලනයට සමත්යයි පැවසෙයි. මේ අතර ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනයට සමේ පටක අලුත් වැඩියාවට මෙන්ම මුක්ත අංශුවලින් රුධිර නාළවලට ඇතිවන බලපෑම වැළැක්වීමට ද උළුහාල් සමත් ය.

1180 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න