තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අප්‍රේල් 09, සඳුදා 15:30

හෙළ සිරිතට සාම්ප්‍රදායික නිලමේ ඇඳුම් සපයන විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
උඩරට මුල් ඇඳුම හෙවත් නිලමේ ඇඳුම හෙළ සංස්කෘතියේ ස්වාභිමානී සාඩම්බරය ඔපවත් කරන අභිමානනීය ඇඳුමකි. එය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයයි.   ලෝකයා අභිමුවට කැන්දූ මෙකී ඇඳුම වර්තමානයේ බොහෝ ප්‍රචලිතයි.

 

සැබැවින්ම මෙවන් ඓතිහාසික හා දේශීය උරුමය කැටි කරගත් මුල් ඇඳුමෙන් හෙවත් නිලමේ ඇඳුමෙන් සැරසෙන්නට ශ්‍රී ලාංකිකයාට අවස්ථාව උදාවන්නේ නම් එය පූර්ව වාසනා මහිමයකි. භාග්‍ය සම්පත්තියකි. එමෙන්ම ගාම්භීර මොහොතකි.

උඩරට මුල් ඇඳුම හෙළ සංස්කෘතියේ එන පරිදිම නිර්මාණය කරන ප්‍රතිභා සම්පන්න දෑතක් අපට හමුවිය.

ඔහු නමින් ධම්මික ශාන්ත කුමාරතුංගයි.

මේ ඔහු තම වෘත්තීය ගැන පැවසූ අදහස් ය.

 

“පුරාතනයේ සිට පැවත එන පරිදි මෙම ඇඳුම දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ දරණ ඇඳුමට නෑකම් කියන බැව් ප්‍රචලිතයි. මේ ඇඳුම ආවාට ගියාට නිර්මාණය කරන්න බැහැ. මේ රැකියාව මට පාරම්පරිකව උරුම වූවක්. මම දැන් මේ කටයුතු කරන්නේ වසර ගණනාවක සිටයි. මා යටතේ සේවක, සේවිකාවෝ 15 ක් ඉන්නවා. අපි වසරක් පාසාම පිරිත් කියා ආශිර්වාද ලබාගන්නවා. නිලමේ ඇඳුම් නිර්මාණය කරන්නේ දවස් 7 ක් පේවෙලා ඉඳලයි.

තොප්පිය, හැට්ටය, බඳ පටිය, පසු පටිය, ( විල්ලුද පසු පටිය) සුදු තුප්පොට්ටිය, රතු තුප්පොට්ටිය, සෝමනය, විල්ලුද කවනිය, කලිසම, මාලය, මල්ගස, පිහිය, මුද්ද, අත් වළල්ල, කඩුව, සපත්තු දෙක අංග සම්පූර්ණ සාම්ප්‍රදායික නිලමේ ඇඳුම් කට්ටලයයි. මේවා නිසියාකාරව යොදවා අපි නිලමේ ඇඳුම නිර්මාණය කරනු ලබනවා.

මීට වසර ගණනාවකට පෙර හිටපු දියවඩන නිලමේවරු, මාලිගාවේ ගජනායක නිලමේවරු, පෙරමුල රාළ යන අයට නිලමේ ඇඳුම සැපයීමේ වාසනාව ද අපට ලැබුණා.”

මෙම නිලමේ ඇඳුම් සැපයීමේ ආයතනය “හෙළසිරි නිලමේ ඇඳුම්, 373/ඒ, කොළඹ පාර, පිළිමතලාව” යන ස්ථානයේ විරාජමාන වේ.

එසේම මෙහි ශාඛා පිළිමතලාව, කැලණිය, නුගේගොඩ, රාජගිරිය නගර මධ්‍යයේ ද ස්ථාපිත කර ඇත.

ඉතිං ඔබත් ඔබේ විවාහ මංගල්‍යය දා මෙවන් බලසම්පන්න තේජාන්විත නිලමේ ඇඳුමින් සැරසෙන්නට සිහින දකින කුමරෙක් විය හැකියි. ඔබට ඔහුගේ ළෙංගතු සේවාව නොපමාව ලබාගත හැකියි.

 

  සම්බන්ධීකරණය

ගාමිණී චන්ද්‍රසේන

879 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 09, සඳුදා 15:33
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ලග්නයට ගැළපෙන පාට
අදහස් එක් කිරීමට ලොග් වෙන්න