එසේ වන්නේ කාන්තාවකගේ රූපයට එදා සිට අද දක්වාම පවතින වැදගත් බව නිසයි. එහෙත් අද කාන්තාවන් ක්ෂණිකව රූමත් වීමට යාමෙන් නැති ලෙඩ රෝග හා අවලස්සනවීම් ඇතිකර ගනී.
අතීතයේ කාන්තාවන් රුව රැක ගැනීම සඳහා භාවිත කළ රහස් සොයා ඒවා සිදු කිරීම අපිට වඩාත් වැදගත් වේ.
ඒ අනුව කේරළයේ කාන්තාවන් සිදු කළ තෙල් නෑම හෙවත් තෛල අභ්‍යංගය ගැන අද අපි දැනුවත් වෙමු.
රූපයේ ප්‍රධාන තැන අයත් වන්නේ සමටයි.
ඡවි කල්‍යාණය මඟින් කෙනකුගේ බාහිර ස්වරූපය, සුන්දරත්වය රඳා පවතී. එමෙන්ම පුද්ගලයකුගේ නිරෝගී බව රෝගී බව පිළිබඳ ප්‍රථම ඉඟිය ලබා දෙන්නේ ද සමෙනි. එහෙත් බොහෝ විට වැඩි වශයෙන් රුවට බාධා ගෙන දෙන ගැටලු ඇත් වන්නේද සමේ ය.
තෙල් නෑම,
සමේ ඇති වන රෝගී තත්ත්වයන් ලෙස, සම අව පැහැ ගැන්වීම, වයසට වඩා සමේ රැලි ඇති වීම, සමේ වියළි බව, සම ගොරෝසු වීම, ළප කැළැල් ඇති වීම, අලුහම් වැනි දිලීර ආසාදන, සමේ තෙතමනය නැති විට කොරළ ඇති වීම වැනි ගැටලු දැක්විය හැකිය. මින් සමේ ඇති වන වියළි බව නිසා සමේ රැලි ඇතිවීමෙන් වයසට වඩා වයස්ගත පෙනුමක් ලබා දේ. මේ නිසා මෙයට හොඳම විසඳුමක් ලෙස තෙල් නෑම, තෛල අභ්‍යංගය කේරළයේ භාවිත කරන විශේෂ ප්‍රතිකර්මයකි.
මෙම තෙල් නෑමේ ප්රතිකර්මය සඳහා තෙල් වැඩියෙන් අවශ්‍ය වන නිසා මෙය තරමක් වියදම් සහිත ප්රතිර්මයකි.
මෙය කේරළයේ වෛද්‍යවරුන් හඳුන්වන්නේ pizhichil ලෙසය.
මහානාරායන තෙල්, ක්ෂීරබලා තෙල්, සිද්ධාර්ථ තෙල් වැනි ඖෂධීය වටිනාකමකින් යුත් யතෙල් වර්ග තෙල් නෑම සඳහා බහුලව භාවිත කරයි.
තෙල් නෑමේදී ඉහත සඳහන් තෙල් වර්ග මඳක් රත්කර (ස්ටීම්කර) ගෙල සිට දෙපතුළ දක්වා එකම ආකාරයකට එක දිගට වත් කිරීම මඟින් මෙම සත්කාරය කළ හැකිය.
මෙය අඩු තරමින් දින තුනක්වත් සිදු කළ යුතුය. ඉන්පසුව මෙම තෙල් ශරීරයට හොඳින් උරා ගත්තාට පසුව පැය හතරක්වත් සිට මඳ උණුසුම් ජලයෙන් සේදිය යුතුය.
මෙම ප්රතිකර්මය වැසි සහිත දිනවල, ශීත දිනවල හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති අවස්ථාවල නොකළ යුතුය.
මෙම ප්රතිකර්මය මඟින් සම පැහැපත් වී තරුණ බව ආරක්ෂා වන අතර සිරුර පෘෂ්ටිමත් වේ. ස්නායුගත රෝග තත්ත්වයන් පාලනය කිරීමටත් මෙය ඉතා හොඳ ප්‍රතිකාර ක්රමයකි.
තෛල අභ්‍යංගය
තවද තෙල් නෑම මෙන්ම තෙල් ගැල්වීම ද ඉන්දියානු තරුණ පිරිස වැඩි වශයෙන් නිතර භාවිත කරන ක්රමවේදයකි.
මෙය තෛල අභ්‍යංගය ලෙසින් හැඳින්වෙන්නේ සිරුර පුරා තෙල් ආලේපකර ක්‍රමානුකූලව සෙමෙන් පිරිමැදීමයි.
මේ සඳහා යොදා ගන්නේ ඖෂධීය තෙල් වර්ගය.
විශේෂයෙන් ම ඔලිව් තෙල්, තල තෙල්, අබ තෙල්, කුංකුමාදී තෙල් වැනි තෙල් වර්ග මේ සඳහා භාවිත කරයි.
මෙම ක්‍රමය මඟින් සමෙහි වියළි බව දුරු වීමත්, සම පැහැපත් වීමත්, නිරෝගී බව රැකීමත් සිදු වන්නේ සම්බාහනය මඟින් රුධිර සංසරණය හොඳින් සිදු වන බැවිනි. මෙය සුන්දරව තම රුව රැක ගැනීමට මහත් උපකාරයක් කරගත හැකි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය.
මෙම ප්රතිකර්මය දිනපතා නැතත් අවම වශයෙන් සතියකට දෙතුන්වරක් කිරීමෙන් සම නිරෝගී වීමටත්, තුරුණු බව ආරක්ෂා වීමටත් හේතුවක් වේ.
මෙහිදී තෙල් ආලේපකර උඩු අතට හොඳින් මෘදු ලෙස ශරීරයට තෙල් උරා ගන්නා තෙක් අතගෑම කළ යුතුය. තෙල් සිරුරට උරා ගැනීමෙන් පසුව මඳ වේලාවකින් සිරුර මඳ උණුසුම් ජලයෙන් සේදීම කළ හැකිය.
මෙම තෛල අභ්‍යංගය කිරීමෙන් පසුව ඔබේ සිරුරට නව ජවයක්, ප්‍රාණවත් බවක් ද ලැබිය හැකිය.
උපදෙස් - ප්‍රවීණ ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී- ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද
අසෝකා පල්ලියගුරු
සැලෝන් බෙල්ලෙස්සා මහනුවර