තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මැයි 22, අඟහරුවාදා 13:18

ඔබේ නමේ ඉංගී‍්‍රසි මුල් අකුරෙන් කියැවෙන චරිතාංග විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අංක විද්‍යාව මෙන්ම අක්ෂර විද්‍යාව ද විවිධ රටවල අතිශයින්ම ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. අපරදිග මෙන්ම පෙරදිග රටවල ද වෙළෙඳ ව්‍යාපාරවලට නම් තැබීමේ දී අක්ෂර ගැන ගැඹුරින් සලකා බලන බැව් පැහැදිලිය.

 

 

A

සුවිශේෂී දක්ෂතාවයෙන් පිරිපුන් නිර්මාණාත්මක හැකියාවන් ඉස්මතු කරන චරිතයක් වේ. දිරියෙන් දිවිය ජය ගතහැකි වන්නේය.

B

බුද්ධිමත්ව ක්‍රියාකරන මනා සංයමයකින් යුතු සහජ කුසලතාවයෙන් පිරිපුන් අයෙකු වේ.

C

පෙම් සබඳතාවලදී නොසැළී ඉදිරියට යෑමේ ප්‍රවණතාවය වැඩිය.ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයට පිවිසෙන චරිත ලක්ෂණයකි.

D

කලාව, සෞන්දර්යය පැත්තට වඩාත් නැඹුරුවේ. අන්‍යයන්ගේ සිත් දැනගැනීමේ සහජ ඉවක් ඇත. සහයෝගයෙන් වැඩකර තමාගේ ජයග්‍රහණයට මඟපාදා ගනී.

E

ජීවිතාවබෝධයකින් ක්‍රියාකරයි. කතාවට දක්ෂය. එහෙත් තරමක පසුබාන අවස්ථා පවති. තමාගේ වාසිය තකා සැහැල්ලු දිවියක් පි‍්‍රයකරයි.

F

තරමක ආත්මාර්ථකාමී ගති ඇත. දියුණුව සඳහා වැඩි වෙහෙසක් දරයි. කෙසේ හෝ තම වැඩ කටයුතු ක්‍රමවත්ව ඉදිරියට දියත්කරනු ඇත.

G

අන්‍යයන්ට සවන්දෙන නමුත් එයින් ප්‍රයෝජන ගැනීමට තරමක් මැලිය.

තමා ගත් තීරණ දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ඇත.

නායකත්වය අපේක්ෂා කරයි. සහයෝගීතාවයෙන් යුක්තව ආරම්භයේ දී කටයුතු කරනු ඇත. පසුව හැල්මේය. මේ සියල්ලටම වඩා මොහු දාර්ශනිකයෙක් වේ. දිවෙන් නොව මොළයෙන් කතා කරන්නෙකි.

H

පැහැදිලි මතයක් තිබේ. සුවිශේෂී චරිතයකි. ජීවිතයේ ජය ගන්නේ සන්ධ්‍යා සමයේ දීය. බාධක ජයගනී. පෙම් සබඳතා කිහිපයක් ඇතිකර ගන්නා අතර ආකර්ෂණය වැඩි චරිතයකි. තරමක කාමුකය.

I

ක්‍රියාශූර අයෙකි. කැපවීමෙන් වැඩකරයි. පුවත්පත්, විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය අංශයන්ට වඩාත් නැඹුරුවන චරිතයකි. ජනපි‍්‍රයත්වය මැදි වියේ ඇතිකරගනී. ප්‍රකට නමක් දිනාගන්නා චරිතයකි.

J

ආලය, ආදරය, ප්‍රේමයට වඩාත් නැඹුරු වේ. තර්කානුකූලව සිතයි. ක්‍රියාකරයි. ජයගන්නා තෙක්ම නොපසුබටව ඉදිරියට යන චරිතයකි.

K

බුද්ධිමත්ය. තීරණ ගැනීම ඉතාම ඍජුය. යුගදිවිය සාර්ථකත්වයට පත්කර ගනී. වහල් මානසිකත්වයක් නොමැත. ජීවිතය ජයගන්නා අයෙකි.

L

විවිධ පැතිකඩ සෞන්දර්ය මෙන්ම විද්‍යා අංශයට දක්ෂතා තිබේ. සංවේදී පුද්ගලයෙකි. අන්‍යයන් සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ඉතාම දක්ෂයි. ජීවිතයේ මැදිවියේ සම්පත් බහුලව ලැබේ.

M

ඉතාම දක්ෂය. නීතිය පැත්තට දක්ෂයි. එසේම කලාවට සුවිශේෂීයි. චිත්‍ර, සංගීත, නාට්‍ය පැතිවල සුවිශේෂී දක්ෂතා පෙන්වයි.

ජනපි‍්‍රය කලාකරුවෙක් වන්නේය. ජනපි‍්‍රයත්වය මෙන්ම ජනප්‍රසාද සම්මාන හිමිකරගනී. යුගදිවියේ තරමක ගැටලුවලට පටලැවේ.

N

ගැඹුරින් තමා දෙසත් අන්‍යයන් දෙසත් බලන සංවේදී චරිතයකි. දක්ෂතාවයේ ඉහළම තැනට පත්වේ. ජනපි‍්‍රය චරිතයකි. ජීවිතයේ තාරුණ්‍යයේ සිටම තමා අදහස් කරන සියලුම වැඩකටයුතුවල දී දස්කම් හා ජනපි‍්‍රයත්වයට හිමිකම් ඇතිවේ.

 O

චංචල මානසික තත්ත්වයක් ඇත. අන්‍යයන්ට වහා පිහිට වී පසුව පසුතැවිලි වන තැනට පත්වේ. අහිංසාවාදී චරිතයකි. විවාහයේ ඇතුළත විවිධ ප්‍රශ්න හා අර්බුදවලට පටලැවෙන බවක් ද කැපී පෙනේ.

P

 ජනමාධ්‍ය අංශයට දක්ෂයි. උගත්කමට වඩා අත්දැකීම් හා බුද්ධිය ඉහළ තැනක රඳවා ගනී. යුගදිවිය සාර්ථක වේ. සමාජ කටයුතුවලදී විශාල ජනපි‍්‍රයත්වයක් හිමි වේ. රහස් සතුරු පීඩාවන් ද ක්‍රියාත්මක වේ. දස්කම්වලින් කැපී පෙනෙන චරිතයකි.

Q

 පිරිස් බල සහිතයි. ගැඹුරු දාර්ශනික චරිතයකි.

මනෝ විද්‍යාවට අතිශයින් දස්කම් ඇති වේ. ශාස්ත්‍රීය ලිපි ලේඛනයන්හි නියැළෙන චරිතයකි. හොඳ උපදේශකවරයෙකි.

R

ගුණවත්ය. අවංකය. අසාධාරණයට එරෙහිව ක්‍රියාකරයි. විශාල සම්පත් ප්‍රමාණයක් උපයයි.

සුඛෝපභෝගී දිවියක් ගොඩ නඟාගනී. ධනකුවේරයෙකි. වාසනාවන්ත දිවියක් ගෙවනු ඇත. කුමක් හෝ ශාරීරික දුබලතාවයක් ද පසු කාලීනව බලපෑම් ඇතිවේ.

S

අකුර දිව්‍ය අක්ෂරයක් ලෙස සැලකේ. සිය නමේ මුල්ම අකුර හරහා දැක්වෙන චරිත ලක්ෂණ ඔබට කොතෙක් දුරට බලපානවා ද යන්න විමසා බලමු. ලොව ශ්‍රේෂ්ඨ නමක් ඇතිවේ. යස ඉසුරු සැපසම්පත් බහුල වේ.

ලෝක ප්‍රකට උගතකු මෙන්ම ධන කුවේරයකුද වන්නේය. තුන් ඈඳුතු වාසනාවන්ත ජීවිතයකි. නොසැළෙන ප්‍රබලතම චරිතයකි.

T

 හිතුවක්කාරයි. වහා කිපේ. නමුත් ඉක්මනින්ම නිවේ.

කථිකත්වයක් ද ඇත. දේශපාලනයට දක්ෂයි. ජන ආකර්ෂණය වහා තමා වෙත නැඹුරු කරගනී. ජීවිතය දිනන චරිතයකි.

U

දියුණුව කරා උත්සාහයෙන් පියනඟා එය සාර්ථක කරගනී. බාධක වරින්වර ඇතිවේ. ඒවා සියල්ල ජයගනී.

යුගදිවියේ අනපේක්ෂිත අන්දමට ගැටලු පැනනගී. නාමික විවාහ දිවියක් ගෙවීමට ද සමහර විට සිදුවිය හැකියි.

V

 නිහඬ දිවියකට පි‍්‍රය කරයි. හුදෙකලාවට කැමැතිය. දියුණුවේ අඩිතාලම දමා කෙදිනක හෝ එය ජයගනී.

අන්‍යයන් කෙරෙහි මානව භක්තියෙන් ක්‍රියා කිරීමට ගොස් අතරතුර තමා කරදරවලට පටලැවේ. සංවේදී චරිතයකි.

W

 සත්‍ය ගරුකය. උසස් අධ්‍යාපන තලයකට පිවිසේ. නීතිය, වෛද්‍ය, කළමනාකරණ, සමාජ විද්‍යාව, කෘෂික්ෂේත්‍රය, භෞතික විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවලින් විශාල ජයක් අත්කර ගන්නා චරිතයකි. ප්‍රකට පුද්ගලයෙක් වේ.

X

ගුණ චරිතයකි.

තමන්ගේ මතය අනුව ක්‍රියාකරයි. ආර්ථිකමය අංශයේ විශාල දියුණුවක් තමාට ලැබේ. යුග දිවිය ඇතුළත ගැටුම් ඇතිවේ. එහෙත් සංයමයෙන් වැඩ කටයුතු කරන චරිතයකි.

Y

 ඔබ මනාව සවන් දෙන්නෙකි. දක්ෂතම උපදේශකයෙක් වේ.

ආචාර්ය, මහාචාර්ය පදවිවලට සම්පත් ධාරියකු වේ. පරිණත බවකින් යුක්තය. ආර්ථික විද්‍යාවේ දක්ෂ චරිතයකි.

Z

 අන්‍යන්ට හිරිහැර නොකරන අහිංසක කෙනෙකි.

විචාර බුද්ධියෙන් තොරව ක්‍රියාකරන්නට යෑමෙන් පාඩු විඳී. ජීවිතයේ අවසන් භාගයේ සම්පත්වලට හිමිකම් කියැවේ.

 

පොත්පත් ඇසුරෙන් සකසා ගන්නා ලදී.

  

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සහ වාස්තු විද්‍යාවේදී

හෙන්රි බෙම්මුල්ල

1021 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 22, අඟහරුවාදා 13:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න