තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මැයි 22, අඟහරුවාදා 14:32

සාර්ථක වෙන්න කැමැති අයට Steve Jobs ගෙන් උපදෙස් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සාර්ථකත්ව මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ වෙනුවෙන් අපෙන් ලැබෙන තිළිණයයි මේ. ඇත්තටම සාර්ථක වෙන්න කැමැති ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් කළ යුතුම දෙයක් තියෙනවා.

 

ඒ තමා ලෝකයේ සාර්ථකත්‍වයට පත්වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යයනය කරන එක. ඊට හේතුවන්නේ එවිට ඔවුන් සාර්ථකවීමට අනුගමනය කළ උපක‍‍්‍රම, ඔවුන් මුහුණදුන් අභියෝග හා ඔවුන් එම අභියෝග ජයගත් ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ඒ දේවල් අපේ ජීවිත සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්.

ඉතිං අද අප ඔබගේ අවධානය යොමු කරන්නට යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයකු විසින් සාර්ථකත්‍වයේ දියුණුවට ලබාදුන් උපදෙස් 12 ක් පිළිබඳයි. ඒ අන් කවරකුවත් නොව ලෝකප‍‍්‍රකට ඒනනතඥ පරිගණක සමාගමේ නිර්මාතෘවරයා Steve බ්ධඡඵ ය. මේ ලෝකෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හින්දා අපි බලමු Steve බ්ධඡඵ ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවාද කියලා.

ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න

විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයෙහි නිරතවූ විටයි.

ඇත්තටම අද සමාජය දෙස බලනවිට මැනවින් අවබෝධවන කරුණක් තමා බොහෝ දෙනෙක් නිරතවී සිටින්නේ තමන් ප‍‍්‍රියකරන දෙයෙහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත්වූ බොහොමයක් දෙනා එම තත්ත්වයට පත්වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතිං ඔබත් සාර්ථකවීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමැති තමන් ප‍‍්‍රියකරන දෙයෙහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.

නරක් වුණු ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසිකිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න

ආයතනයක සේවකයන් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථකවීමටත්, අසාර්ථකවීමටත් මෙම සේවකයන්ගේ ක‍‍්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. සාමාන්‍යයෙන් ආයතනවල සේවකයන් කණ්ඩායම් දෙකක් සිටිනවා. එක් පිරිසක් තමා තමන්ගේ ආයතනය ඉහළට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංකව හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයින්ට අකුල් හෙළමින් ඔවුන්ගේ කටයුතුවලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve බ්ධඡඵ විසින් “නරක්වුණු ඇපල්” ලෙස හඳුන්වන්නේ. Steve බ්ධඡඵ වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුළ තබාගෙන සිටීම ඉතා අවදානම්කාරී කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුළත් සිටීනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

නාවිකයකු වීමට වඩා මුහුදු කොල්ලකරුවකුවීම හොඳයි

ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථකවීමට අවශ්‍ය නම් අනෙක් අය කරන දේම නොකළ යුතු බවයි. නිතරම අලූත් දේවල් කළ යුතු බවයි. එනම් නිර්මාණශීලී විය යුතු බවයි.

බොහෝවිට අසීරු වන්නේ පළමු පියවරයි

එම පියවර තබන්න. ඔබගේ හදවත හා ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න.

මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසාද යත්, බොහොමයක් දෙනාට සාර්ථකවීමට අවශ්‍ය මුත් ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද, එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න.

බොහෝ දේ පිළිබඳ එකවිට කරදර නොවන්න

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න.

අද සමාජයේ ජීවත්වන බොහොමයක් දෙනා යම්කිසි දෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍ය වන සියලූ කරුණු කාරණා සම්පූර්ණ වනතුරු ඒ දේ සිදු කරන්නේ නෑ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථකවීමට අවශ්‍ය නම් පොඩියට පටන්ගත යුතු බවයි. නමුත්, ඒ පිළිබඳ ලොකුවට සිතිය යුතු බවයි.

නොනවත්වා ඉගෙන ගන්න

සෑම මොහොතක අලූතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළබඳ දන්නා බවත්, තමන්ට ආයේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නොමැති බවත්ය. නමුත්, මෙම අදහස වැරැදි බවයි Steve පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ සාර්ථකවීමට අවශ්‍ය නම් සෑම මොහොතකම අලුතින් දෙයක් ඉගෙනගත යුතු බවයි.

ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගන්න

එවිට ඔබ ලබන තෘප්තිය නිසා වැඩ කරන බවක් කෙදිනකවත් නො දැනෙනු ඇත.

මෙම කාරණය ද වර්තමාන සමාජයට බෙහෙවින් ගැළපෙන දෙයකි. මන්ද, රාජ්‍ය හා පුද්ගලික ආයතන බොහොමයක සේවය කරන බහුතරයක් නඟන මැසිවිල්ලක් වන්නේ තමන් එහි සේවය කරන්නේ සතුටින් නොවන බවත්, තමන්ට පැවරී ඇත්තේ තමන් කිරීමට කිසිසේත්ම ප‍‍්‍රියතාවයක් දක්වන රාජකාරියක් නොවන බවත්ය. එබැවින් Steve ගේ උපදෙස වන්නේ සාර්ථකවීමට අවශ්‍ය නම් අප සැවොම අපි ආදරය කරන රැකියාවක් තෝරාගත යුතු බවයි. මන්ද, එවිට අප සේවය කරන්නේ අපට ලැබෙන වැටුප ගැන සිතා නොව එම කාර්යය කිරීමෙන් අප ලබන තෘප්තිය ගැන සිතා බැවිනි.

අන්‍යයන්ගේ අදහස් හා උදහස්වලට ඔබගේ ඇතුළාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නො තබන්න

බොහෝ වෙලාවට සාර්ථකත්‍ව මාවතේ දොරටු පෙනි පෙනී ඒවා විවරකර ගැනීමට අප අපොහොසත් වී ඇත්තේ සිතට එකඟව කටයුතු නො කිරීම හේතුවෙනි. එනම් අප බොහෝවිට කරනුයේ අනුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට යාමයි. එබැවින් ඔබටත් සාර්ථකත්‍ව මාවතට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ අන්‍යයන්ගේ අදහස් හා උදහස්වලට ඔබගේ ඇතුළාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතැබීමයි.

ඔබගේ කාලය ඉතාම සීමිතයි. ඒ නිසා අනුන්ගේ ජීවිත මත්තේ ජීවත්වීමට එය නාස්ති නොකරන්න

මෙලොව උපත ලබන සියලු දෙනාටම ලැබී ඇත්තේ ඉතාම සීමිත කාලයකි. නමුත්, බොහොමයක් දෙනා ජීවත් වන්නේ කිසිදා නො මැරෙන මිනිසුන් ලෙසයි. ඔවුන් බොහෝවිට තම කාලය වැය කරන්නේ අනුන්ගේ ජීවිත ගැන සොයා බැලීමටයි. ඔවුන් මත්තේ ජීවත්වෙමින් තම වටිනා කාලය අපතේ හැරීමටයි. ඔබට ලැබී ඇති මෙම සීමාසහිත කාලයෙන් උපරිම ප‍යෝජන ලැබිය යුතු බවයි Steve ගේ අවවාදය වන්නේ. එබැවින් ඔබත් ඔබට ලැබී ඇති සීමිත කාලයෙන් උපරිම ප‍‍්‍රයෝජන ගන්න. අනුන්ගේ ජීවිත වෙනුවෙන් එම වටිනා කාලය අපතේ නොහරින්න.

“බැහැ” කීමට මැළි නොවන්න

අපි ගොඩක් දෙනාට තියෙන ප‍‍්‍රශ්නයක් තමයි කෙනෙක් අපෙන් මොකක් හරි උදව්වක් ඉල්ලූවිට එහෙමත් නැත්නම් යම්කිසි ඉල්ලීමක් කළාම එය ඉටු කිරීමට නො හැකි වූවත්, අදාළ පුද්ගලයා තමන් සමඟ අමනාප වේ යැයි සිතා “බැහැ” කියන්නට නො හැකිවීම. නමුත් සාර්ථකත්‍ව මාවතේ ගමන් කරන සැවොම එසේ කිරීමට මැළි නොවිය යුතු බවයි Steve ගේ අවවාදය.

ඔබ විය යුත්තේ කවරෙක්ද යන්න ඔබගේ හදවත හා ඉව දැනටමත් වටහාගෙන ඇත. ඒ දෙක ඔස්සේ යාමට දිරිමත් වන්න.

මිනිසා යනු උපතින්ම අසීමිත වූ හැකියාවන් රාශියක් අතමිට මොළවාගෙන මෙලොව එළිය දකින සත්ත්ව කොට්ඨාශයකි. ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අප සැවොම අප තුළ සැඟවී ඇති මෙම හැකියාවන් මනාව හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි.

නිතරම තවත් ඉදිරියට යාමේ පිපාසයෙන් පෙළෙන්න. අනුවණයෙක් මෙන් නව දැනුම සොයන්න.

සාර්ථකත්‍වය කරා ගමන් කරන අතරවාරයේ අප විවිධ වූ සන්ධිස්ථානවලට පැමිණේ. බොහොමයක් දෙනා කරන්නේ සාර්ථකත්‍වයේ එක් සන්ධිස්ථානයකට පැමිණි පසු ඉන් සෑහීමකට පත්වීමයිය නමුත්, Steve  ගේ උපදේශය වන්නේ එසේ නොවිය යුතු බවයි. ඔහු පවසන්නේ සාර්ථකවීමට අවශ්‍ය නම් නිතරම නව දැනුම සොයමින් තව තව ඉදිරියට යාමේ නොනිත් ආශාවෙන් යුතුව ක‍‍්‍රියාකළ යුතු බවයි.  Steve ගේ සාර්ථකත්‍වයේ කතාවම මේ සඳහා කදිම උදාහරණයකි.

ඉතිං ඔබත් මෙම Steve Jobs ගේ වටිනා උපදෙස් පිළිපැද සාර්ථකත්‍වයේ දොරටු විවර කරගන්න. ඔබට ජය නියතයි!

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

431 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 22, අඟහරුවාදා 14:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න