තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මැයි 22, අඟහරුවාදා 14:36

නීරෝගිමත් සිරුරකට චොකලට් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
බොහෝ දෙනා හිතන්නේ චොකලට් කියන්නේ ඉතාමත් ප්‍රණීත රසවත් ආහාරයක් පමණයි කියලා.

 

ඒක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොකලට් ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක්. එහි කොකෝවා 70% කට වඩා ඇතුළත් වෙනවා. මේ නිසාම මෙය ඉතාමත් ගුණවත්. මෙහි තිබෙන ගුණයන් ඔබව අනිවාර්යයෙන් පුදුමයට පත් කරාවි.

චොකලට්වල ෆ්ලොවනොයිඩ්ස් අඩංගුයි

ඔබ දන්නවද චොකලට්වල අඩංගු වෙනවා සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන ටතචමධදධඪඤඵ කියන සංඝටකය. මෙම සංගටකය ස්වභාවිකවම පලතුරු, එළවළු, තේ සහ රතු වයින්වල අඩංගු වෙනවා. මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. මෙයට හැකියාවක් තිබෙනවා රුධිර ප්‍රවාහය වේගවත් කිරීමට සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත්.

හෘද රෝග අවදානම අඩු කරනවා

කොකෝවා අන්තර්ගත ආහාර ගැනීමෙන් විශාල ලෙස හෘද සනීපාරක්ෂාව වැඩිදියුණු වෙනවා. එයට හේතුව වන්නේ එහි ටතචමධදධඪඤඵ අඩංගු වීම. එය ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. මෙහිදී රුධිර කැටි ගැසීම වලක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාවක් ද චොකලට් සතුව තිබෙනවා.

කර්ණිකා ක්‍රියාකාරීත්වය සඳහා

ලෝකයේ මිනිසුන් මිලියන 2.7 කට වැඩි පිරිසක් කර්ණිකා ආශ්‍රිත රෝගයන්ට විශාල වශයෙන් බඳුන් වෙනවා. කර්ණිකා ආශ්‍රිතව පවතින රුධිරය කැටි ගැසීම්, රුධිර ගමනාගනය අඩාලවීම වගේ හදවත් රෝගයන්ට මෙම චොකලට් හොඳ ප්‍රතිකාරයක්. පර්යේෂණයන් මඟින් පෙන්වා දෙන ආකාරයට චොකලට් බහුලව ආහාරයට ගන්නන් මෙවැනි රෝගයන් වෙත බඳුන්වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි.

ඔබගේ මානසිකත්වය නගා සිටුවයි

අපි චොකලට් කන්නේ ගොඩක් වෙලාවට සතුටුදායක මොහොතක් සමරන්න නේද? ඇත්තටම චොකලට්වලට හැකියාවක් තියෙනවා මානසිකත්වය එහෙමත් නැත්නම් අපේ මූඩ් එක වෙනස් කරන්න. වඩාත් තද පැහැති චොකලට්වල අඩංගු වන රසායනික ද්‍රව්‍යයන්ට හැකියාව තියෙනවා ඔබගේ හැඟීම් උද්දීපනයට.

ඔබගේ සම රැක ගැනීමට

චොකලට්වල අඩංගු ටතචමධදධඪඤඵ වලට හැකියාවක් තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා උඍ කිරණයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වඩාත් තද පැහැයෙන් යුත් චොකලට් තමයි. ඒ වගේම චොකලට්වලට හැකියාවක් තියෙනවා

සම මතුපිටට රුධිරය ගලා ඒම වැඩි කර සමේ තෙතමනය ආරක්ෂා කරන්න. හිරු කිරණින් නිකුත්වන පාරජම්බුල කිරණවලින් ඔබේ සම ආරක්ෂා කරන නිසා පිළිකාවන්ගෙන් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් මේ චොකලට්වලට තියෙනවා.

පානයට ඉතාමත් සුදුසුයි

ඔබ දැනටමත් දන්නවා චොකලට්වල අඩංගු කොකෝවා රුධිරවහනයට මනා දායකත්වයක් සපයන බව. ඔබ දන්නවද චොකලට් කැබලි ලෙස ආහාරයට ගන්නවා වඩා දියරයක් ලෙස ලබා ගැනීම ඔබගේ ශරීරයට ඉතාම ගුණදායකයි. සුදු චොකලට්වල කොකෝවා අඩංගු නොවන නිසා වඩාත් ශරීරයට ගුණදායක වන්නේ තද පැහැයෙන් යුතු චොකලට් පානය කිරීමයි.

ශරීරයේ බර අඩුකර ගැනීමට

බොහෝදෙනාට ඇති ප්‍රශ්නයක්වන අධික තරබාරුබව, අඩුකර ගැනීම සඳහා ද චොකලට් හොඳ විසඳුමක්. තද දුඹුරු පැහැයෙන් යුත් චොකලට්වලට හැකියාව තියෙනවා ඔබගේ ශරීරයේ සීනි ප්‍රමාණය අවම කිරීමට. ඒ නිසා ඔබට පුළුවන් දිනකට කුඩා චොකලට් කැබලි 3 ක් එහෙමත් නැත්නම් 4 ක් ආහාරයට ගන්න.

මිලදී ගැනීමට පෙර ලේබලය කියවන්න

වෙනත් ඇසුරුම් කරන ලද ආහාර වර්ග මෙන්ම ඔබ චොකලට් මිලදී ගැනීමට පෙර ඇසුරුම කියවීම ඉතාමත් වැදගත්. ඔබ මිලදී ගන්නා චොකලට් වර්ගය අනිවාර්යෙන්ම කොකොව ප්‍රතිශතය වැඩි, සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි චොකලට් වර්ගයක් විය යුතුයි. ඉතාමත් හොඳ වෙළෙඳ සන්නාමයක් වීමත්, පිරිසුදු අඳුරු එනම් තද දුඹුරු පැහැයෙන් යුක්ත වීමත් මෙහිදී වැදගත්. සමහර චොකලට්වලට අමතරව සීනි, පැණි රසකාරක, කිරිපිටි, තෙල් වගේ දේවල් ද ඇතුළත් කරනවා. මේනිසා ලේබලය හොඳින් කියවා කොකෝවා බහුල චොකලට් වර්ගයක් තෝරා ගන්න.

  උපදෙස් - පෝෂණවේදි

රේණුකා ජයතිස්ස

වෛද්‍ය පර්යේෂණායතනය

1253 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 22, අඟහරුවාදා 14:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න