තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 06, සඳුදා 16:02

රැජිනක් වගේ ඔබව ලස්සන කරන සැලෝන් Queen's විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
  වර්තමානයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එයට සමගාමීවම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තම වෘත්තිය ලෙස තෝරා ගන්නා පිරිසත් වැඩියි. මේ කරුණු කාරණා හේතුවෙන් දැන් දැන් හැඩවැඩ කලාව හරිම තරගකාරීය.

 

එකම වෘත්තියක නියැළෙන්නන් අතර ඇතිවන තරගකාරිත්වයේ දී ඔබට ජයටැඹ කරා යන්නට නම් ක්ෂේත්‍රයේ නිපුණත්වය අවැසිමයි.

ඇය රාජිණී බණ්ඩාර. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පත් සියනෑ පුරවරයේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක්.

නිට්ටඹුව නගර මධ්‍යයේ අංක 48, නව බස්නැවතුම්පොළ, ඉදිරිපිට පිහිටි සැලෝන් Queen's ඇගේ අපූරු හැකියාවේ තෝතැන්නයි. පුරා වසර 22 ක කාලයක පටන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් පාන ඇය මේ සඳහා ගුරුහරුකම් ලබා ගෙන තිබෙන්නේ ප්‍රේමසිරි හේවාවසම්, නයනා කරුණාරත්න, රමණී අර්සකුලරත්න යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්ගෙනි. මීට අමතරව තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව යන රටවල විදෙස් පුහුණුව ද ඇය සතුයි.

"පාසල් යන කාලයේ පටන්ම සහජ දක්ෂතාවයක් ලෙස හැඩ වැඩ කලාව මට පිහිටියා. මගේ යෙහෙළියන්ට අසල්වැසි නෑදෑ හිතවතියන්ට, උත්සව අවස්ථාවලට හැඩගැන්වීම් කළේ මගෙ අතින්. ඒ කිසිදු හැදෑරීමක් නොකර. කොහොමහරි ඔවුන්ගේ ඉල්ලීම වුණෙත් මට මේක ප්‍රගුණ කරගන්න කියලයි. ඒ අනුව මුලින්ම 1993 වසරේදී කොළොන්නාව වෘත්තීය

පුහුණු මධ්‍යස්ථානයේදී රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්ගෙන් ද ගුරුහරුකම් ලැබුවා. කියන්න සතුටුයි අද මම නිට්ටඹුව නගරයේ Queen's රූපලාවණ්‍යාගාර දෙකක් ද ගම්පහ නගරයේ රූපලාවණ්‍යාගාරයක් ද වශයෙන් රූපලාවණ්‍යාගාර තුනක හිමිකාරිණියක්. එහිදී උඩරට, පහතරට, බටහිර යන ඕනෑම ආකාරයකට ඔබේ රුචිකත්වය අනුව හැඩගැන්වීම සිදු කරනු ලබනවා. ෆේෂල්, කොණ්ඩා මෝස්තර, මෙනික්‍යු, පෙඩික්‍යූ ආදි සියලු හෙයාර් බියුටි, බ්‍රයිඩ්ල් කටයුතු එහිදී සිදුකර ගත හැකියි. මගේ රූපලාවණ්‍යාගාර මඟින් කරගනු ලබන රූපලාවණ්‍ය සත්කාර සඳහා ලබා දෙන රිසිට්පත වර්ෂය අවසානයේ අප වෙත ඉදිරිපත් කරනු ලබන සේවාදායකයන්ට විශේෂ ඩිස්කවුන්ට් වරප්‍රසාදත් ලැබෙනවා. එපමණක්ද නොව සෑම වසරකම අප්‍රේල් මස දී කරනු ලබන සියලු රූපලාවණ්‍ය කටයුතු සඳහා 10% ක වට්ටමක්ද ඔබට පිරිනැමීමට කටයුතු කරනවා."

Queen's හැඩ කරන රාජිණීට තම හැකියාවට ලැබුණු ඇගැයීම්, සම්මාන ද බොහොමයකි. 2006 සහ 2008 වසරේ දී සන්සිල්ක් රූ සිරි අසිරියේ මනාලියන් හැඩගැන්වීමේ ප්‍රථම ස්ථානයත් ඒධ්ඒ රක්ෂණ සමාගම මඟින් පැවැත්වූ මනාලියන් දැක්මේ තරග කිහිපයකදීම ප්‍රථම ස්ථාන තුනත් ඒ අතරින් විශේෂයි.

මෙවන් දක්ෂතාවයකින් පිරිපුන්ව ඔබව හැඩ කරන්නට ඇයට මුල්ම ශක්තිය වූයේ ඇගේ මවයි. ඇයගේ අප්‍රතිහත ශක්තියයි. එමෙන්ම දයාබර සැමියා යුද හමුදා පොලිසියේ සේවය කළ රජීව බණ්ඩාරත්, සුසෑන් බණ්ඩාර දියණියත් Queen's රූපලාවණ්‍යාගාරවල සේවය කරන කාර්ය මණ්ඩලයත්ය.

ජීවිතය පුංචිම පුංචි තැනකින් පටන්ගෙන අද දියුණුවේ හිණිපෙත්ත කරා ගමන් කරන රාජිණී සැබෑම දිරිය කාන්තාවකි. ඔබේ මංගල දිනයේ එවන් දක්ෂතාවයෙන් පිරිපුන් ඇයගෙන් හැඩවන්නට ඇත්නම් ඔබට සැබෑම ආශිර්වාදයකි.

 

සැලෝන් Queen's

නො. 48,

නව බස්නැවතුම්පොළ,

නිට්ටඹුව

379 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 16:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න