තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 20, සඳුදා 15:19

ජොජොබා ගැන දැනුවත් ද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වන්නේ අවට ඇති සමාජය ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වෙන එක. එවැනි ආකර්ෂණීය චරිතයක් වෙන්නට නම් පෙනුම ප්‍රධාන ලෙස බලපානවා. 

 

ඔබ දැනටමත් විවිධ ආලේපන භාවිතකර පෙනුම වැඩිකර ගන්න උත්සහකර, අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබී යාමෙන් කණගාටු වනවා ඇති. ඒ සිහිනය ඉෂ්ටකර ගන්න දැන් ජොජොබා සත්කාරයෙන් පුළුවන්.

මොනවද මේ ජොජෝබා?

ජොජොබා වියළි කාන්තාර ප්‍රදේශවල දකින්න ලැබෙන පඳුරු විශේෂයක එන කුඩා ගෙඩි වර්ගයකි. ඒවා උතුරු මෙක්සිකෝව හා නිරිතදිග අමෙරිකාවේ දැකිය හැකියි. ජොජෝබා ඇට මඟින් ජොජෝබා තෙල් හා වැක්ස් නිපදවනු ලබයි. ඒවා ඖෂධ සඳහා ද භාවිත කරයි.

මෙක්සිකෝවරුන් ඉතා පුරාණ කාලයේ සිට ජොජෝබා තෙල් භාවිතකර ඇත. කොණ්ඩය කන්ඩිෂනර් කිරීමට, ඖෂධ හැටියටත්, ආහාර සඳහා මෙන්ම චාරිත්‍ර සඳහා ද ඔවුන් ජොජෝබා භාවිතකර ඇත.

අතුරු ආබාධ

අතුරු ආබාධ ගැන කතා කරන විට ජොජොබාවලින් අතුරු ආබාධ ඇති නොවෙන තරම්. එහෙත් ඉතාම සුළු වශයෙන් ආසාදන ඇතිවිය හැකියි. ජොජෝබා කියන්නේ සමෙහි ආසාදන සුව කිරීමට යොදා ගන්නා ඖෂධයක්. ඒ නිසා මෙයින් අතුරු ආබාධ ඇතිවිය හැකි ද යන්න ඔබටම අවබෝධ වනු ඇත.

තෙතමනය රඳවා තබා ගැනීමට

ජොජෝබා තෙල් මඟින් සමෙහි තෙතමනය රඳවා පවත්වා ගැනීමට අමතරව සමට නැවුම් පිරිපුන් බවක් ගෙන දෙයි. මෙහි ඇති හොඳම ගුණාංගය වන්නේ සමෙහි සිදුරු අවහිර නොකර සමට තෙතමනය ලබා දීමයි. එමඟින් නිරෝගී සමකට හිමිකම් කීමට වරම් ලැබේ.

සුමුදු දෙතොල් සඳහා

අපගේ දෙතොල් ශරීරයේ අනෙකුත් ප්‍රදේශයන්ට වඩා සංවේදී වන නිසා දෙතොල් ඉතා ආදරයෙන් රැක බලා ගත යුතුයි. ඒ සඳහා ජොජෝබා තෙල්වල අඩංගු විටමින් ච්, ඡ් සහ විශේෂ මිනරල් වන සින්ක් සහ කොපර් ඉතාම වැදගත්. ජොජෝබා තෙල් ස්වල්පයක් ගෙන සෙමින් දෙතොල් සම්භාහනය කිරීම මඟින් දෙතොල් වියලි සහ ඉරි තැලුණු ස්වභාවය නැති කරයි. ඒ හරහා සුසිනිඳු තොල් යුගලක් හිමිකර ගත හැකියි.

සන් ස්ක්‍රීන් ආලේපන

හිරු රශ්මිය මඟින් පිට කරන උඍ කිරණ අප ශරීරයට බොහෝ අහිතකරය. එයින් ආරක්ෂා වීමට සහ හිරු රශ්මියෙන් සම පිලිස්සීම වළක්වා ගන්නත් ජොජෝබාවලට හැකියාව තිබෙනවා. එලෙස මුළු ශරීරයේම ජොජෝබා ආලේප කිරීමට හැකි නිසා එය සන් ස්ක්‍රීන් ආලේපනයක් වැනිය.

හිස කෙස් සඳහා

ජොජෝබා තෙල් මඟින් ශක්තිමත් කෙස් කළඹක් හිමිකර ගත හැකි අතර හිසකෙස් නිරෝගී වී ඉක්මනින් වර්ධනය වේ. එමෙන්ම ජොජෝබා තෙල්වල අඩංගු විටමින් ඡ් හා ඕ මඟින් හිස කෙස්වලට සිනිඳු හා දිදුළන බවක් ලබා දේ. තවද කෙස් කළඹට පිරිපුන් හා ඝනත්වයක් ද ලබාදෙයි.

හිස කෙස් කැඩී යාම වළකාලයි

ජොජෝබා තෙල් මඟින් හිස සම්බාහනය කිරීමෙන් හිස මතුපිට නිරෝගී කරයි. හිස මතුපිට වියළි බව නැති කරයි. හිස්හොරි ඇතිවීම වළකාලයි. තවද හිස්හොරි ඇති අයට එම තත්ත්වය සුව කර ගැනීමට අවශ්‍ය සින්ක් හා සෙලනියම් ජොජෝබා තෙල්වල ස්වභාවිකව අඩංගුවන බැවින් හිස්හොරි පහසුවෙන් සුවකළ හැකියි.

හිස කෙස් වැටීම පාලනය කරයි

ඕනෑම කෙනකුගේ දිනකට හිසකෙස් 40 - 60 ක ප්‍රමාණයක් වැටීම සාමාන්‍ය යෙකි.

නමුත් ඕනෑවට වඩා හිස කෙස් ගැලවී යනවා නම් ප්‍රශ්නයක්. මේ ගැලවී යන හිස කෙස් එම තැන්වලින් වර්ධනය කර ගැනීමට හැකියාව තිබේ. විටමින් හා ඛනිජ අඩංගු මේ ජොජෝබා තෙල් හිසකෙස් තුළට ගොස් හිස කෙස් ඉතා ඉක්මනින් වර්ධනය කරනවා.

මේක්අප් ඉවත් කිරීමට

ජොජෝබා තෙල් මේක්අප් ඉවත්කරන ආලේපනයක් ලෙසද භාවිත කළ හැකියි.

ඔබට කිරීමට ඇත්තේ තෙල් ටිකක් පුලුන් කැබැල්ලකට ගෙන මුහුණෙ ආලේපකොට හොඳින් පිරිසුදු කිරීමයි.

වියළි අත් හා පැළුණු දෙපා

අප ශරීරයේ රළුම කොටස වන්නේ අත් සහ දෙපතුල්ය. නිතරම එම ප්‍රදේශ රළු දේ සමඟ ගැටීමට ලක් වේ. තවද මේ ප්‍රදේශයේ තෙල් ග්‍රන්ථි නැති හෙයින් මේ කොටස් සුසිනිඳු බවින් අඩුය. රස්නය හා සීතල ඇති විට දී මෙම කොටස් වියැළීමට හා තැළීමට ලක් වේ.

තවද වයසට යාමේදී හා දියවැඩියාව වැනි රෝග නිසාද විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරන නිසාද අත් හා දෙපා රළු විය හැකියි. ජොජෝබා තෙල් මඟින් සම්බාහනය කිරීමේදී එම තත්ත්වය වළක්වා ගත හැකියි.

සම මතුපිට තෙල් පාලනය

සම අසමතුලිත වීම තුළින් සමෙහි තෙල් සහිත භාවයක් හට ගනී. ජොජෝබා නිතර හරියාකාරව භාවිතයෙන් එම තත්ත්වය පාලනය කළ හැකියි. එමඟින් මතුපිට තෙල් නිපදවීම පාලනය කරයි.

ජොජෝබා තෙල් සහ කුරුලෑ

වැඩි වියට පැමිණීමත් සමඟ ශරීරයේ හෝර්මෝන වෙනස් වීම නිසා තෙල් ග්‍රන්ථි අධික ලෙස ශ්‍රාවය වීමෙන් කුරුලෑ හට ගනී. කුරුලෑ හට ගැනීම තරුණියන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත.

තෙල් අධික වීම නිසා පරිසරයේ ඇති දූවිලි, විසබීජ, කාබන් ඉක්මනින් සම මතුපිට ඇති රෝම කූප තුළ හිරවීමට ලක්වෙයි. එමඟින් වයිට් හෙයිඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් තත්ත්වය ඇති වී පසුව විසබීජ ආසාදනය වී කුරුලෑ දක්වා වර්ධනය කරයි.

ජොජෝබා මඟින් ක්‍රම දෙකකට මේ ප්‍රශ්නය විසඳා ගත හැකියි. පළමුව එය බීට් ක්ලේන්සර් එකක් ලෙස ක්‍රියාකරයි. මෙය දියරයක් බැවින් රෝම කූප ඇතුළාන්තයට ගොස් එමඟින් සිරවීමට ලක් වු රෝම කූප යථා තත්ත්වයට පත් කරයි.

තවද ජොජෝබා තෙල්වල අඩංගු විසබීජ නාශක ගුණය නිසා විසබීජ ආසාදන ඇතිවීම වළකාලයි. නිතර ජොජෝබා තෙල් භාවිතයෙන් කුරුළෑ ඇතිවීම වළකාලයි.

සුන්දර රූ සපුවක හිමිකාරියක් වීමට ඔබත් ජොජෝබා භාවිත කරන්න.

 

 උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම ච්ඥඨපඥඥදඵ ඉචතධද සහ නුගේගොඩ ඉඥමඥද ඹ්ධධඬ, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

827 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 20, සඳුදා 15:21
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Facia BIO Green Herbals »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න