තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 15:11

කේශ කල්‍යාණය රැක ගනිමු විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(2 මනාප)
හිසකෙස් යනු පංච කල්‍යාණයෙන් එකක් වන අතර, කාන්තාවකගේ රුව අලංකාරවත් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බව නොරහසක්. ආසන්න වශයෙන් හිසක කෙස් ගස් එක් ලක්ෂ පනස් දහසක් පමණ තිබේ. නීරෝගිමත් කේශ කල්‍යාණයක් හිමිකර ගැනීමට උනන්දු වෙන කාන්තා ඔබටයි මේ අත්වැල.

 

 

* සාමාන්‍යයෙන් හිස කෙස්වල වර්ධනය මසකට සෙන්ටිමීටර 1.2 ක් පමණය. ( අවුරුදු 20-40 අතර මේ වර්ධනය ඇතත්, ඊට පසුව වර්ධන වේගය අඩුවේ.)

0.33 ක ප්‍රමාණයක් අලුතින් වැඩේ.

 

* දිගු කෙස් ගසක් වූවත් ජීවන කාලය වසර 2-5 අතරය.

* සාමාන්‍යයෙන් දිනකට කෙස් ගස් 10-15 ක් අතර ප්‍රමාණයක් ගැලවීයාම ස්වභාවිකයි.

* ජීවිත කාලය පුරාම කෙස් ගස් වර්ධනය වීම සිදුවේ.

හිස කෙස් වර්ග 03කි.

1. තෙල් - oily

2. වියළි - dry

3. තෙල් හා වියළි මිශ්‍ර -  Combination - (මුල තෙල් සහිත වන අතර කෙස් ගසේ අග පැලේ.)

* හිස කෙස් වර්ග අනුව හිස පිරිසුදු කිරීමට දේශීය ඖෂධ මඟින් සකසා ගත හැකි ෂැම්පු වර්ග.

හිසකෙස් රෝග

  • දුර්වර්ණ වීම
  • අකලට පැසීම
  • අකලට ගැලවී යාම
  • උඳුගොව්වන් කෑම
  • ඉස්හොරි

ප්‍රතිකාර

හිස්හොරි - පෞද්ගලික

පරිහරණ දෑ මඟින් බෝවේ.

හිස පිරිසුදු කිරීම හා හො½දින්

පීරීම සිදුකළ යුතුය.

 

සාමාන්‍ය හා වියළි හිස්හොරි සඳහා ප්‍රතිකාර

ෂැම්පු -

* වෙරළු කොළ තනිකර කොටා

* ගොඩපර ගෙඩියක යුෂ, අමුකහ,

දෙහි බිංදු 3 ක්

* ගොඩපර යුෂ, ත්‍රිපලා කෂාය

තෙල් සහිත හිස්හොරි සඳහා ප්‍රතිකාර

ෂැම්පු -

*කොහොඹ කොළ, අමුකහ, ත්‍රිපලා කසාය

(අරළු, බුළු, නෙල්ලි)

කන්ඩිෂනර් -

*වෙරළු කොළ යුෂ, යෝගට්

*යෝගට් 1, මී පැණි තේ හැඳී 2, එඬරු

තෙල් බිංදු 2

සාමාන්‍ය වශයෙන් හිස සේදීම සඳහා

ඐඋළුහාල් මේස හැඳී 3ක් පමණ රැයක් පෙඟෙන්න තබා පසුදින අඹරා හිසෙහි ගල්වා පැය බාගයකින් පසු සෝදා හරින්න. ඐමුං ඇට පිටි, මුදවපු කිරි සමඟ මිශ්‍ර කර හිසේ සමෙහි ගල්වා පැයකින් සෝදා හරින්න.

ඐබිත්තර සුදු මදය, දෙහි යුෂ සමග මිශ්‍ර කර හිසෙහි ගල්වා පැයකට පසු ස්නානය කරන්න.

ඐනෙල්ලි තම්බා එම වතුරෙන් හිස සේදීම.

ඐදෙහි ගැට, උළු හාල් තම්බා සතියකට දෙවරක් පමණ හිස සේදීම.

2. අකලට හිසකෙස් ගැලවී යාම.

හේතු - අධික හිරු එළිය.

 

*උණු / අධික ශීතල ජලය නෑම.

*රාත්‍රී කාලයට නෑම.

*හිසකෙස්වලට සිදු කරන විවිධ වූ නවීන

විලාසිතා.

*කෘතිම ෂැම්පු, කන්ඩිෂනර් ආදී වෙනත්

ආලේපන.

*මානසික ආතතිය හා වැරදි

සම්බාහන ක්‍රම.

*ගර්භණි කාලයේ ඇතිවන තයිරොක්සීන් හෝමෝන අසමතුලිතා.

*පෝෂණ ඌනතා.

*වෙනත් විවිධ රෝගී තත්ත්ව.

ප්‍රතිකාර

*අමුනෙල්ලි, දෙහි යුෂ සමඟ

මිශ්‍රකර නෑමට පෙර හිසේ ගෑම.

*රත්මල් කැකුළු කුඩු, කීකිරිදිය හා

පොල්කිරි සමග මිශ්‍රකර ගෑම.

*දෙහි ගැට, උළු හාල් සමඟ තම්බා හිස සේදිම.

*තල තෙල්වලට කීකිරිදිය හෝ නික කොළ යුෂ දමා රත්කර හිසෙහි ආලේපය.

 

 

 

මිශ්‍ර හිස කෙස් සඳහා ෂැම්පු

 

*බිත්තර සුදු මදයක්, යෝගට්

කෝප්ප 1 ක් එඬරු තෙල් බිංදු 3 ක් එකතුකර මිශ්‍රකරගන්න.

*බිත්තර සුදු මදයක්, මී කිරි, එඬරු තෙල් බිංදු 5 ක් එකතුකර මිශ්‍රකරගන්න.

 

 

 

පොදුවේ

සියලුම හිසකෙස් වර්ග සඳහා

කන්ඩිෂනර් වර්ග

*යෝගට් තනිකර ගෑම

*යෝගට්වලට එඬරු

තෙල් බිංදු 3 ක් මිශ්‍ර කර ගෑම

*යෝගට්, කඩල පිටි හා මී

පැණි බිංදු 3 ක් මිශ්‍ර කර ගෑම

 

 

තෙල් සහිත හිසකෙස්වලට ෂැම්පු

 

* මිංචි කොළ යුෂ

* කොහොෂ කොළ යුෂ හා අමුකහ

* සියක්කා හා නෙල්ලි

තම්බාගත් වතුර

 

 

වියළි හිස කෙස් සඳහා සුදුසු ෂැම්පු වර්ග

 

* කෝමාරිකා යුෂ කෝප්ප එකකට

දෙහි බිංදුවක් එකතු කරගන්න.

* කෝමාරිකා යුෂ කෝප්ප 1 ක්

හෝ 2 ක්, මී පැණි බිංදු 3 ක්, දෙහි

බිංදු 2 ක් එකතු කරගන්න.

* ත්‍රිපලා කෂාය කෝප්ප 2 ක්,

කෝමාරිකා යුෂ කෝප්ප 1ක් හා

දෙහි බිංදු 2 ක් එකතුකර

මිශ්‍රකරගන්න.

* කොහොඹ කොළ කෝප්ප ½ ක්,

කෝමාරිකා යුෂ කෝප්ප ½ ක් හා

දෙහි බිංදු 2 ක් එකතුකර

මිශ්‍රකරගන්න.

මේවා එක් වර්ගයක් යොදා හිසෙහි හොඳීන් ගා, විනාඩි 10 ක් 15 ක් පමණ හොඳීන් සම්බාහනය කර පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.

 

උපදෙස්

කුමුදු හේවාවිතාරණ

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

 

 

586 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 15:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න