තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:08

ද්වි වර්ණ ගෙනෙන එළිය විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(1 මනාපය)
    සුන්දරව හැඩවැඩ වෙන්න හිතන එක යෞවනයට මෙන්ම තාරුණ්‍යයටත් සාමාන්‍ය දෙයක්.

 

ඒ හින්දා අපේ දූවරු තමන්ගේ නිය පෙළත් ක්‍යුටෙක්ස් ටිකක් ගාලා ලස්සනට තියාගන්න කැමැතියි. එවැනි දූවරුන්ට නිය හැඩ කරන සරල නේල් ආර්ට් එකක් මෙලෙස තිළිණ කරනවා. මෙය උත්සව අවස්ථාවක නිය පෙළ සරසා ගන්නත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

බේස් කෝට්

ඔබ කැමැති වර්ණ දෙකක නේල් පොලිෂ්

ක්ලියර් නේල් පොලිෂ්

පින්සල්

ස්පොන්ජ්

නිර්මාණය කිරීම

 

පළමුව නිය හොඳින් සෝදා පිරිසුදුකර වියළා ගන්න. නිය පොතු ආරක්ෂා වීමට අවර්ණ බේස් කෝට් ගල්වා වියළෙන්නට හරින්න. (වර්ණ සහිත බේස් කෝට් ද ඇති අතර එවැනි බේස්කෝට් එකක් භාවිත කරන්නේ නම් එය ද වර්ණයක් ලෙස ගත හැකියි.) ඉන්පසුව එක් වර්ණයක නේල් පොලිෂ් ගෙන දෙසැරයක් නිය මත ගල්වන්න. එයත් වියළෙන්න හරින්න. 1 රූපය බලන්න. පසුව පැලට් එකක් හෝ පීරිසියක් මතට මෙහි දැක්වෙන ලෙස නිය වර්ණ දෙකක් දමන්න. ඒවා පින්සලෙන් 2 රූපයේ පරිදි කලවම් කරන්න. සම්පූර්ණයෙන් කලවම් කරන්න එපා. ඉන්පසු ස්පොන්ජ් කොටසක් ගෙන 3 රූපයේ දැක්වෙන ලෙස එය ස්පොන්ජ් කොටසට උරා ගැනීමට සලස්වන්න. දැන් 4 රූපයේ දැක්වෙන ලෙස නිය මත තබන්න. පසුව පුළුන් කැබැල්ලක් හෝ වෙනත් සුදුසු දෙයක් ගෙන පරෙස්සමට නිය වටේ ඇති අනවශ්‍ය නිය ආලේපන ඉවත්කර ගන්න. නිය මත ඇති ආලේපන වියැළුණු පසු වර්ණයක් නැති ක්ලියර් නේල් පොලිෂ් ගල්වා නිය දීප්තිමත් කරගන්න.

898 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න