තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:02

ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම පිළිබඳ අවබෝධය වැදගත් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(2 මනාප)
රූපලාවණ්‍ය ශිල්පිනියක් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ හිනි පෙත්තටම ළඟාවීමට නම් ඒ සඳහා නිවැරැදි දැනුමක් ලබා තිබිය යුතුයි. ඒ දැනුම මනින හොඳම මිනුම් දණ්ඩ වන්නේ NVQ  Level - 3, 4 විභාගයෙන් සමත් වීමයි. එය පහසුවෙන් සමත්වීමට මේ විෂයය කරුණු ඔබට අත්වැලක් වනු ඇත.

 

NVQ  හදාරන ශිෂ්‍යයකු හිසකෙස් පිළිබඳව ද මනා දැනුවත්භාවයකින් පසු විය යුතුයි. එහිදී කොණ්ඩ මෝස්තර ශිල්පයේදී 90% ක්ම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම දැක්වයි හැකියි. එබැවින් මෙය ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවකි. මෙය ක්‍රියාවට නංවන අවස්ථා වන්නේ,

1. හිස් කබලට සාත්තු කිරීමේ කාර්යයන්වල දී ඵලදායි සහ

ආරක්ෂිත ක්‍රමයක් ලෙස ෂැම්පු කිරීම සහ කන්ඩිෂනර් කිරීම කළ යුතුයි.

2. සාමාන්‍ය පරිදි එදිනෙදා ස්නානයේදී ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම.

NVQ  ශිෂ්‍යයකු ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීමේදී, හිස් කබලට සාත්තු කිරීමේදී සහ ඵලදායි උපදෙස් ලැබීමේදී, එයට නිසි සේවාවක් ද සැපයිය යුතුයි. එය නිසි ලෙස නොකරන්නේ නම් සේවාලාභියාට ලැබෙන්නේ අඩු තත්ත්වයේ සේවයකි.

ෂැම්පු භාවිතය

ෂැම්පු කිරීමෙන් කෙස්වල කුණු, තෙල්, වියළි බව, දහදිය ආදී රසායනික ද්‍රව්‍ය ඉවත් වී, පිරිසුදු වෙයි. නිසියාකාරව ෂැම්පු කිරීම මඟින් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ කෙස්වල ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් හිස් කබලේ ද ඇති කුණු, දූවිලි ඉවත් කිරීමයි. එය කෙස්වල පවතින Ph අගය (4.5 - 5.5) නෙවෙනස්ව පවත්වා ගැනීමට උපකාරී වේ.

කන්ඩිෂනර් කිරීම

කන්ඩිෂනර් කිරීමෙන් කියුටිකල් තට්ටුව සුමුදු වී කෙස් ආරක්ෂා වී, පිරිසුදු වී, හැසිරවීම පහසු කරයි. එමෙන්ම ආපදාවලින් ආරක්ෂා කරන මතුපිට ආරක්ෂක පටලයක් සාදා, හිස කෙස්වලට අවශ්‍ය තෙතමනය රඳවා ගනියි. එමඟින් හිරු එළියෙන්, දැඩි උණුසුමින්, සීතලෙන් වැනි බාහිර පරිසරයෙන් ඇතිවන බලපෑමවලින් ද හිස කෙස් ආරක්ෂ කරයි. තවද කෙස් ගස් අතර පවතින විකර්ෂණය අවම කර, ගැට ගැසීම අඩු කර, පීරීම පහසු කරයි. දිදුළන බවක් ගෙන දෙයි.

සේවාලාභියාගේ හිස කෙස් ෂැම්පු කිරීමට ප්‍රථම සේවාලාභියා පිළිගැනීම, සුහදත්වය වර්ධනය කරගැනීම, තමා කරන සේවය පිළිබඳ හඳුන්වා එහි මිල ගණන් පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා දෙන්න. සේවාලාභියාගේ තොරතුරු වාර්තාගත කරන්න.

ආරක්ෂාව සහ සෞඛ්‍යය

සෑම විටම නිෂ්පාදනයෙහි අඩංගු උපදෙස් නිවැරැදිව පිළිපැදිමත් අවශ්‍ය උපකරණ ජීවාණුහරණය කිරීමත් කළ යුතුයි.

උදාහරණ - තුවා, කේප්, බ්‍රෂ්, පනා.

රසායනික භාවිතයේදී ආසාදනයන්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට නිසි ආරක්ෂක ක්‍රමවේද පිළිපදින්න. ලේටෙක්ස් සහිත අත්වැසුම් පලඳින්න. ර්‍ථර්‍ථඡ් (පනතකි) අනුගමනය කරන්න. සෞඛ්‍ය සහ ආරක්ෂාවට ඇති අවදානම නිසා ෂැම්පු කරන ස්ථානය නිතරම පිරිසුදුව තබන්න.

ඉවත දමන ද්‍රව්‍ය, පියන වසන ලද භාජනවල දමන්න. එවිට අහිතකර විසබීජ පැතිරීම අවම වේ. තමන් මෙන්ම සේවාලාභියාව ද ආරක්ෂිතව සූදානම් කරන්න. එහිදී කෙස්වල සහ හිස් කබලේ තත්ත්වය හඳුනා ගන්න. ඒ අනුව සේවාලාභියාගේ වාර්තා පවත්වා ගැනීම ගැන සැලකිලිමත් වන්න.

හිස් කබල පරීක්ෂා කිරීමේ දී දද, කුෂ්ඨ, බෝවන රෝග ඇත්දැයි බලන්න. ඇත්නම් සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වන ලෙස උපදෙස් ලබා දෙන්න. දැන් කාර්යය කිරීමට සූදානම් වන්න.

ෂැම්පු, කන්ඩිෂනර් වර්ග, පනා, ඩෙන්මන් බ්‍රෂ්, ටවල් දෙකක්, කේප්, සෙක්ෂන් ක්ලිප්ස් සහ හෙයාර් ඩ්‍රයර් සූදානම් කරගන්න. ඉන්පසු තුවාය ගෙල පිටුපසින් යවා ඉදිරිපස කොටස ආවරණය වන සේ රඳවා ගන්න. හිස කෙස් ගැට හැර පීරා ගන්න. සේවාලාභියාගේ ගෙල සහ බේසම අතර නිසි ලෙස තුවාය නොතිබීමෙන් වතුර කාන්දු වේ. ඒ ගැනත් සැලකිලිමත් වන්න.

දැන් නිසි ලෙස සේවාලාභියා වාඩි කරවා, ඔබ ඇයගේ හිස අසල සිට ගන්න. නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම ෂැම්පු, කන්ඩිෂනර් භාවිතයේදී ඉතා වැදගත් වේ. ඒසේ නැතහොත් කොන්දේ කැක්කුම සහ දීර්ඝකාලීන දුර්වලතා ඇති විය හැකියි.

කාර්යක්ෂම ආරක්ෂක ඵලදායි සේවයක් සඳහා ජලයේ උෂ්ණත්වය පරීක්ෂා කර බලන්න. ජලයේ පීඩනයට සේවාලාභියාගේ ඇඳුම සහ මුහුණ නොතෙමෙන පරිදි ඉරියව් තබා ගන්න. වේලාව ගැන ද අවධානය යොමු කරන්න. යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයන් ඇලජික් වෙනවා ද යන්න පරීක්ෂා කර බලන්න.

හිස කෙස්වල ස්වභාවය අනුව ෂැම්පු වර්ගය තෝරා ගන්න. මෝමල් ෂෑම්පු, ඩ්‍රයි ෂැම්පු, ඔයිලි ෂැම්පු, ඩැමේජ් හෙයාර් ෂැම්පු, මෙඩිකේටඩ් ෂැම්පු ඒ අතරින් කිහිපයකි. ඒවායේ අඩංගු ද්‍රව්‍ය ගැන ද සැලකිලිමත් වන්න. ෂැම්පුවලට එම නාමයන් ලැබෙන්නේ එහි අඩංගු සාන්ද්‍රණය අනුවයි.

නිසි ෂැම්පු වර්ගයක් තෝරා නොගැනීමෙන් හිස කෙස් කොහු ආකාරයක් ගනී. එවිට එය නැවත යථා තත්ත්වයට පත් කිරීම තරමක් අපහසුය.

ඇලෝවේරා, කැමේලියා, ක්ලැරිෆයිඩ්, කොකනට්, ජෝජෝබා, සෝයා වැනි විවිධ සංයෝගයන් එකතු කරමින් සකසන ෂැම්පු වර්ග ද ඕනෑ තරම් තිබේ. නමුත් වැදගත් වන්නේ ටෙස්ටර්, ටොටර්කොලිටි, තික්, ෆයින්, ඔයිලි වැනි ෂැම්පු වර්ගයක් තෝරා ගැනීමයි.

ෂැම්පු කිරීමේ සම්බාහන ක්‍රම

එක්ස්ට්‍රාජ්, රොටරි, ෆික්සන් ඒ අතර වෙයි. කොණ්ඩය ෂැම්පු කිරීම ආරම්භයේදී එක්ස්ට්‍රාජ් සම්බාහන ක්‍රමයෙන් ආරම්භ කර ෆික්සන් ක්‍රමයෙන් අවසන් කරන්න. මේ ආකාරයට මඳ වේලාවක් සම්බාහනය කරමින් ෂැම්පු කර ඉන්පසු සෝදා හරින්න.

කොණ්ඩයෙන් බේරෙන වතුර ඉවත් වන පරිදි ටවල් එකෙන් තෙතමාත්තු කරන්න. එය කොණ්ඩයේ තෙත ගතිය ඉවත් නොවන ලෙස කළ යුතුයි.

දැන් කන්ඩිෂනර් කිරීම ආරම්භ කළ හැකියි. මෙම කන්ඩිෂන් වර්ග ද සර්ෆේස්, ඇක්‍යුබැලන්ස් , ලීවොන් ආදී වර්ග ගණනාවක් ඇත. එහි සංයෝගය අනුව හිස කෙස්වලට අදාළ කන්ඩිෂනර් වර්ගය තෝරා ගන්න.

අද වෙළෙඳපොළෙහි මිල දී ගැනීමට ඇති ෂැම්පු, කන්ඩිෂනර්වල සල්ෆේට්, පැරාබන්, සෝඩියම්, සල්ෆේට් වැනි රසායනිකයන් අඩංගුයි. එවැනි වර්ග භාවිතයෙන් වළකින්න.

කන්ඩිෂනර් ගැල්වීමේදී හිස කෙස්වල පමණක් ගැල් විය යුතුයි. ඇඟලි කෙස් ගස් අතර යවමින් හොඳින් කන්ඩිෂනර් කරගන්න. ඉන්පසු සෝදා හරින්න. දැන් හෙයාර් ඩ්‍රයර් එකක් භාවිතයෙන් හිස කෙස් වියළා ගන්න.

NVQ  ශිෂ්‍යයකු සේවාලාභියාගේ හිසකෙස් ෂැම්පු, කන්ඩිෂනර් කරන විට මේ කරුණු හොඳින් පිළිපදින්න.

 

NVQ  පාඩම් මාලාව පිළිබඳ ඔබට ගැටලු ඇත්නම් 0112429592 දුරකථන අංකයට අමතන්න.

 

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

 

736 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න