තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 13:49

කලාත්මක පෙනුමක් ගෙනෙන කොණ්ඩ මෝස්තරයක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
විටෙක කෙස් කලඹේ අවුල් සහගත බවිනුත් ඔබේ රුවට කලාත්මක බවක් එක් වෙනවා. අවුල් සහගත කෙස් කලඹ කලත්මක බවින් ඔබටම සකසාගත හැකි කොණ්ඩ මෝස්තරයකි මේ.

 

මෙය ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ට් එකකින් හෝ ගවුමකින් සැරසෙන යුවතියකට කදිමයි.

මේ සඳහා පළමුව කොණ්ඩය දෙපසින් ඉතිරිකර පසුපස කොණ්ඩ මිටක් ලෙස අල්ලා පෝනි ටේල් එකක් දමාගන්න.

මේ පෝනි ටේල් එකේ කොණ්ඩය දෙකට බෙදා ඡායාරූපයේ පෙනෙන පරිදි පෝනි ටේල් එකේ ඉහළින් විරුද්ධ දෙසට ඇතුළට රිංගවන්න.

ඉන්පසුව කම්මුල් දෙපැත්තේ ඇති කොණ්ඩයත් පිටුපසට ගෙන පෝනි ටේල් එකක් දමාගන්න.

එයත් දෙකට බෙදා පෙර පරිදිම පෝනි ටේල් එකේ ඉහළින් විරුද්ධ දෙසට ඇතුළට රිංගවන්න.

දැන් පිටුුපස කොණ්ඩයේ පහළින් බෑන්ඩ් එකක් දමන්න. මේ කොණ්ඩය පෝනි ටේල් එකේ ඉහළ මැද කොටස තුළට කොණ්ඩ ගෙඩියක් ලෙස පෙනෙන පරිදි නමා රිංගවා ගන්න.

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ කේශාලංකරණ ශිල්පිනී

නිල්මිණි බන්නැහැක

709 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 13:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න