තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

රශි පබෝදා

අගයන්න
(13 මනාප)

කොළඹ ජෙයික් හිල්ටන් බෝල්රූම් උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම මංගල උත්සවය දේශපාලඥයන්, ප්‍රභූවරුන්, ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් රැසක් සහභාගිවුහ.ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩිගේ එකම දියණිය වූ පබෝදාගේ ආශාව වී තිබුණේ තම මංගල උත්සවය ඉතාමත් චාම් අන්දමින් පැවැත්වීමටයි.

ඒ සිතැඟි ඉටුකරමින් ඇයව චාම්ව සහ ඉතාමත් අලංකාර අන්දමින් හැඩගැන්වූයේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී මරීනා පෙරේරායි.

“පබෝදා මංගල සාරිය විදියට තෝරාගෙන තිබුණේ කට්වර්ක් මෝස්තරය සහිත ස්වේත වර්ණයේ සිල්ක් සාරියකි. එය ඇයට තිළිණකර තිබුණේ දෙහිවල ශ්‍රීමතීස් ආයතනයයි. මේඩ්අප් ක්‍රමයට සකසන ලද ඇයගේ ඔසරියට වටිනාකමින් ඉහළ ස්වභාවයක් ගෙන තිබුණේ එහි කට්වර්ක් මෝස්තරය ඉස්මතු වී පෙනීම සඳහා යොදා තිබූ ගෝල්ඩ් ලයිනින් බෝඩරයයි. සිංගප්පූරුවෙන් ඇය වෙනුවෙන්ම ගෙන්වන ලද ගෝල්ඩ් සහ සිල්වර් ස්ටෝන් මඟින් සාරියට වැඩි සුන්දරත්වයක් එක්වී තිබුණා.

පබෝධාගේ සාරිය සුදු සහ ගෝල්ඩ් වර්ණයෙන් යුක්ත වූ නිසා එයට ගැළපෙන අයුරින් ආභරණ සකස්කර තිබුණි. මේ මනරම් ආභරණ ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රින් වෙතින් ඇය වෙනුවෙන්ම නිර්මාණය කරතිබුණේ ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී දිමාල් ජයසූරියයි. මංගල සාරියට සහ ආභරණවලට ගැළපෙන අයුරින් මල් කළඹට කැටිලියා, ඕකිඩ්ස් සහ රෝසමල් යොදා තිබුණි. ඇයගේ හෙඩ්ඩ්‍රෙස් එක ද මල් කළඹට උචිත වන ලෙස නිර්මාණය කරතිබුණි. ඇය යෙහෙළියන් ලෙස යොදා ගත්තේ පොඩිත්තියන් සමූහයක්. එය මේ මංගල උත්සවයේ තිබූ විශේෂත්වයකි. ඔවුන්ගේ වර්ණය සිල්වර් සහ මෙරූන් පැහැයයි.

එසේම පබෝදාගේ තීම් එක නිර්මාණය වී තිබුණේ ගෝල්ඩ්, සිල්වර් සහ මෙරූන් වර්ණයෙනි. ඇය පැහැපත් යුවතියක් නිසා ඇගේ සුන්දරත්වය මතුකර ගතහැකි ආකාරයේ චාම් මේක් අප් එකක් ඇයට යොදාගත් බව මරීනාගේ අදහසයි.

ගොයින්අවේ එක සඳහා ඇය තෝරාගනු ලැබුවේ රතු පැහැති ගවුමක්. ගවුමට ගැළපෙන අයුරින් මල් කළඹට මෙරූන් සහ රතු වර්ණයෙන් රෝසමල් යොදා තිබුණි. මංගල ඇඳුම් තෝරා ගැනීමේදී මෙන්ම නිර්මාණය කරගැනීමේ දී ද හැඩගැන්වීම්වල දී ද ඇය සියල්ල නිවැරැදි අයුරින් තෝරා ගෙන තිබීමෙන් පබෝදාට සුන්දරතම උඩරට මනාලියක් වෙන්නට අවස්ථාව හිමිවුණා. දෙවැනි දිනයේදී පබෝදා හැඩගැන්වුණේ රතු පැහැති ජෝර්ජට් සාරියකින්. එය හැඩ ගන්වා තිබුණේ ක්‍රිස්ටල් ස්ටෝන් වලිනුයි. එදින ඇය ඉතා චාම් සරල ආභරණවලින් සැරසී සිටියා.

පබෝදා - සිදත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් !

Additional Info

  • බැන්ඳේ: 2012 ජූලි 01, ඉරිදා
  • අතිනත ගත්තේ: සිදත් හරින්ද්‍ර
  • උත්සවය: කොළඹ ජෙයික් හිල්ටන් හෝටලය
  • ඇන්ඳුවේ: මරීනා පෙරේරා
මේ යටතේ එන අනෙකුත් ලිපි: « දිනූෂා රාජපතිරණ අනුරාධ - දිලිනි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න