තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මංගල කේක් ඇසුරුම් සිරස්තල

2012 ජූනි 27, බදාදා 16:00

මංගල කේක් එකට ලස්සන ඇසුරුමක්

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(4 මනාප)
වෙඩින් කේක් කෑල්ලක් නැති වෙඩින් එකක් නොවන තරමටම කේක් සහ මංගල උත්සවය අතර තිබෙන්නේ වැඩි සමීපත්වයක්. වෙඩින් කේක්වලට වැඩි වියදමක් දැරීමට සිදුවන නිසාම එයට වටිනා පෙනුමක් අලංකාරවත් නිමාවක් ගෙන දෙන ආකාරයෙන් ඇසුරුම් කරගන්නට වැඩිදෙනෙක් උනන්දුවක් දක්වනවා.

මේ සඳහා වෙළෙඳ පොළේ ඇති වර්ණවත් රැපින් පේපර්ස් (දවටන) කාඩ්බෝඩ් පෙට්ටි, පන්වලින් සහ වේවැල්වලින් සාදා ඇති ඇසුරුම් මෙන්ම සෙරමික්, මැටි ප්ලාස්ටර් ඔෆ් පැරිස් ආදියෙන් ද කේක් පෙට්ටි නිමවෙනු දක්නට පුළුවන්.

මෙහි දැක්වෙන්නේ මංගල කේක් පිරි නැමීම සඳහා අලුත් අදහසකට අනුව නිර්මාණය වූ ඇසුරුමක්.

මෙහි විශේෂත්වය ඇසුරුම තුළවන මංගල කේක් කැබැල්ලෙහි අලංකාරවත් පෙනුම පිටතින් ද ඉස්මතුවී පෙනීමයි.

මෙහිදී සාදාගත් වෙඩින් කේක් සකසා ගැනීීම සඳහා සිලින්ඩරාකාර හැඩයේ කුඩා අච්චුවක් අවශ්‍ය වෙයි.

එයට කේක් පුරවා හොඳින් තද කරන්න.

දැන් එය අච්චුවෙන් පිටතට ගෙන එහි වටේට ඔබ කැමැති වර්ණයක රිබන් පටියකින් හෝ ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කරගන්න මෙහි බේස් එක සඳහා පාච්මන්ට් රවුම් හැඩ කපා වේළා ගන්න.

ඉන්පසු එය උඩින් තබා වටේට රෝයල් අයිසින්වලින් හැඩ කරන්න.

උඩත් රෝයල් අයිසින් වලින් ෂෙල් බෝඩරයක් යවන්න.

එහි මැද පාච්මන්ට් අයිසින්වලින් ලොකු සහ කුඩා ක්‍රීම් රෝසමල් දෙක බැගින් සාදා එක උඩ එක තබා අලංකාර කරගන්න.

බේ මංගල දිනයටත් මෙය අලුත් අදහසක් වේවි.

නිර්මාණය ලංකා චාන්දනී කේක් ක්‍රියේෂන්, මහර, කඩවත

5431 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 12:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න