තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2016 මැයි 31, අඟහරුවාදා 12:23

දම් පැහැය තේමා කරගත් මනාල යුවළකටයි මේ මංගල කේක් ආකෘතිය විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
 මංගල ගමනට සැරසෙන ඔබ වෙනුවෙන් තවත් අලංකාර කේක් නිර්මාණ දෙකක් මේ සතියේත් මෙලෙස තිළිණ කරන්නෙමු. අපි එය නිර්මාණය කරන ආකාරය ශිල්පිනී ඔරෙන්සි සිරිවර්ධන ගෙන්ම අසා දැන ගනිමු.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x5 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 12x5 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 16x5 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 20x5 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 24x5 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

පාච්මන්ට් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

සෘජිෆෝම් බේස්බෝඩ් එකක්

දම් පැහැති රිබන් පටි

සාදන ක්‍රමය

පළමුවෙන්ම ඩමි සියල්ලම සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු මෙහි පහළින්ම ඇති ඩමිය සහ මැද ඩමියත් ඉහළම ඇති ඩමියත් ඩයමන් ෂේප් එකෙහි ආකාරයට ටූල් එකක් ආධාරයෙන් කට් කරගන්න. දැන් එහි මුළු සියල්ලම උඩින් සුදු ස්ටෝන්ස් අලවන්න. පසුව දෙවැනි ඩමිය සහ සිව්වැනි ඩමියෙහි යටින් කළු පැහැති රෝයල් අයිසිං බෝඩරයක් දමාගන්න.

පසුව මෙම සෑම ඩමියකම යටින් දම්පාට රිබන් පටියක් අලවා බෝ එකක් සාදාගන්න. රිබන් පටියට ඉහළින් කුඩා ස්ටෝන්ස් පටියක් අලවා ගන්න. කේක් එකෙහි ඉහළින් අවශ්‍ය නම් මනාල යුවළගේ නම්වල මුල් අකුර සාදා අලවා ගත හැකියි. නැතිනම් මනාල යුවළකගේ අනුරුවක් ද තැබිය හැකියි.

  උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ඔරෙන්සි සිරිවර්ධන 

7657 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 31, අඟහරුවාදා 12:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න