තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2016 මැයි 31, අඟහරුවාදා 12:28

ධවල පැහැති කේක් එකට පාට පාට මල් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)
අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟල් 6x4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 10x4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 14x4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 18x4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 22x4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

පාච්මන්ට් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

රවුම් සෘජිෆෝම් බේස්බෝඩ් එකක්

 

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ලම සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු බේස්බෝඩ් එක මත ඩමි සියල්ලම පිළිවෙළින් තබාගන්න. දැන් මෙම ඩමි වටා සුදු පැහැති අයිසිං මඟින් නොම්බර දෙක නොසලයෙන් ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මෝස්තරයක් දමාගන්න. ඉන්පසු මෙම සෑම ඩමි දෙකක් අතරටම රෝයල් අයිසිං මඟින් ෂෙල් බෝඩරයක් දමන්න.

දැන් පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස, ඕකිඩ් සහ මෙහි ඇති කුඩා මල් වර්ග සහ කොළ සාදා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කේක් එකෙහි ඉහළ සිට පහළට අලවාගන්න.

 

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ඔරෙන්සි සිරිවර්ධන

ඡායා ශාන් රඹුක්වැල්ල

7305 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 31, අඟහරුවාදා 12:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න