තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2016 ජූලි 05, අඟහරුවාදා 10:57

බටර් අයිසිං නිවැරැදිව හදමු ද?

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
 කේක් නිර්මාණ කලාවට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම ගෙන එන පාඩම් මාලාවක තවත් අගනා පියවරකි මේ. අද අපි බටර් අයිසිං සාදා ගනිමු.

 

බටර් අයිසිං නැත්නම් බටර් ක්‍රීම් වශයෙන් හඳුන්වන අයිසිං කේක් නිර්මාණ කලාවේ දී නැතුවම බැරි දෙයකි. මේවා කේක්වල ඇතුළත සැන්ඩ්විච් කිරීමට මෙන්ම පිරවීම සඳහා ද කේක් ආවරණය කිරීමට ද භාවිත කරයි.

මෙම බටර් අයිසිං විවිධ රසට සාදාගත හැකියි. චොකලට් යෙදූ විට චොකලට් බටර් අයිසිං නම් වේ. පලතුරු යුෂ වැනිලා, ලෙමන් යුෂ ආදිය ද කැමැති නම් එක්කර බටර් අයිසිං සාදා ගත හැකියි. එමෙන්ම කප් කේක්, ස්පොන්ජ් කේක්, බටර් කේක් සහ අනෙකුත් අතුරුපස වර්ග සැරසීම සඳහා ද බටර් අයිසිං නැතුවම බැරි දෙයකි.

බටර් අයිසිං වර්ග තුනකි. එනම් මෘදු බටර් අයිසිං, හාඩ් බටර් අයිසිං හා සාමාන්‍ය බටර් අයිසිං ලෙසිනි.

බටර් අයිසිං සාදමු

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 140 ක්

අයිසිං සීනි ග්‍රෑම් 280 ක්

දියකර ගත් කිරි පිටි මේස හැඳි 1-2 ක් (කැමැති නම්)

ආහාර වර්ණක

සාදන ක්‍රමය

බටර් ශීතකරණයෙන් පිටතට ගෙන හොඳින් අයිස් යනතුරු තබන්න. එම බටර්වලින් ග්‍රෑම් 140 ක් ගෙන පිරිසුදු වියළි බඳුනකට දමන්න. එයට කිරි ටික දමා හොඳින් බීට් කරගන්න. ඉන්පසුව එයට අයිසිං සීනි ටික ටික එක්කර පැතලි හැන්දකින් හොඳින් කලවම් කරගන්න. ඉන්පසු හොඳින් මෘදු වෙනතුරු බීට්කරගත යුතුයි.

ඔබට මෙය වර්ණ ගන්වා ගැනීමට අවශ්‍ය නම් අවශ්‍ය ආහාර වර්ණකවලින් බිඳක් දමා නැවත හොඳින් කලවම්කරගත යුතුයි.

සාදාගන්නා අයිසිං කොටස්වලට වෙන්කර වෙන වෙනම අවශ්‍ය වර්ණක දමා කලවම්කර වෙනම සාදා ගැනීමට පුළුවනි.

සාදාගත් බටර් අයිසිං භාවිත කිරීමෙන් පසු ඉතිරි වූයේදී නම් ප්ලාස්ටික් හෝ වීදුරු බඳුනක එහෙමත් නැතිනම් ලන්ච් ෂීට් එකක ඔතා ශීතකරණයේ තබාගත හැකියි. පිරිසුදුව අධි ශීතකරණයේ තබාගත හැකි නම් මාස තුනක් පමණ තබා ගැනීමට පුළුවනි.

 

බටර් අයිසිං සාදා ගැනීමේ දී ගැටලු මතු වුවහොත් 0718127022 අංකයට අමතන්න

 

 

උපදෙස් - කේක් නිර්මාණ ශිල්පිනී

විලාසිනී වක්වැල්ල 

6173 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 05, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න