තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2016 අගෝස්තු 30, අඟහරුවාදා 11:24

බටර් අයිසිංවලින් කේක් එකක් කවර් කරමු විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(5 මනාප)
කේක් නිර්මාණ කලාවේ නැවුම් ඉසව් සොයා ඔබේ දැනුම පොහොසත් කරන්නට අප හැමදාමත් සූදානම්. ඒ වෙනුවෙන්ම ඇරැඹි බටර් අයිසිං කලාව මුල සිට හඳුන්වා දෙන ලිපි පෙළක තවත් පියවරකි මේ.

 

අද අප ඔබට කියාදෙන්නේ බටර් අයිසිං ආශ්‍රයෙන් නිවැරැදිව කේක් එකක් කවර් කරගන්නා ආකාරයයි. මේ දැනුවත් බව කේක් නිර්මාණ කලාවට ආධුනික ඔබට බොහෝ අගනාකම් ගෙන දේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

අවශ්‍ය වර්ණක යොදා සාදාගත්

සොෆ්ට් බටර් අයිසිං

අයිසිං බෑග්

විල්ටන් 789 නොසල් එක

අඟල් 9 ස්පතුලර් එක

ෆොන්ඩන්ට් ස්මූතර් එක

පේපර් ටවල්ස්

අවශ්‍ය අනෙකුත් දේවල්

 

සාදන්නේ මෙහෙමයි

කේක් එකක් නිවැරැදි ආකාරයෙන් අයිසිං කරන්නට බලාපොරොත්තු වන ඔබ පළමුව ඔබට අවශ්‍ය කේක් එක බේක් කරගන්න. ඔබ තරමක් උස කේක් එකක් බලාපොරොත්තු වනවානම් පළමුව ඔබට අවශ්‍ය උස අනුව කේක් දෙකක් හෝ තුනක් බේක්කර ගන්න. ඉන්පසු එය පැය තුනක් පමණ නිවෙන්නට තබන්න.

දැන් රෝස පැහැයෙන් සාදාගත් සොෆ්ට් බටර් අයිසිං දමා කේක් තුනම එක මත එක තබා සැන්ඩ්විච් කරගන්න. පසුව මෙම සම්පූර්ණ කේක් එක මත බටර් අයිසිං දමා පැලට් නයිෆ් ආධාරයෙන් මට්ටම් කරගන්න.

ඉන්පසු විල්ටන් 789 නොසල් එකට බටර් අයිසිං දමා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අයිසිං කරගන්න. පසුව ස්පතුලර් උපකරණය ගෙන ඡායාරූපයේ පරිදි මට්ටම් කරගන්න. එහිදී කඩතොලු ඇතිවුවහොත් ඒ තැන්වලට නැවතත් අයිසිං ස්වල්පයක් දමා ෆැලට් නයිෆ් එකෙන් මට්ටම් කරන්න. එහිදී අනවශ්‍ය අයිසිං ඉවත් කරගන්න.

දැන් කේක් එක මත පේපර් ටවල් එකක් දමා ඒ මත ෆොන්ඩන්ට් ස්මූතර් එකකින් කේක් එක නීට් කරගන්න. දැන් අයිසිං බෑග්එකට තුඩ තරමක් ලොකු ස්ටාර් නොසලයක් දමා ඡායාරූපයේ දැක්වෙන පරිදි රෝස මල් ආකාරයට අයිසිං කරගන්න. පසුව කේක් එක වටා කේක් සඳහා භාවිත කරන විවිධ වර්ණ ස්ප්‍රිංකල්ස් ඉසින්න.

කේක් එකෙහි පහළින් බේස් බෝඩ් එක වටාද ස්ප්‍රිංකල්ස් කීපයක් ඉසින්න.

  උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යානි මුණසිංහ

5069 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 30, අඟහරුවාදා 11:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න