තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2017 ජනවාරි 31, අඟහරුවාදා 13:01

රතු මලින් හැඩවුණු කදිම නිර්මාණ

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ඔරෙන්සි සිරිවර්ධන   මේ අපූරු කේක් ආකෘතිය ඔබේ දෙවැනි ගමන සරසන්නයි. රතු රෝස මල් තේමාව කරගනිමින් විවාහ මංගල්‍යය පවත්වන්නට ඔබ සූදානමින් සිටිනවා නම් මේ ආකෘතිය ඔබට වටිනා තිළිණයක් වේවි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 8x8 රවුම් ඩමි එකක්

අඟල් 12x8 රවුම් ඩමි එකක්

අඟල් 16x8 රවුම් ඩමි එකක්

අඟල් 20x8 රවුම් ඩමි එකක්

අඟල් 24x8 රවුම් ඩමි එකක්

රවුම් බේස්බෝඩ් එකක්

සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිං

ක්‍රීම්, රතු රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය:

පළමුව මෙම ඩමි සියල්ලම සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු බේස් බෝඩ් එක උඩින් ඩමි පිළිවෙළින් තබාගන්න. දැන් නොම්බර දෙක නොසලයට රතු පැහැති රෝයල් අයිසිං දමා බේස්බෝඩ් එක වටා වර්ක් කරගන්න. ඒ ආකාරයටම දෙවැනි ඩමිය සහ හතරවැනි ඩමිය වටේටත් වර්ක් කරගන්න. පසුව අංක එක, තුන සහ පහ ඩමි මැදින් නොම්බර එක සහ දෙක නොසල් මඟින් රෝයල් අයිසිංවලින් ලියවැල් රටාවක් දමන්න.

ඉන්පසු සෑම ඩමියක් වටාම ෂෙල් මෝස්තරයක් දමන්න. පසුව පාච්මන්ඩ් අයිසිං මඟින් රෝස, ඕකිඩ් මල් ද පොහොට්ටු ද ගෙඩි සහ කොළ ද සාදා වේළාගන්න.

අවසානයේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයට එම මල් කොළ සහ ගෙඩි තබා අලංකාර කරගන්න.

 


 

විවාහ ගිවිසගන්නා දිනට...කේක් එකට ඒරම් ලිලී

 

 

 

මොනර නිල් පැහැය තේමා කරගනිමින් සිදුකරන විවාහ මංගල්‍යයකට වගේම විවාහ ගිවිස ගැනීමකට හොඳින්ම ගැළපෙන අපූරු කේක් නිර්මාණයක්. ගාර්ඩිනියා මල් පොකුරුවලින් වගේම ඒරම් ලිලී මල් නිසා කේක් එක

තවත් සුන්දර වෙලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 5 ක් උස අඟල් 14 ක විශ්කම්භයෙන් යුත් රවුම් ඩමි එකක්

අඟල් 5 ක් උස අඟල් 12 ක විශ්කම්භයෙන් යුත් රවුම් ඩමි එකක්

අඟල් 8 ක් උස අඟල් 10 ක විශ්කම්භයෙන් යුත් රවුම් ඩමි එකක්

අඟල් 18 ක විශ්කම්භයෙන් යුත් රවුම් මිරර් එකක්

සුදු සහ තද නිල් වර්ණ ෆොන්ඩන්ට් අයිසිං හා පාච්මන්ට් අයිසිං

තද නිල් පැහැති අඟලේ රිබන් පටි

 

සාදන ක්‍රමය:

පළමුව ඩමි තුන ගෙන දියකරගත් ජෙලටින් ගා ගන්න. ඉන්පසු මෙම ඩමි තුනෙන් ලොකු ඩමිය සහ කුඩා ඩමිය සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. මැද ඩමිය ද නිල්පාටින් ආවරණය කරගන්න.

දැන් මේ ඩමි තුනම මිරර් එක උඩින් තබා ඩමිවල යටින් නිල් රිබන් පටි අලවන්න.

පසුව පාච්මන්ට් අයිසිං භාවිතයෙන් ඒරම් ලිලී මල්, ගාර්ඩිනියා මල් සහ කොළ සාදා වේළාගන්න. අවසානයේ මේ මල් සහ කොළ ඡායාරූපයේ දැක්වෙන පරිදි කේක් එක මත තබා අලවාගන්න.

මෙම කේක් සාදා ගැනීමේදී ඔබටත් ගැටලුවක් ඇතිවුවහොත් 072-2435335 අංකය අමතා තොරතුරු ලබාගත හැකියි.

 

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති පිළිබඳ උපදේශිකා

සුජාතා ජයරත්න

3653 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 31, අඟහරුවාදා 13:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න