තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කේක් ආකෘති සිරස්තල

2018 ජනවාරි 23, අඟහරුවාදා 11:52

මල් මංගල්ලෙට හැඩැති කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
තවත් නොබෝ දිනකින් උදාවෙන මල් මංගල්‍යය සමයේදී තම විවාහ මංගල්‍යය සිදුකරන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබටයි මේ කේක් නිර්මාණය.

 

රෝස හා ඕකිඩ් යන මල් වර්ගත් මුතු පබළු රඳවනත් නිසා කේක් එකට වැඩි ආකර්ෂණයක් එක් වී තිබෙන අතර තරමක් උස කේක් නිර්මාණයක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 10 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමි එකක්

අඟල් 12 ක වට ප්‍රමාණය සහිත අඟල් 8 ක් උස ඩමි එකක්

අඟල් 18 ක වට ප්‍රමාණය සහිත අඟල් 8 ක් උස ඩමි එකක්

අඟල් 24 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමි එකක්

අඟල් 30 ක වට ප්‍රමාණය සහිත අඟල් 10 ක් උස ඩමි එකක්

අඟල් 36 ක වට ප්‍රමාණය සහිත අඟල් 2 ක් උස බේස් බෝඩ් එකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

මුතු පබළු සහිත පටි

පබළු

 

කේක් එක නිර්මාණය කිරීම

පළමුවෙන්ම සුදු ෆොන්ඩන්ට් අයිසිං ගෙන සියලුම ඩමි වටා අයිසිං කරගන්න. ඉන්පසු එම ඩමි වටා මුතු පබළු සහිත පටි අලවන්න. දැන් වේනර් එකක් භාවිත කරමින් පළමු තෙවැනි සහ පස්වැනි ඩමි වඩා මෝස්තරයක් දමාගන්න. දෙවැනි සහ සිව්වැනි ඩමි එලෙසම තබන්න. දැන් මේ සියලුම ඩමි වටා පබළු අලවා ගන්න. පසුව රතු වර්ණ පාච්මන්ට් අයිසිං මඟින් රතු ඕකිඩ් මලුත්, තැඹිලි පාටින් රෝස මලුත් සුදු වර්ණයෙන් ඕපන් රෝස මලුත් සාදාගන්න. සුදු පාච්මන්ට් අයිසිංවලට ඩල් ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේකර අයිව් කොළ හා රෝස කොළ සාදාගන්න.

දැන් එම මල් සහ කොළ ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඉහළ ඩමියේ සිට පහළ ඩමිය දක්වා අලංකාර ලෙස රඳවා ගන්න

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

 

 

 

 

 

 ඡායා - ශාන් රඹුක්වැල්ල

2387 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 23, අඟහරුවාදා 11:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න