තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 14:37

මංගල ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රමුඛයෝ

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
- ලින්ටන් මාස්ටර් ටේලර්ස් විවාහ මංගල්‍යයේ වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ මනාල යුවළගේ සුන්දරත්වයයි. එහිදි මංගල ඇඳුමට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. මංගල ඇඳුම් පිළිබඳ කතාකරන විට දිවයිනේ ප්‍රමුඛතම නාමය කන්ද උඩරට ලින්ටන් මාස්ටර් ටේලර්ස් ආයතනයයි. එහි සභාපති තීක්ෂණ නිශ්ශංක මහතා හා සිදුකළ මේ සුවිශේෂි විමසුම හෙට දිනයේ විවාහ අපේක්ෂිත ඔබ වෙනුවෙන්මයි.

 

මනාල යුවළකට ලින්ටන් මාස්ටර් ටේලර්ස් ආයතනයෙන් සිදුවන සේවාව කුමක්ද ...

මනාල මහත්මයාට සහ මහත්මියට එකම පියසක් යටදී තම මංගල ඇඳුම තම සිතැඟි අයුරින් ඉතා උසස් තත්ත්වයෙන් නිර්මාණය කර දීමට අප කාර්ය මණ්ඩලය නිරතුරු කටයුතු කරනවා.

Wedding, Home Coming, Going away යන සියලු අවස්ථාවන්ට අනුකූලව ඇඳුම් නිර්මාණය කරවාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

ඇත්ත වශයෙන්ම ඔබ ඉතා විශාල මුදක් වැය වේ යැයි සිතන මංගල ඇඳුම් ඔබ නොසිතන පහසු මුදලකට අපගේ මංගල ඇඳුම් පැකේජස් වෙතින් ඔබට ලබාගත හැකියි.

ලින්ටන් මාස්ටර් ටේලර් හි ඇරැඹුම කොතැනද?

අප ආයතනයේ නිර්මාතෘ, මගේ ආදරණීය පියාණන් වන ලින්ටන් විමලසේන මහතායි.

එතුමා 1950 දී ඇරැඹු මෙම මංගල ඇඳුම් නිර්මාණය කිරීමේ මේ ව්‍යාපාරය අද වන විට දශක ගණනාවක් තිස්සේ කන්ද උඩරට ඉමහත් පාරිභෝගික විශ්වාසයක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

දශක ගණනාවක් පුරා එකසේ සාර්ථකත්වය රඳවා ගැනීමට ඔබ ආයතනය සමත් වුයේ කෙසේද ...

ඕනෑම ආයතනයක රදාපැවැත්ම තිබෙන්නේ නිරන්තරයෙන් පාරිභෝගිකයාට ගුණාත්මක දේ ලබාදෙන්නේ නම් පමණයි. එය මා මගේ පියාගෙන් අත්දැක්කා. ඔහු මුදලට වඩා පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් යුතු මංගල ඇඳුම් සකස් කරදෙන්නට නිරන්තරයෙන් උත්සුක වුණා.

මනාල යුවළ ගේ සිතැඟි පරිදි නවීන මාදිලියේ මංගල ඇඳුම් මසා නිමකර දීමට අප සතු හැකියාව ඒතුළින් ඔවුන් ලබන තෘප්තිය හා ඒ හේතුවෙන් අප ලබන ආශිර්වාදය මේ සාර්ථකත්වයේ රහස සේ මා දකිනවා.

2015 වසරේදී මංගල ඇඳුම් නිර්මාණකරණයේ සුවිශේෂි වෙනසක් කිරීමට ඔබ ආයතනය සුදානමින් සිටිනවා නේද ...

ඔව්. ඒ වෙනස 2015 ජනවාරි මාසයේ පටන්ම අපගේ මහනුවර යටිනුවර විදිය, ච්.ඉ. සේනානායක වීදිය සහ පේරාදෙණිය පාර යන ප්‍රදර්ශනාගාර තුළදී ඔබට අත්දකින්නට පුළුවන්.

අපගේ මනා හැකියාවෙන් යුතු මෝස්තර නිර්මාණ ශිල්පීන් හා මැහුම් ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විචිත්‍ර නිර්මාණ රැසක් මේ ප්‍රදර්ශනාගාර වලදී එළිදැක්වීමට කටයුතු සුදානම්ව තිබෙනවා.

මංගල ඇඳුම් නිර්මාණකරණය සම්බන්ධව ඔබ අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක්වුණා නේද?

ඔව්, 2013 වසරේදී කොරියාවේ සියොල් නගරයේ පැවැත්වු 35 වැනි World Master Tailor’s gereration සමුළුවේදී අපට එහි සාමාජිකත්වය හිමිවුණා.

2014 වසරේදී ජපානයේ කොබේ නගරයේ පැවැති Congress of federation of Asian Master Tailors 25 වන සමුළුවේදී සමස්ත මැහුම් ශිල්පයට සිදුකරන ලද සේවය ඇගයීම වෙනුවෙන් අප ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

18690 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 14:54
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Linton & Sons Masters Tailors (Pvt Ltd) Linton & Sons Masters Tailors (Pvt Ltd) »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න