තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2015 මාර්තු 16, සඳුදා 16:20

සෙටි බැක් කලාවේ කාලයේ තාලය විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
මංගල උත්සවයට වැඩි අලංකාරවත් බවක් ආකර්ෂණීය බවක් ගෙන දෙන සෙටි බැක්, මංගල පෝරු දැන් නවතම ආකාරයෙන් ඉතාමත් නිර්මාණාත්මකව නිර්මාණය කෙරෙන්නේ කාලයේ තාලයට අනුවයි. 

 

විශේෂයෙන් මෙම මංගල සැරසිලි මනාල යුවළ සැරසෙන ආකාරය අනුව නිර්මාණය කෙරෙන ආකාරය ද වෙනස්වනවා. උදා. උඩරට ක්‍රමයට සිදුකෙරෙන මංගල උත්සවයකදී බොහෝවිට දේශීය සංකේත වන මුරගල්, ගල්කණු, සේසත්, පුන්කලස් ආදිය දක්නට පුළුවන්. මෑත යුගයේ වැඩි නැඹුරුතාවයක් තිබෙන්නේ එවන් නිර්මාණ සඳහායි.

පහතරට ක්‍රමයට සිදු කෙරෙන මංගල උත්සවවලදී විවිධ වර්ණ රෙදි සහ එයට ගැළපෙන මල් වර්ග විසිතුරු ආකෘති සහ විදුලි ආලෝකය වර්ණවත් ලෙස යොදා ගනිමින් ඉතාමත් ආකර්ෂණීය ලෙස සෙටි බැක් මංගල පෝරු නිර්මාණය කෙරෙයි. බටහිර පන්නයේ මංගල උත්සවයක් නම් අශ්ව කරත්ත වැනි නවතම ආකාරයේ ආකෘතීන්ට අනුකූලව ඉතාමත් විසිතුරු ලෙස නිර්මාණය කෙරෙයි.

මංගල පෝරු සෙටි බැක් වඩාත් නිර්මාණාත්මක වූ විට මංගල උත්සවයට වැඩි ආකර්ෂණීය බවක් ගෙන දෙයි. මෙහි දැක්වෙන්නේ ප්‍රවීණ මල් සැකසුම් නිර්මාණ ශිල්පී මහේෂ් චින්තක අතින් සැකසුණු නිර්මාණයි.

බලන්න මෙම නිර්මාණ ඔබේ මංගල උත්සවයටත් අදහසක් ගෙන දේවිදැයි කියා.

ඉදිරිපත් කිරීම - පාණදුර අමා ෆ්ලෝරා හි මහේෂ් චින්තක ද සිල්වා

0773701946

12539 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 මාර්තු 16, සඳුදා 16:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න