තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2015 නොවැම්බර් 23, සඳුදා 11:49

“ඕල් රවුන්ඩ් පොට්” එකක් නිර්මාණය වන්නේ මෙහෙමයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 එකිනෙකට වෙනස් වූ නිර්මාණ මල් සැකසුම් කලාවේදී විශේෂ තැනක් ගන්නා බව අප ඔබට පැවසුවා මතක ඇති.

 

මේ නිසා මේ පිළිබඳව උනන්දු වනවා නම් එය ස්වයං රැකියාවක් වශයෙන් කරන්නට සූදානම් වනවා නම් ඉතාමත් හොඳ දැනුමක් පුහුණුවක් ලැබිය යුතු වනවා.

අප මෙම පාඨමාලාව තුළින් උත්සාහ කරන්නේ ද මේ හා සම්බන්ධව දැනුවත් බවක් ඔබට ගෙන දෙන්නටයි.

අද ඉදිරිපත් කෙරෙන්නේ මල් සැකසුම් කලාවේදී විශේෂත්වයක් ගන්නා ඕල් රවුන්ඩ් පොට් එකක් නිර්මාණය කෙරෙන ආකාරයයි. ඕල් රවුන්ඩ් පොට් එකක විශේෂත්වය නම් මල් සැකසුම හැම අතටම දිස්වන ආකාරයෙන් නිර්මාණය වීමයි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

කැමැති හැඩයේ වාස් එකක්. (සෙරමික් හෝ මැටි)

ෆ්‍රෙෂ් ෆෝම් කැබැල්ලක්

කොළ සහ මල් (කෝඩ්ලයින්, ලෙදර් ෆර්න්ස්, ජර්බරාස්, ඇස්ට්‍රමේරියා, රතු රෝස සුපර් ඩේසි)

ගේජ් 20 කම්බි

 1. ජර්බරාස් මල් ගෙන ගේජ් 20 කම්බිවලින් වයර් කරගන්න. මල් 10-15 ක් පමණ සෑහෙයි. තමන් කරන නිර්මාණය අනුව මල් ප්‍රමාණය වෙනස් වෙයි. මෙම මල් වයර් කළ පසු ටේප් ඔතාගන්න.

2. මුලින්ම කෝඩ්ලයින් සහ ලෙදර් ෆර්නස්වලින් අවශ්‍ය සැකිල්ල සාදාගන්න. මේ සඳහා ෆ්‍රෙෂ් ෆෝම් එක මල් බඳුන ඇතුළත තබා වටේට කොළ ගසාගන්න.

3. ඉන්පසු වයර් කරගත් ජර්බරා මල් ඔබ නිර්මාණය කිරීමට යන සැකසුමට අනුව රඳවාගන්න.

4. ඉන්පසු රතු රෝස මල් පහළ සිට රඳවන්න. ඒ අතරට ඇස්ට්‍රමේරියා රඳවන්න. මල් වටේට රැඳවූ පසු දිස්වෙන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වෙයි.

ඉන්පසු මල් අතරින් ඇති හිඩැස් වැසෙන පරිදි සුපර් ඩේසි මල් රඳවන්න.

5. මල් සැකසුම නිම වූ පසු පෙනෙන අයුරුයි මේ. මෙම මල් සැකසුම තබන ස්ථානයට අනුව මෙහි උස ප්‍රමාණය හා යොදා ගන්නා මල් ප්‍රමාණය තීරණය කළ හැකියි.

  ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන

දේශක - ජී. ඒ. සුදර්ශන 

6516 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 23, සඳුදා 11:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න