තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2015 නොවැම්බර් 30, සඳුදා 12:54

සැරසිලි තේමාවටම ගැළපීමෙන් අසිරිමත් ලස්සනක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සුන්දර විවාහයක ප්‍රධාන අංගෝපාංග අතර මේස සැරසිලිත් සුවිශේෂීය. මංගල උළෙලට ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙන මේස සැරසිලි ඔබේ මංගල දිනේ තේමාව අනුවම තෝරා ගත යුතුයි.

 

මෙහිදී සාදය පවත්වන්නේ එළිමහනේ ද? ශාලාවක් ඇතුළත ද රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ දී ද නැත්නම් නිවෙසේ දී ද යන කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එම ශාලා සරසා ඇත්තේ කෙසේද? සෙටි බැක් හා අනෙකුත් මල් සැරසිලි සඳහා යොදා ගෙන ඇත්තේ කුමන මල් වර්ග ද යන්නත් සිතට ගත යුතුයි. ස්වභාවික මල් ද කෘත්‍රිම මල් ද නැත්නම් බැලුන් හෝ වෙනත් ද්‍රව්‍යක් ද ආදී කරුණුත් වැදගත්.

මෙම මල් හෝ වෙනත් සැකසුම් මේසය වටේ ඉඳගන්නා අයට ඒකාකාරී විදිහට පෙනෙන ලෙස (කොයි පැත්තෙන් බැලුවත් එක වගේ) තිබිය යුතුයි. සමහරු විවිධ හැඩගත් වීදුරු බඳුන් තුළ මල් ජලය හා ඉටිපන්දම් දමා සරසාගනී.

මෙහි දැක්වෙන්නේ එලෙස කාලයේ තාලයට අනුව දැකගත හැකි අලංකාර මේස සැරසිලි කිහිපයකි. බලන්න, ඔබේ සිත් ගත් තෝරා ගැනීමත් මෙහි තිබේද කියලා. 

6807 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 30, සඳුදා 12:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න