තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2015 දෙසැම්බර් 07, සඳුදා 14:06

නත්තල් සැරසිල්ලකට අපූරු නිමැවුමක් විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
 මල් සැකසුම් කලාවේදී අපට බොහෝ විට එකිනෙකට වෙනස් වූ නිර්මාණ දක්නට ලැබෙනවා.

 

එක් එක් උත්සව කාලයන්ට අනුකූලව නිර්මාණය කෙරෙන මල් සැකසුම් ද මේ අතර දැකිය හැකියි. මෙවර මල් සැකසුම් පාඨමාලාවෙන් අප ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ නත්තල් කාලය වෙනුවෙන් සරල නත්තල් සැරසිල්ලක් නිර්මාණය කෙරෙන ආකාරයයි.

මේ සඳහා

ෆ්‍රෙෂ් ෆෝම්

කම්බි

කැලෑ දෙල් කොළ

රිබන්

පොයින් සෙටියා මල්

ක්‍රිස්මස් බෝල්ස්

ෆයිනස් ගෙඩි

රතු සහ ක්‍රීම් පාට මදක් ඝනකම් කොළ 2 ක්

දැන් මෙම නිර්මාණය කෙරෙන ආකාරය බලමු.

01. මුලින්ම රතුපාට කොළය ගෙන එහි තරු ආකාරයේ කොටස් සළකුණුකර කපා ඉවත්කර ගන්න. ඉන්පසු එම කොළය ක්‍රීම් පැහැති කොළයට උඩින් තබා අලවා සිලින්ඩරයක ආකාරයට රවුම්ව සකසා අලවාගන්න.

02. මෙයට වැඩි අලංකරණයක් ගෙන දීම සඳහා පහළින් රිබන් එකක් ඔතා බෝ එකක් ගැට ගසාගන්න.

03. ඉන්පුස ෆ්‍රෙෂ්ෆෝම් එක එහි පහලට වන්නට රඳවා ඒ වටේට වියළි කැලෑ දෙල් කොළ (ස්වභාවික සහ වර්ණ ගන්වාගත්) සවිකර ගන්න.

04. දෙල් කොළවලට මැදිවන පරිදි ෆයිනස් ගෙඩි ගසාගන්න.

05. මීළඟට වර්ණවත් ක්‍රිස්මස්බෝල සහ පොයින්සෙටියා මල් රඳවන්න. ඒ අතරට වියළි තේ කෝටු කීපයක් ද රඳවාගන්න.

06. දැන් සිලින්ඩරාකාර කොටසට යටින් රතු ලොකු ඉටිපන්දමක් රඳවාගන්න.

07. මෙය අවසානයේ පෙනෙන අයුරු බලන්න.

 අධීක්ෂණය - ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ 

8282 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 දෙසැම්බර් 07, සඳුදා 14:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න