තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 16:09

හැඩකාර පියයුරු යුවළකට... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
කාන්තාවකගේ ලාලිත්‍යයට වඩාත් වැදගත් වන ශරීරාංගයක් ලෙසින් පියයුරු හැඳින්විය හැකියි. කාන්තා සිරුරේ සුන්දරත්වය සඳහා එමඟින් ලැබෙන පිටිවහල බොහොමයි. මවක හා දරුවකු අතර බැඳීම ප්‍රබල වන්නේ ද මවගෙන් කිරි උරා බීමේදීයි.

 

දරුවකු පෝෂණය කිරීම සඳහා කාන්තාවකට ලැබී ඇති මෙම ශරීරාංගය ඇය සතු වස්තුවකි.

එහෙත් විවිධාකාර වූ ගැටලු පියයුරු ආශි‍්‍රතව ද කාන්තාවන්ට පැන නැගේ. ඇතැම් විට එය කිසිවකුට පැවසීමට නොහැකි සිතින් දුක්වන තත්ත්වයක් විය හැකිය. මේ ගැටලුවලට යම් විසඳුමක් කේරළ රහස්වලින් ලබා දීමට අපි උත්සුක වන්නෙමු.

කාන්තාවකගේ මුහුණ කොතරම් සුන්දර වුවත් සිරුරේ ලාලිත්‍යමය බව සඳහා පියයුරු යුවළකින් ලැබෙන පෙනුම නොලැබේ නම් එම සමස්ථ සුන්දරත්වයට හානියක් වන බව කිව යුතුමය. ඇතැම්

 

යුවතියන් තමා සතු කුඩා පියයුරු වර්ධනය කරගැනීම සඳහා විවිධ වූ කෘත්‍රිම ආලේපනයන් භාවිත කිරීමට පවා පෙලඹී ඇත. එහෙත් මෙවැනි ආලේපනයන් මඟින් නිසි ප්‍රතිඵල නොලැබෙන අතර ඇතැම් විට වෙනත් රෝගාබාධයන් ඇති විය හැකිය.

පිරිපුන් පියයුරු යුවළක් උපතින් ම ලැබීම වාසනාවකි. විලාසිතාවල දී කාන්තා සිරුරේ හැඩයක් රඳා පවතින්නේ ද පියයුරු මතයි. එමනිසා පුන් පියයුරු යුවලක් තරුණියකට ආභරණයකි.

පිරිපුන් පියයුරු යුවළක් සඳහා පියයුරු සම්බාහනය කිරීම ඉතාම වැදගත් ය.

මේ සඳහා මහා මාශ තෛලය ඉතා ප්‍රතිඵලදායක වන අතර මඳක් රත්කර ගත් මෙම තෙල් පියයුරුවල ආලේපකර පියයුරුවල පිටත සිට ඇතුළු පැත්තට ඇඟිලි තුඩු හා අල්ල භාවිතකර ඉතා විශාල රවුම් ලෙස සම්බාහනය කළ යුතුයි.

මෙය අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් වත් සිදු කළ යුතුය. මේ මඟින් මනා හැඩයකින් යුත් පියයුරු යුවළක් ලබා ගත හැකිය.

මීට අමතරව ප්‍රෝටීන් අඩංගු ආහාර හා විටමින් ඊ අඩංගු ආහාර ඉතා වැදගත් වේ. එමෙන්ම පියයුරු තුඩුවල ඇතිවන සම පිපිරීම් හා ඉරි තැලීම් වැනි තත්ත්ව සඳහා සීතෝදක තෛලය හා තල තෙල් ආලේප කිරීම ප්‍රතිඵලදායක වේ.

එමෙන්ම ගස් තිප්පිලි කුඩු, සුවඳ කොට්ටං කුඩු, වද කහ කුඩු, අමුක්කරා කුඩු සමව ගෙන එළඟිතෙල් සමඟ මිශ්‍රකර පියයුරුවල ආලේප කිරීමෙන් පියයුරු පිරිපුන් වේ.

කුඩා පියයුරු මෙන්ම විශාලව එල්ලාවැටෙන පියයුරු ද කාන්තා රූ සපුවට අවලස්සනක් ගෙන දෙන තත්ත්වයකි. මේ සඳහා පියයුරු ශක්තිමත් වීමට ප්‍රතිකර්ම සිදු කළ යුතුය. ඒ සඳහා කළ හැකි ප්‍රතිකර්මයක් පහතින් දැක්වේ.

තල තෙල් ළිප තබා එයට දෙළුම්පොතු කුඩු හා කරපිංචා කොළ යුෂ දමා හින්දවාගත් තෙල් දිනපතා පියයුරුවල ආලේපකර උඩු අතට අතගෑම මඟින් පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකිය.

පියයුරු රැළි වැටීම වැළැක්වීම සඳහා රතු කොට්ටං තෙල් මේස හැන්දක්, තිරිඟු තෙල් තේ හැන්දක්, තල තෙල් තේ හැන්දක් ගෙන මේ සියල්ල එකට රත්කර එම තෙල් පියයුරුවල ආලේප කරන්න.

එමෙන්ම ගර්භණී කාලය තුළ පියයුරු මත ඇතිවන ඉරි තැලීම් සඳහා සූරියකාන්ත තෙල් ආලේපකර පිරිමැදීම මඟින් එම සම ඇදීම නිසා ඇතිවන ඉරි සහිත ස්වභාව (ඵබපඥජබජඩ ථචපඬඵ) ඇතිවීම වළක්වා ගත හැකියි.

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

1188 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 16:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න