තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 16:19

මුහුණේ කැළැල්, වළවල් ඉවත්කර දමන microdermabrasion විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
ලප කැළැල්වලින් තොර මුහුණක්, ලප නොමවන් සඳක් වගේයැයි අප කියන අවස්ථා තිබෙනවා නේද ? ඒත් ලප කැළැල් මුහුණ පුරා සිදුරු වළවල් තියෙන සමක් නම් ඒ ගැන පසුතැවෙන අය, පසුතැවෙන අවස්ථා කොපමණ ද?

 

මේ වගේ මුහුණකට මොනතරම් ආලේපන ගෑවත් පෙනුමක් නම් මතුකරගන්නට නම් ඉඩක් ලැබෙන්නේ නෑ.

කුරුලෑ කැළැල් වගෙ ්නොවෙයි කුරුලෑ නිසා මුහුණේ වළවල් ආකාරයෙන් මතුවී තිබුණොත් (scaus)  එක ඉවත් කරගන්නට පහසුවන්නේ ද නෑ.

හේතුව එය සමේ ගැඹුරින්ම ඇති වී තිබෙන නිසායි.

නමුත් මුහුණේ සමේ ඇති මෙම වළවල් සිදුරු සියුම් ලෙස ඉවත් කරමින් සම ඔප මට්ටම් කර ඉතාමත් පැහැදිලි සුමුදු සමක් ලබාදෙන්නට හැකියාව ඇති ක්‍රමයක් ලෙස මයික්‍රොඩර්මාබ්‍රේෂන් (ථඪජපධඤඥපථචඡපචඵඪධද) හඳුන්වන්න පුළුවන්.

මෙය කුමන ආකාරයේ ප්‍රතිකර්මයක් ද ?

 

රූපලාවණ්‍ය ප්‍රතිකර්ම සඳහා යොදාගැනෙන උපකරණ අතර ඩර්මාබ්‍රේෂන් ඉතාමත් උසස් මට්ටමේ සුවිශේෂී ප්‍රතිකමයක්. මෙමඟින් විශාල ප්‍රයෝජන අත්පත් කරගන්න පුළුවන්. මෙය ගැඹුරට ඇති වළවල් scaus)  සහ කුරුලෑ සුව වූ පසු මතු වී තිබෙන සිදුරු ඉවත් කරලන්නට ඇති හොඳම විසඳුමක් හැටියටයි.

බලන්න, සමහර අයගේ මුහුණේ සම මතු පිට දොඩම් ලෙල්ලක මතුපිට ආකාරයෙන් සිදුරු ස්වභාවයක් දක්නට ලැබෙන හැටි. එමෙන්ම සමේ වළ ගොඩැලි ආකාරයෙන් මතු වී පෙනීම කොතරම් අවලස්සන පෙනුමක් ගෙන දෙනවා ද? මේ දේවල්වලට මතුපිටින් පිළියම් හැටියට මොන මොන ආලේපන ගෑවත් වැඩක් වෙන්නේ නෑ. මෙවන් මුහුණකට මේක්අප් කළත් ඉන් ලස්සන පෙනුමක් ගෙන දෙන්නේ නෑ. නමුත් ඩර්මාබ්‍රේෂන් මඟින් මෙම ගැටලුකාරී තත්ත්වය ඉවත් කරගැනීමෙන් ඉතාමත් පැහැදිලි වූ මෘදු වූ සමක් හිමිවන නිසා මේක්අප් එකකින් වැඩි ලස්සනක් ඉස්මතු කරගන්නට පුළුවන්.

මෙය විශේෂ වන්නේ මුහුණට පමණක්ම නොවෙයි. අත්, බෙල්ල, පපු ප්‍රදේශය වැනි තැන්හි ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා නම් එම අඩුපාඩු මඟහරවා ගන්නටත් මෙය උපකාරීවනවා.

මෙහිදී මුලින්ම සිදුකරන්නේ ෆේෂ්වොෂ් මඟින් මුහුණේ සම පිරිසුදුකර ගැනීමයි. ඉන්පසු මේ සඳහා නියමිතව ඇති අදාළ ආලේපනය සම මතුපිට ආලේපකර ඉතාමත් ප්‍රවේශමෙන් ස්කින් ෆීල් ට්‍රීට්මන්ට් එක කළ යුතුයි. මෙය මේ කෙරෙහි මනා දැනුමක් පළපුරුද්දක් ඇති අයකු පමණක් සිදුකළ යුතු කාර්යයක්.

මෙමඟින් සම මතුපිට ඇති මැරුණු සම ඉවත් කරලීමක් කෙරෙනවා. මෙය අප කලින් කී ආකාරයට කුරුලෑ සුව කිරීමට සමේ සිදුරු, වළවල් කැලැල් ඉවත් කරන්නට යොදාගැනෙන සාර්ථක ක්‍රමයක්. ඉතාමත් ප්‍රවේසම් සහිතව සුපරික්ෂාකාරීව සියුම් ලෙස කෙරෙන මෙම ප්‍රතිකර්මයෙන් සම ප්‍රකෘතිමත් ස්වභාවයට පත්කෙරෙන නිසා සමේ දුර්වර්ණතාවයන් ද ඉවත් වී යනවා.

මේ ආකාරයෙන් සම නිවැරැදිතාවයට පත්කර ගත් පසු සමට අවශ්‍ය අනෙකුත් සත්කාර ලබාදීමට පුුළුවන්. මෙම ප්‍රතිකර්මය ඉතාමත් සියුම් ලෙස සිදුකෙරෙන නිසා පැය එකහමාරක පමණ කාලයක් මෙයට ගතවනවා.

* මෙම ප්‍රතිකර්මයෙන් පසුව සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද ?

මෙවන් ප්‍රතිකර්මයක් සිදු කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම ඉන්පසු සම ආරක්ෂාකරගැනීම සහ එහි පැහැපත් බව පවත්වා ගැනීම සඳහා නිසි සත්කාරයත් අනුගමනය කිරීමට සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්.

සාමාන්‍ය ෆේෂල් එකක් සිදුකරනවාට වඩා මෙම සත්කාරයෙන් පසු දැඩි ලෙස සමට උරාගැනීමේ ශක්තියක් ඇතිවනවා. එම නිසා ඩර්මාබ්‍රේෂන් එක සිදුකළ පසු ඔක්සිජන් ෆේෂල්, හර්බල් ෆේෂල්, මිනරල් විටමින් ආදී පැක් හෝ සීරම් ස්ප්‍රේ ආදිය යෙදීම තුළින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි. එමෙන්ම මින් පසුව සමට ගැළපෙන ආකාරයෙන් ආලේපනයක් භාවිත කිරීම ද වැදගත්වනවා.

* මෙම ප්‍රතිකර්මය වරක් කළ පසු නැවතත් එය කළ යුතු ද?

මෙය පළමුවැනි එක කළ පසු සාමාන්‍යයෙන් දින දහයකට පසු එය නැවත වරක් කළ යුතු වෙනවා. මේ ආකාරයෙන් තුන්වරක් හෝ හතරවරක් පමණ කළ පසු එහි ප්‍රතිඵල අත්පත්කර ගත හැකියි.

* ඩර්මාබ්‍රේෂන් වැනි ප්‍රතිකමයක් සිදුකිරීමෙන් පසු ඒ පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද?

එය ඉතාමත් වැදගත්. හේතුව මෙය ඉතා සියුම් ලෙස සමට සිදුකෙරෙන ප්‍රතිකර්මයක් නිසා ඉන් පසුව සම ආරක්ෂා කරගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. මෙය සිදුකළ පසුව එකවරම දූවිලි සහිත පරිසරයට යාම දැඩි හිරු එළියට නිරාවරණය වීම, පිහිනීමට යාමෙන් වළකින ලෙස අප උපදෙස් දෙනවා. ඒ අනුව කටයුතුකිරීම වැදගත්.

මයික්‍රොඩර්මාබ්‍රේෂන් සෑම රටකම පාහේ ජනපි‍්‍රය හා ඉතාමත් සාර්ථක ප්‍රතිකර්මයක් බවට පත්ව තිබෙන්නේ මෙතුළින් සැබෑ වෙනසක් පෙන්නුම් කරන නිසායි.

 

 

 

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්විනීතා කොතලාවල

1244 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 16:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න