තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2016 සැප්තැම්බර් 23, සිකුරාදා 11:29

සොඳුරු යුගදිවියේ ඇරඹුම සුන්දර කර ගන්න . . .

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
ඔබේ මංගල දිනය, ජීවිතයේ උදාවූ ලස්සනම දිනය විය යුතුයි.

 

ඉතින්, ඔබේ සුන්දර විවාහ මංගල්‍යය වඩාත් සුන්දර කරන්න අවැසි මඟපෙන්වීම උදෙසා ඇරැඹි ලිපි පෙළෙහි තෙවැන්නයිමේ.

අප විවාහය හඳුන්වන්නේ ජීවිතයේ දෙවැනි උපත ලෙසයි. මේ නිසාම එහි ඇරඹුම සනිටුහන් කෙරෙන විවාහ මංගල දිනය තමන්ට හැකි උපරිමයෙන් සමරන්න කොයි කවුරුත් කැමතියි.

නමුත් පූර්ව සැලසුමක් නැතිනම් ඔබ කොපමණ මුදලත් ශ්‍රමයත් වැයකළද එය සුන්දර සාර්ථක කටයුත්තක් කරගන්න අපහසුයි.

ඔබේ උත්සාහය මල්ඵල දරන්න නම් එය මනාෙ ස් සැලසුම් විය යුතුමයි.

මේ ඔබේ දිනයයි. එම නිසා ප්‍රථමයෙන් ඔබ දෙදෙනාගේ රුචි අරුචිකම් පිළිබඳ සාකච්ඡාකොට එකඟතාවයකට පැමිණෙන්න. අනතුරුව දෙපාර්ශ්වයේම වැඩිහිටි උපදෙස්ද ලබාගනිමින් විවාහ උත්සවයේ වැදගත්ම අංගය වන මූල්‍ය වියදම් ඇස්තමේන්තු ගත කරගන්න. එමඟින් අනවශ්‍ය වියදම් වළක්වා ගනිමින් සැලසුම් සහගතව සියල්ල සංවිධානය කරගැනීමට ඔබට පුළුවන්.

මේ නිසා ප්‍රථමයෙන් ඔබ දෙදෙනා තව දුරටත් ඔබට අවැසි දැනුම ලබාගැනීමට විවාහ මංගල සඟරා, පරිශීලනය, අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීම මෙන්ම විවාහ මංගල ප්‍රදර්ශනවලට සහභාගී වී වට්ටම් සහිතව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමටද හැකියාව තිබෙනවා.

ඔබගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඔබට වියදම් දැරිය හැකි මුදල් ප්‍රමාණය පළමුව තීරණය කරමින් ඊට සරිලන සේ භාණ්ඩ හා සේවා ලබාගැනීමට කටයුතු කරන්න.

මෙහිදී කුඩා ප්‍රමාණයේ නෝට් බුක් එකක් සහ ෆයිල් කවරයක් භාවිතා කිරීම මඟින්, අත්‍යාවශ්‍ය දේ මඟ හැරීමට ඇති ඉඩකඩ මඟහැර ගනිමින්, වියදම් මුදල් ප්‍රමාණය අත්තිකාරම් මුදල්, ගෙවිය යුතු ඉතිරිය ආදී ලෙසින් අවබෝධයෙන් මූල්‍ය කළමනාකරණය සිදුකරගත හැකියි. මේ කරුණු ඔබට ඒ වෙනුවෙන් උපකාරී වනු ඇත.

 

මංගල උත්සවයේ මූලිකාංග පහත පරිදි ලැයිස්තු ගත කරන්න.

 4) ආහාරපාන – කෑම වට්ටෝරු සහ ආහාරපාන කේටරින් සර්විස් හරහා ලබාගන්නවාද යන කරුණු කාරණා

 5) මංගල ඇඳුම් හා රූපලාවණ්‍ය කටයුතු මංගල සාරිය, මනාලයාගේ ඇඳුම්, දෙවැනි මනාල මනාලියන්ගේ හා මල් කුමර කුමරියන්ගේ ඇඳුම් පිළිබඳ සහ මනාලිය ඇතුළු පිරිස හැඩ ගැන්වීමේ කටයුතු

 6) සංස්කෘතික කටයුතු - පෝරුවේ චාරිත්‍ර ජයමංගල ගාථා ආදිය

 7) ආරාධනා පත්‍ර / වෙඩින් කේක්, කේක් ඇසුරුම් ආදිය සාමාන්‍යයෙන් විවාහ උත්සවයට මාස 2- 6 පෙර සිට සූදානම් වීම වටිනවා.

මංගල උත්සවයට අදාළ මූලිකාංග

1.ස්ථානය තෝරාගැනීම - මංගල උත්සවය පැවැත්වෙන්නේ ඔබේ නිවසේද, උත්සව ශාලාවක ද යන්න තීරණය කිරීම

 2. ස්ථාන සැරසිලි - පෝරුව, සෙටිබැක්, මල් සැරසිලි ආදිය පිළිබඳ

 3 ආභරණ මනාලියගේ මනාලයාගේ රන්මුදු, මනාලියගේ කරමාලය හා පා සේදීමේදී දමන මුදුව ආදිය වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 12 - 6 පෙර පටන් සුදානම් වන්න.

 8) සංගීතය - සංගීත කණ්ඩායම් / DJ music  ආදිය තෝරාගැනීම

 9) මධුසමය සඳහා - නවාතැන්, ආහාරපාන ඇඳුම් පැළඳුම් ආදිය

 10) අතුරු වියදම්

 
මේ ආදී වශයෙන් දළ සැලැස්මක් සකස්කර ගනිමින් ඔබේ විවාහ මංගල බජට් එකට අනුව අදාළ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් කැඳවා තෝරාගැනීම් සිදුකරන්න.

පහත සඳහන් දළ ආකෘතිය සේ ඔබේ වියදම් හා සේවා සම්බන්ධතා යාවත්කාලීන කරගන්න.

උදා : විස්තරය / සේවා දායකයා / දුරකථන අංකය / ඇස්තමේන්තු මුදල / අත්තිකාරම් මුදල / ගෙවිය යුතු මුදල / රූපලාවණ්‍ය කටයුතු

උපදෙස් - දේශබන්ධු කලා විශාරද

සංජන කුමාරතුංග

සිරිධර වෙඩින් සෙන්ටර්

4620 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 සැප්තැම්බර් 23, සිකුරාදා 11:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න