තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2015 ජූලි 07, අඟහරුවාදා 12:47

මංගල දිනයේ අමරණීය මතකයකට ගෝල්ඩන් රෝස්

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(1 මනාපය)
 දෙහදක ආදරය මල්ඵල ගන්නා ඒ සොඳුරු දිනය අතිඋත්කර්ශවත් අන්දමින් සමරන්නට අපි සැවොම සිහින දකින්නෙමු. දක්ෂතම රූපලාවණ්‍ය ශිල්පිනියක් යටතේ සුන්දරව හැඩවැඩ වන්නට, හොඳ ඡායාරුප එකතුවක් ලබාගන්නට විතරක් නෙමෙයි සුවපහසු බවින් පිරුණු රමණීය වටපිටාවක් තුළ අලංකාර මංගල උත්සවයක් පවත්වන්නටත් ඕනෑම කෙනකු තුළ ඇත්තේ පුදුමාකාර කැමැත්තකි.

එවන් ඔබ දෙවරක් නොසිතාම පියනැඟිය යුතු අපූරුම ස්ථානයකි “ගෝල්ඩන් රෝස්” ජනාකීර්ණ අග නගරයෙන් තරමක් ඈතට වන්නට එනම් බොරලැස්ගමුවේ (මහරගම දෙහිවල පාරේ) පිහිටි මේ ගෝල්ඩන් රෝස් යනු ඉතාම උසස් තත්ත්වයේ උත්සව ශාලාවකි.

ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය අපූරුවට විහිදාපාමින් ගරු ගාම්භීරව නැඟී සිටින ගෝල්ඩන් රෝස් මහල් තුනකින් සමන්විතය. එහෙත් බැලූ බැල්මට ඔබේ නෙත ගැටෙන්නේ තරමක් විශාල දැකුම්කලු එක් ගොඩනැගිල්ලක් ලෙසිනි.

* ග්‍රෑන්ඩ් බෝල් රූම්

* ක්‍රිස්ටල් බෝල් රූම්

* ඩයමන්ඩ් බෝල් රූම්

* පර්ල් ලොන්ජ්

ආදී නම් වලින් හැඳින්වෙන උත්සව ශාලා හතරක් සහිත මෙම ගෝල්ඩන් රෝස් හි ඔබේ අමුත්තන් සංඛ්‍යාව අනුව ඔබ කැමැති ශාලාවක් වෙන්කර ගත හැකියි. මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ විවිධ සැමරුම් උත්සව ආදිය පමණක් නොව සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා ද ඔබට මෙම ස්ථානය විවෘතව පවතී.

නවීන තාක්ෂණික පහසුකම්, සුපිරි ආලෝකකරණය, ඡායාරූප ශාලා, එළිමහනේ ඡායාරූප ගත හැකි සුන්දර ගෙඋයන, ඉඩ කඩ සහිත වාහන නවතා තැබීමේ පහසුකම්, හැඩගැන්විමේ කාමර ආදිය පමණක් නොව මංගල උත්සවයක දී නම් සම්ප්‍රදායික පොල්තෙල් පහනේ සිට සෙටිය, මේසය, කේක් සැරසිලි මේසය, මල් සැරසිලි ආදී බොහොමයක් පහසුකම් ඔබ වෙත ඔවුන් සපයාවී.

මේ සියල්ලටම වඩා ගෝල්ඩන් රෝස් වැඩිදෙනකු අතර ප්‍රචලිතව ඇත්තේ ප්‍රණීත ආහාර පාන පිරිනමන උත්සව ශාලාවක් ලෙසිනි. තරුපහේ සංකල්පය යටතේ මෙහි සියලුම ආහාරපාන සකස් කරන අතර ඒ සඳහා දක්ෂතම සූපවේදීන්ගේ සහය හිමි වේ. ඊට අමතරව පළපුරුදු සේවක මණ්ඩලයේ සුහදශීලීත්වය ඔබේ උත්සව කටයුතු වඩාත් පහසු කරවාවි. ඉතින් .. ඔබත් පියනගන්න ගෝල්ඩන් රෝස් වෙත. ඒ රන් රෝස මල ඔබ සාදර යෙන් පිළිගන්නා අතර එහි ශ්‍රී විභූතිය සහ සේවා සතුටින් භුක්ති විඳින්න. වැඩ විස්තර සඳහා goldenrose.lk  වෙත පිවිසෙන්න.

නැතිනම් අමතන්න 2545455, 2545955

7211 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූලි 07, අඟහරුවාදා 12:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න