තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2015 දෙසැම්බර් 14, සඳුදා 15:01

බීච් වෙඩිං එකක් ගැන හිතලා බලමුද? විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
Memorable Beach Wedding  සදා අමරණීයයි අතිශයින්ම සෞන්දර්යාත්මකයි  විවාහ දිනය කියන්නේ මුළු ජීවිත කාලයේම මතක හිටින සුන්දර සිහිවටනයකි. මේ නිසාම බොහොමයක් දෙනෙක් දැන් දැන් වෙරළෙහි පවත්වන විවාහ මංගල සාද (Beach Wedding/ බීච් වෙඩිං) සඳහා වැඩි පි‍්‍රයතාවයක් දක්වති.


ඒ නිසාම වෙඩිං ට්‍රෙෂර්ස් හරහා අද ඔබට කියන්නේ බීච් වෙඩිං එකක් සැලසුම් කරන ආකාරයයි.

ආරාධනා පත්

ආරාධනා පත මඟින් විවාහය පවත්වන ස්ථානය පිළිබඳ අදහසක් ඔබේ ආරාධිතයන් සඳහා ලබා දිය හැකියි. මෙහිදී වැලිවලින් කළ සිතුවමක්, මුහුදු වෙරළක දසුනක් ආදිය ආරාධනා පතට එක් කළ හැකියි. ඊට අමතරව මුතු බෙල්ලන්ගේ රූප ද හොඳ තේරීමකි.

හොඳම වෙරළ

මෙහිදී විවාහය සඳහා සුදුසු, අලංකාර වෙරළ තීරයක් තෝරා ගත යුතුයි. 

එමෙන්ම ඔබේ ආරාධිතයන්ට සියලු පහසුකම් සැපයිය හැකි ස්ථානයක් විය යුතුයි.

මේ නිසා ඉඩ පහසුකම් සහිත පි‍්‍රය මනාප පිරිසුදු තැන් තෝරා ගත යුතුයි. සුන්දර වෙරළ පහසුකම් සහිත හෝටල් තෝරා ගැනීම වඩා සුදුසුය.

කල් වේලා ඇතිව මේ සඳහා සූදානම් වීම ද වැදගත්ය.

කාලගුණය

මෙම විවාහ එළිමහනේ පැවැත්වෙන නිසා කාලගුණය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අධික උෂ්ණත්ව සහිත කාල මෙන්ම වැසි සහිත කාල ද බීච් වෙඩිං සඳහා නුසුදුසුය.

සැරසිලි

මෙම විවාහ මංගල උත්සවවල විශේෂත්වය වන්නේ සැරසිලි, පෝරුව, ඇඳුම් ආයිත්තම් ආදිය බොහොම සරල සුන්දර ඒවා වීමය.

කේක් ආකෘතිය

කේක් ආකෘතිය ද මුහුද තේමා කරගනිමින් මල් රහිතව සකසා ගැනීම සුන්දරය.

වෙඩිං කේක් රඳවන තෑගි ආදිය ද මෙම තේමා අනුව තිබීම සුදුසුය.

කාලය

විවාහය පැවැත්වීමට වඩාත් සුදුසු උදෑසන, සැදෑව හෝ රාත්‍රී කාලයයි. ශ්‍රී ලංකාව වටා දර්ශනීය වෙරළ තීරයක් තිබෙන නිසා ඔබේ මංගල සිහිනය ද බීච් වෙඩිං එකක් ලෙස ගැනීමේ හැකියාව ඇත.

වියදම අඩුම බීච් වෙඩිං බොහෝ සුන්දර අත්දැකීමක් ද වේ.  

පාලිකා දිල්රුක්ෂි

7544 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 දෙසැම්බර් 14, සඳුදා 15:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න