තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2016 අප්‍රේල් 04, සඳුදා 15:23

අනේ අපේ වෙඩිං එකත් B.M.I.C.H එකේ ගම්මුකෝ...? විශේෂාංග

Written by 
අගයන්න
(2 මනාප)
හැම සුපිරි හෝටලයකටම වඩා අය කිරීම අඩුයි   “කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව“  (B.M.I.C.H) මේ අපේ රට ලෝකය ජයගත් තවත් එක් විශිෂ්ට නිමැවුමකි.

 

මෙහි ඇති ගරු ගාම්භීරත්වය අදට ද එලෙසමය. ලොව පුරා රට රටවල ජන නායකයින්, ලෝක ප්‍රසිද්ධ කලාකරුවන්, කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ අති උත්කර්ෂවත් රාජ්‍ය උත්සව, කලා උළෙලවල්, ව්‍යාපාර ලොව දැවැන්ත සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ලොවට එළිදැක්වෙන්නේ මේ ප්‍රෞඩ භූමියේදීය.

ඇතැම් විට මෙවැනි අභිමානවත් උත්සව ශාලාවක ඔබේ පවුලේ උත්සවයක්, විවාහ මංගල්‍යයක් එසේත් නැත්නම් ඔබේ නිෂ්පාදනයක් අලෙවිකර ගන්නට පුංචි ඉඩකඩක් හිමිවේදෝ කියන භීතියත් ඔබ තුළ තිබෙන්නට ම පුළුවන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දැන් සැබෑ වෙනසකට ලක්වෙලා. අද පටන් එය මගේමයි... ඔබේමයි... අප හැමෝගේමයි...

* මොකක්ද මේ B.M.I.C.H එකේ සිදුවුණා කියන වෙනස?

අනිවාර්යයෙන්ම සැබෑම වෙනසක් ඇති වෙලා. හැමදාමත් මෙහි තිබුණේ අන්තර්ජාතික වගේම රාජ්‍ය උත්සව, මහා පරිමාණ ප්‍රදර්ශන, අපි මේක පුළුල් කළා. මේ සියල්ල අතරට පොඩි මිනිහාටත් විවෘත වෙන්න අවස්ථාවක් සැලසුවා.

* කොහොමද අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ?

මෙහෙමයි කුඩා ව්‍යවසායකයන්ට අතහිත දීමක් මේක. අපේ රටේ දසත පැතිරී සිටින ස්වයං රැකියා ක්ෂේත්‍රයේ ඉන්න අයටත් පුළුවන් B.M.I.C.H එකේ පුංචි අලෙවි හා ප්‍රදර්ශනයක් තියන්න. ඒක කීප දෙනෙක් එකතුවීමෙන් කළ හැකි දෙයක්.

ඔබ වෙනුවෙන් ඕනෑම සේවයක් පහසුකර දෙන්න අපේ කාර්ය මණ්ඩලය ඇප කැප වී සිටිනවා.

 

* B.M.I.C.H එකේ පිහිටීම ගැන බොහෝදෙනකුට අවබෝධයක් නෑ.

මෙහි වටිනාකම නම් මිල කරන්න බෑ. සමහරු හිතන්නෙ ප්‍රදර්ශනයක්, අලෙවි සැලක් යම් උත්සවයක් හෝ සම්මන්ත්‍රණයක් තියනවා නම් මෙහි ප්‍රධාන ශාලාව හෝ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව වෙන්කර ගත යුතුයි කියා. එය වැරැදි ආකල්පයක්. B.M.I.C.H හි විවිධ හැඩතලවලින් යුත් ශාලා 20 ක් පමණ තියෙනවා. මේ ඕනෑම ශාලාවක පුද්ගලයන් දෙදෙනකුගේ සිට දෙදාස් පන්සීයක් දක්වා එකවර අසුන් ගත හැකි පරිදියි ඉදිකර තිබෙන්නේ.

* ඒ ශාලා (Veniw) මෙසේයි.

ප්‍රධාන ශාලාව, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාව, රැස්වීම් ශාලා 6, නුග සෙවණ ශාලාව, මිහිලක මැදුර, මිහිලක මැදුරේ එළිමහන් ශාලාව, බ්ලැන්කට් හෝල් Banquet Hall , සිනමා හෝල්, රෙස්ටුරන්ට් හෝල්, කමත (එළිමහන් භූමිය)

* එම ශාලා ගැන විස්තර කළොත්?

ප්‍රධාන ශාලාව - ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදී ඕනෑම උත්සවයක් පැවැත්වීය හැකියි. ඔබ තෝරා ගන්නා දවස අනුව මෙහි මිල තීරණය වේ.

සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාව - A, B හා එහි අනුයුක්ත ශාලා C, D, E ලෙස වෙන්කර ශාලා තිබේ.

රැස්වීම් ශාලා 6 කි. B, C, D, E, F A B ශාලා දෙක දවසකට රු හැත්තෑදාහකි. C D ශාලා රු. තිස්පන්දාහකි. E F ශාලා රු. විසිදාහකි. නුග සෙවණ ශාලාව පාටි, ලන්ච්, ඩිනර්, කොක්ටේල්, සෙමිනා සඳහා වෙන්කර ගත හැකියි. මිල රු. ලක්ෂයයි. මිහිලක මැදුර ගැමි බව විදහා පාන්නකි. වටේට මැටි බිත්ති ආවරණයකි. එහෙත් වායු සමනයකර තිබේ. ගැමි සෞන්දර්ය විදහා පාන පාලමක්, පොකුණක් තිබේ.

නුග සෙවණ ශාලාව - පෞද්ගලික, ආයතනික ඕනෑම අවශ්‍යතාවකට වෙන්වූවකි. ඒ සඳහා පැය 4 කට වෙන්කර ගත හැකි නමුත් ප්‍රදර්ශනයක් සඳහා පැය 12 කට ගෙවීමට සිදු වේ. එම මිල රු. දෙලක්ෂ හැටදාහකි.

මිහිලක මැදුරේ එළිමහන් ශාලාව - පැදුරු සාජ්ජ, උපන් දින සැමරුම් සඳහා විවෘතයි. රු විසිදාහක මුදලකට වෙන්කර ගන්න පුළුවන්.

බ්ලැන්කට් හෝල් - ලන්ච්, ඩිනර්, කොක්ටේල් වගේම ගීත සංදර්ශනවලට ගැළපේ. රු. එක්ලක්ෂ හැට පන්දාහකි.

සිනමා හෝල් - චිත්‍රපට පෙන්වීම සඳහා සුදුසුය. රු. තිස්පන්දාහකි.

රෙස්ටුරන්ට් හෝල් - මෙය ද ලන්ච්, ඩිනර්, සිගර් වැනි දේට සුදුසුයි. රු. පනස්දාහක මිලක් වේ.

කමත - මේ එළිමහන් භූමිය ඔබට පැදුරු සාජ්ජ, අවුරුදු උත්සව සඳහා වෙන්කර ගත හැකියි. මිල රු. දොළොස්දාහකි.

මේ ඕනෑම ශාලාවක් පැය 4 ක ට බදු සහිතව වෙන් කෙරේ. ඊට වඩා වැඩිවන සෑම පැයකටම මිලක් අය වේ.

* ප්‍රදර්ශන හා උත්සව සඳහා සහභාගී වන අයට විශේෂ සේවාවන් සපයා තිබේද?

ඔව්, පිරිසුදු ප්‍රණීත කෑම බීම ඉතාම අඩු මිලකට මෙහිදී ලබා ගන්න පුළුවන්. දුරකථන ඇමැතුම්, බැංකු මුදල් පහසුකම් වගේම පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් ද වාහන නවතා තිබීමේ පහසුකම් ද සපයා තිබේ.

* තරුණ තරුණියන්ට සුබ ආරංචියකුත් මේ අතර තියෙනවාලු...

ඔව්. ඒකත් සැබෑම වෙනසක් කිවුවොත් හරි. ඔබේ ජීවිතයේ අමරණීයම අවස්ථාව වන ඔබේ විවාහ මංගල්‍ය අන්තර්ජාතික උත්සව ශාලාවක පවත්වන එක හීනයක් විය හැකියි. අපි ඒ හීනය සැබෑ කරන්නයි මේ සූදානම. එළැඹෙන මැයි මාසයේ සිට ගල්කිස්ස මහ හෝටලය (මවුන්ට් ලැවීනියා) සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔබේ විවාහ මංගල්‍ය සුපිරි පහසුකම්, සියලු සංග්‍රහ සත්කාර ද සමඟ තරු පහේ හෝටලයකට වඩා අඩු මුදලකට මෙහිදී ගත හැකියි. අභිමානවත්ව පැවැත්වෙන මේ මංගල්‍යයේ දී ඔබේ මධුසමය ගත කරන්නට මවුන්ට් ලැවීනියාවේ සුව පහසු කාමරයක් ඔබ වෙනුවෙන්ම ලබාදේ.

ඉතිං කොළඹ තරු පහේ හෝටලයක විවාහ මංගල්‍ය ගන්න හීන දැකපු ඔබට දැන් අභිමානවත්ව ඒ හීනය සැබෑ කරගන්න පුළුවන්.

* B.M.I.C.H හි සේවාව ලබා ගන්න පුළුවන් කෙසේද?

සතියේ ඕනෑම දිනයක පෙ.ව 8.30 - ප.ව 7.00 ත්, සෙනසුරාදා ඉරිදා දිනවල පෙ.ව 9.00 - ප.ව 2.00 ත් අතර ශාලා වෙන් කිරීමේ අංශයට පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබා දිය හැකියි. පෝය දින පමණක් වසා ඇත.

ලිපිනය - B.M.I.C.H, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

දුරකථන අංකය - 0112691131

ඡායා - හිරන්ත ගුණතිලක

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

8478 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අප්‍රේල් 04, සඳුදා 15:46
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Golden rose ජීවිතයේ සොඳුරුතම දිනය »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න