තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2016 ඔක්තෝබර් 21, සිකුරාදා 14:11

උත්සව ශාලාව තේරීමේදී . . .

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්.
අගයන්න
(0 මනාප)
යුවතියක් ජීවිතය හරියටම පටන් ගන්නේ ඇගේ විවාහයත් සමග බවයි පැවසෙන්නේ. ඒ, මවගේ පියාගේ රැකවරණය මැද හැදෙන වැඩෙන ඇය, පතිනියක ලෙස වගකීම් සමුදායක් දරමින් ගෘහණියක වීමේ වරම ලබන නිසාවෙනි.

 

මෙලෙස ඇරඹෙන නව දිවියේ ඇරැඹුම සුන්දර විවාහ මංගල්‍යයයි

මෙනිසාම විවාහ මංගල්‍යයේ කටයුතු වලදී බොහෝවිට ඇප කැපවී කටයුතු කරන්නේ මනාලියයි.

මේ මග පෙන්වීම, ඔබේ සුන්දර විවාහ මංගල්‍යය වඩාත් සුන්දර හා අර්ථවත් කරගැනීමට මගපෙන්වනු අටියෙන්.

පසුගිය My Style කලාපයෙන් ඔබේ විවාහ මංගල්‍යයේ වැදගත්ම අංගය වන Wedding budget එක පිළිබඳ අප ඔබ දැනුවත් කළා.

මේ, එහි ප්‍රධානතම තෝරාගැනීමක් වන විවාහ උත්සව ශාලාව පිළිබඳවයි.

වත්මන් සමාජයේ බොහෝ විට (95% පමණ) විවාහ මංගල්‍ය පැවැත්වෙන්නේ උත්සව ශාලාවන්හිය.

උත්සව ශාලාව තම නිවස බවට පත්කරගනිම්න් කිසිදු ආගන්තුක බවකින් තොරව පැවැත්වෙන විවාහ මංගල්‍යයන් බොහොමයකි.

ඒ අතර නිසි කළමනාකාරීත්වයකින් තොරව පැවැත්වෙන නිසි පරිදි සැලසුම් නොවූ උත්සව ශාලාද, විවාහ උත්සව අවස්ථාද නැතුවා නොවේ.

උත්සව ශාලා තෝරාගැනීමේ දී, උත්සව ශාලාවට පහසුවෙන් පැමිණීමට ඇති හැකියාව සේම වඩා වැදගත්ම සාධකයක් වන ආහාර පාන ආදිය පිළිබඳවද, සහභාගී වන අයට පහසුවෙන් හැසිරීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් වීම සහ ශාලාව අලංකාර කරගැනීමට ඇති හැකියාවද සැලකිල්ලට භාජනය විය යුතුමය.

උත්සව ශාලාව ඇතුළත පරිශ්‍රය සේම හෝටල් භූමියද අවට වටපිටාවද ඔබේ අවධානයට යොමු විය යුතුය.

උත්සව ශාලාව පරිශ්‍රයේ, මංගල පෝරුව, සෙටිබෑක්, පොල්තෙල් පහන සහ කෑම මේසය ආදී ප්‍රමුඛ අංග වෙනුවෙන් සුදුසු ස්ථාන කෙරෙහි ඔබ දෙදෙනාගේ රුචිකත්වය හා ගෙවන මුදලට සරිලනවාද යන වග පළමුව තීරණය කරන්න.

අධි සුඛෝපභෝගී උත්සව ශාලාද, සුඛෝපභෝගී උත්සවශාලා සහ මධ්‍යම ප්‍රමාණයේ උත්සව ශාලා ලෙස වර්ගීකරණය කළ හැකි අතර, සහභාගීවන පිරිස සහ ප්‍රමාණය අනුව ඔබේ විවාහ මංගල උත්සව ශාලාව විවාහ මංගල්‍යයට මාස 6-12 අතර කාලසීමාවේදී තෝරාගන්න.

ආහාර පාන

විවාහ මංගල්‍යයේ සුවිශේෂීම අංගය අහාර පානයි.

“රසවත් ආහාර වේලක්” ඔබේ ආදරණීය ආරාධිතයන් සැමගේම අපේක්ෂාවයි.

රසවත් ආහාර වේලකට මූලිකත්වය ලබා දෙමින් ඔබේ මංගල උත්සව ශාලාව තෝරාගැනීමේ කටයුත්ත කළ හැකිනම්? එය ඉතා අගනේය.

මෙහිදී විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිිස වැඩි ප්‍රතිශතය කවුරුන්ද.

දේශීය, විදේශීය, ග්‍රාමීය, නාගරික) යන්න පිළිබඳ සැලකිල්ලට ගෙන ආහාර වට්ටෝරුව තෝරාගන්න. මෙහිදී ඔබ දෙදෙනා ඔබේ වැඩිහිටි උපදෙස්ද සමග අදාළ හෝටලයේ කළමනාකාරීත්වය සහ ප්‍රධාන සුපවේදියා සමග සාකච්ඡා කොට ආහාර වට්ටෝරුව තෝරා ගන්න.

විවාහ මංගල්‍යයට සහභාගි වන්නන්ගේ ස්වභාවය නොහඳුනමින් මෙනූ එක තීරණය කිරීම නිෂ්ප්‍රයෝජනය. ඇතැම් විට ඔබ බොහෝ මුදලක් ඒ වෙනුවෙන් වැය කළද අපේක්ෂිත කාරණාව වූ රසවත් ගුණවත් ආහාර වේල ඉටු නොවේ නම් ඉන් ඵලක් නැති බව සිතට ගන්න.

විවාහ මංගල්‍යය වඩා සුන්දර කර ගැනීමට මංගල උත්සව ශාලා පරිශ්‍රය අති උත්කර්ෂවත් අයුරින් සරසා ගැනීමටත් එක් එක් අංගය සඳහා ශාලාව තුළ ඉඩකඩ සැලසුම් කිරීමටත් අත්දැකීම් සපිරි පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු කරගැනීම වඩා උචිතය.

ඔබේ විවාහ මංගල්‍යයේ සුන්දර හා සාර්ථක බව වෙනුවෙන් ඔබ නම්කරන උත්සව ශාලා පිළිබඳ පෙර අත්දැකීම් ඇති අය ඇත්නම්, ඔවුන්ගෙන්ද විමසා බලා වඩාත් යෝග්‍ය උත්සව ශාලාව තෝරාගන්න සැලකිලිමත් වන්න.

එසේ තෝරාගැනීමේදී පහත මූලික කරුණු කෙරෙහිද ඔබේ අවධානය යොමු කරන්න.

01.විවාහ මංගල්‍යය පැවැත්වෙන ප්‍රදේශය

02.උත්සව ශාලා පරිශ්‍රයේ අලංකාරබව හා ළඟාවීමේ පහසුව

03. ආහාර මෙනුව, ආහාර පානවල රසවත් බව හා ගුණවත් බව

04. සහභාගි වන ප්‍රමාණය හා ඔවුන්ගේ ස්වභාවය.

05. ශාලාව ඇතුළත සැලැස්ම හා ඉඩ පහසුකම්

06. පෝරු, සෙටිබැක් ආදී සැරසිලි වෙනුවෙන් ඇති ඉඩහසර හා සෙසු ශාලා පහසුකම්

07. කළමනාකාරීත්වයේ සහයෝගය හා සුහදශීලී බව

 උපදෙස් : දේශබන්දු කලා විශාරද

සංජය කුමාරතුංග

සිරිධර වෙඩින් සෙන්ටර්

5764 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 21, සිකුරාදා 14:17
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ජීවිතයේ සොඳුරුතම දිනය Golden rose »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න