තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2013 මාර්තු 25, සඳුදා 15:15

ඔබේ මංගල උළෙලේ මිහිර සඳහා සොඳුරුතම පියස විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
ජීවිතයේ සුන්දර මතක සටහන් සුපිරි ලෙස සමරන්න අපි හැමෝම උත්සාහ කරමු. ඒ සිතිවිල්ල පෙරටු කරගෙන තමන්ගේ විවාහ මංගල උත්සවය සුපිරිතම තාලයට ගන්න පුළුවන් තැනක් ගැනයි මේ.

 

ජීවිතයේ සදා අමරණීය ඔබේ විවාහ මංගල්‍ය අගනුවර ආසන්නයේ පිහිටි හෝටලයක ගන්න ඇත්නම් ඒක තවත් පැත්තකින් භාග්‍යයක් ඔබේ ඒ සිහිනය සැබෑ කරගත හැකි අපූරු තෝතැන්නකි කඩවත, මහර හන්දියේ පිහිටි සුමිත්‍රා උත්සව ශාලාව.

(Sumithra Reception Hall) නවීන ආකාරයට ඉදිවූ සුපිරිතම හෝටලයක් බව කිව හැකියි.

2001 වසරේ දී මෙම හෝටලය ආරම්භකර තිබේ. කොළඹ සිට එන කෙනකුට කඩවත මහර හන්දියට ළඟා වී දකුණු පස පිහිටි එක්සත් සුබසාධක මාවතේ මීටර් 100 ක ගමන් මගින් අක්කර දෙකක සුන්දර වටපිටාව සහිත සුමිත්‍රා උත්සව ශාලාව දිස්වෙන අයුරු දැකබලා ගත හැකියි.

විශේෂයෙන්ම වායුසමනය කරන ලද දර්ශණීය උත්සව ශාලාවක් මෙය සතුයි. එහි අමුත්තන් 400 ක පමණ පිරිසකට ඉඩ පහසුකම් සලසා ඇත. මංගල උත්සවයේ තේමාවට ගැළපෙන පරිදි මේස සැරසිලි සහ අනෙකුත් සියලුම සැරසිලි සකස්කර දීමට හෝටල් කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.

මංගල උත්සව පැවැත්වීමේදී පෝරුව, සෙට් බැක්, පොල්තෙල් පහන සියල්ල නොමිලයේ ලබා දෙයි. ඊට අමතරව උඩරට නැටුම් කණ්ඩායම් සහ මගුල් බෙර, වාදන කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, සම්බන්ධීකරණය, පෝරු චාරිත්‍ර පොල්තෙල් පහන හා විදුලි බුබුළු සැරසිලි ද හෝටලයෙන්ම ඔබට ලබා දෙනවා.

ඔබට සරිලන මුදලට කෑම වට්ටෝරු සකසා ගත හැකි වීමත් විශේෂත්වයකි. රු. 1100 සිට ඉහළ මිල ගණන් යටතේ ඇති කෑම වට්ටෝරු දේශීය හා විදේශීය ආකාරයට ලබා ගත හැකියි.

මංගල උළෙලේ අමරණීය මතක සදන ඡායාරූප ගැනීමට සුදුසු ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු වටපිටාවක් තිබීම වගේම උත්සව ශාලාවේ ඡායාරූපාගාරයේ ඡායාරූප ලබාගත හැකි වීම ඔබට ලැබෙන අමතර වාසියකි.

වාහන නැවතීමට රථ ගාලක් ද උත්සව ශාලා පරිශ්‍රයට ඇතළුවීමට දොරටු දෙකක් ද වීම පැමිණෙන අමුත්තන්ට පහසුවකි.

ආයතන සම්මුඛ සාකච්ඡා, ආයතන උත්සව හා සම්භාෂණ, උපන් දින සාද වැනි ඕනෑම උත්සවයකට මෙහි ඉඩකඩ පහසුකම් තිබේ.

සුමිත්‍රා උත්සව ශාලාවේ අධිපති චමින්ද පෙරේරා, විසි පස් වසරක් පුරා සිරිලක ජයකෙහෙළි නැංවූ Sumithra Reception Hallසාර්ථක අත්දැකීම් පෙළ පෙරටු කරගෙන ඔබට සුපිරි හෝටලයක සේවාව සපයනු ලැබේ. ඔබේ විවාහ මංගල උත්සවයට ජීවයක් දෙන්න, එහි මිහිර විඳින්න සැබෑම සොඳුරු පියසකි සුමිත්‍රා උත්සව ශාලාව.

22970 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න