තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උත්සවශාලා සිරස්තල

2013 අප්‍රේල් 30, අඟහරුවාදා 11:02

අමරණීය මතකයන් සඳහා රන්දිය හෝටලය

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(3 මනාප)
තම මංගල උළෙල සොඳුරු ඉසව්වක පැවැත්වීමට සෑම අයෙක් තුළම ඇත්තේ දැඩි කැමැත්තක්. ඒ අමරණීය දිනය තම දිවියේ සොඳුරුතම දිනය කරගැනීමට ඇති අවශ්‍යතාව නිසාමයි. ඔබේ මංගල උළෙල පැවැත්වීම සඳහා දුසුසු මනරම් වටපිටාවකින් යුත් තැනක් අගනුවරාසන්නයේම පවතින බව ඔබ දන්නවාද?

කොළඹ සිට කිලෝ මීටර 22 ක දුරකින් මොරටුව නගරයේ බොල්ගොඩ ගඟට මායිම්ව ඇති මේ සොඳුරු නවාතැන්පොළ ඔබගේ සිතිවිල අනුවම නිමැවී ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු එකේ සංචාරක නිකේතනයක් ලෙස පවතින රන්දිය හොටෙල් හි පහසුකම් තව දුරටත් පුළුන් කෙරෙමින් පවතී.

මංගල උත්සව පැවැත්වීමට වායුසමීකරණය කළ ශාලා තුනක් මෙහි පවතින අතර ඒවා අමුත්තන් 300 කට සහභාගි විය හැකි ශාලා දෙකක් හා අමුත්තන් 200 කට සහභාගි විය හැකි ශාලාවකින් සමන්විතය.

මංගල උත්සව පැවැත්වීමේ දී පෝරුව, සෙටි බැක්, පොල්තෙල් පහන යන සියල්ල ඇතුළුව සැරසිලි සියල්ල (මේස සැරසිලි - Table Arrangement)නොමිලේ ලබාදෙයි. ඊට අමතරව නව යුවළට කෑමත් සමගින් දිනයක් ගත කිරීම සඳහා කාමරයක් ද අයකිරීමකින් තොරව ලබා දෙනු ලබයි.

මංගල උළෙලේ අමරණීය මතක සඳහා ඡායාරූප ගැනීමට සුදුසු ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු වටපිටාවක් තිබීම ඔබට අමතර වාසියකි. වාහන නැවතීමට, රථ ගාලක්ද (Car Park) ඇති නිසා පැමිණෙන අමුත්තන්ට ද එය පහසුවකි.

ඔබේ අතේ ඇති මුදලට අවශ්‍ය ආකාරයට කෑම වට්ටෝරු සකසා ගත හැකි වීමත් විශේෂත්වයකි. රු 950 සිට ඉහළ මිල ගණන් යටතේ ඇති කෑම වට්ටෝරු ද ඇති අතර මේ සියලු දේ ඔබේ කැමැත්ත පරිදි තෝරා ගත හැකියි. මධු සමය ගත කිරීමට රන්දිය හොටෙල් වෙත පැමිණෙන ඔබට විශේෂිත වූ පැකේජය ද පවතී

සුඛෝපභෝගී කාමර (වායු සමීකරණය කරන ලද) කොෆි ෂොප්, රූෆ් ටොප් රෙස්ටෝරන්ට්, බියර් ගාර්ඩ්න් ඇති අතර, සති අන්ත දිනවල බාබක්‍යු සමගින් කැලිප්සෝ සංගීත සන්ධ්‍යාවන් ද වේ.

ළමා උද්‍යානයක්, බෝට්ටු මත ඉදිකළ කුඩා ශාලාවකින් ද යුතු රන්දිය හෝටලයේ දී ඔබට බොල්ගොඩ නදියේ බෝට්ටු සවාරියක් යෑමේ අත්දැකීම් ද ලබාගත හැකිය.

පිහිනුම් තටාකයක්ද ඇති මේ මනරම් හෝටලයේ සති අන්තය ගත කිරීම වුවද ඔබගේ පවුලට වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දේ.

උපන්දින සාද, ආයතන සුහද හමු (Company Get-together) මිතුරු සාද ආදී ඕනෑම ආකාරයක උත්සව අවස්ථාවක් රන්දිය හොටෙල් හි ඔබට පැවැත්වීමේ පහසුකම් පවතී. ඉන්දියානු, චීන, ඉතාලි ආදී ඕනෑම ආකාරයක ආහාර වට්ටෝරු ද ඔබට රන්දිය වෙතින ්ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

සති අන්තය සඳහා රන්දිය හොටෙල් වෙත පැමිණෙන ඔබට මියුරු බටනලා වාදනයක්ද රස විඳීමට අවස්ථාව සලසා ඇති අතර මොරටුව පුවරයේ ප්‍රමුඛස්ථානයේ සිටින ‘රන්දිය’ ඔබේ අවශ්‍යතාවට සරිලන සේ නිමැවුණකි. මෙහි සිටින සුහද කාර්ය මණ්ඩලය ඔබේ අවශ්‍යතාවන් සපුරා ලීමට කැප වී සිටියි.

විශාල තීරයක් මත කාටුන් වැඩසටහන් නැරැඹීමට පොඩිත්තන්ට හැකි අතර, ක්‍රිකට් තරග ඇති දිනවලදී එය නැරැඹීමේ හැකියාව ද ඔබට පවතී

බොල්ගොඩ නදියේ සොඳුරු බවත්, ගඟ දියෙන් සිහිල් වූ වටපිටාවත් ඔබ සිහින ලොවකට කැන්දන අපූරුව විඳගන්න. රන්දිය හොටෙල් ඊට කදිම නවාතැනකි.

11911 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 අප්‍රේල් 30, අඟහරුවාදා 11:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න