තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 නොවැම්බර් 16, සඳුදා 10:58

යුග දිවි අභිෂේකය ලබන්නට පෙර... විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
 හද රැඳි පැතුම සොඳුරු මංගල්ලයකි. කාගේත් නෙතු පැහැරගන්නා මනාලියක් වීමයි. අමරණීය මංගල උළෙලක මතක සටහන් ගොනු කරගන්නට වෙහෙසෙන විවාහපේක්ෂකයන් හැමදේම ගැන විමසිලිමත්.

 

ඇරැයුම් පත්, පෝරුව, මල් සැරසිලි, කේක් ඇසුරුම්, සෙටි බැක්, ඇඳුම් ආයිත්තම් ආදී සියලු දේ යම් තේමාවකට අනුව සකසා ගන්නටත් උනන්දුයි. දහස් ගණන් මුදල් වැය කරමින්, තමන්ගේ වටිනා කාලය කැප කරමින් මේ හැමදේම පිළිවෙළකට ගළපගන්න උත්සාහ කරන්නේ තමන් ජීවිතයේ දැකි අති සුන්දරතම පැතුම සැබෑවක් කරගන්නයි.

ඔබේ ඒ පැතුම සදා අමරණීය සිහිවටනයක් බවට පත් කරන්න තරුණීත් හැමදාම කැප වෙනවා. ඒ නිසාමයි මේ හැමදේම පිළිබඳ නිරන්තරයෙන් ඔබව අවදි කරන්නේ. ඒ නිසාම සොඳුරු මංගල උළෙලකට නවතම තෝරා ගැනීම් පිළිබඳ මේ සතියේ සිට දැනුවත් වෙන්නට ඔබට පුළුවන්. ඔබත් ලස්සනම ලස්සන මංගල සිහිනයක් දකිනා යුවතියක් නම් මේ ඇරැයුම ඔබටමයි. අද ඔබට හඳුන්වාදෙන්නේ මේ දිනවල ජනපි‍්‍රයම තෝරා ගැනීම් වූ විවාහ ඇරැයුම් පත් කිහිපයකි. ලබන සතියේ දී මේ ලස්සන ඇරැයුම් පතක් ඔබේම අතින් හදාගන්න ආකාරයත් පහදා දෙනවා.

  

6234 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 16, සඳුදා 11:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න