තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 නොවැම්බර් 23, සඳුදා 11:36

ඇරැයුම්පත සාදමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(3 මනාප)
 පසුගිය සතියේ දී අපි විවාහ ඇරැයුම් පතක් සාදා ගන්නා ආකාරය පහදා දෙන බව පැවැසුවා. මේ එම ඇරැයුම්පතයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඒ ෆෝ කාඩ් හෝ වෙනත් සුදුසු කාඩ් වර්ගයක් (අවශ්‍ය වර්ණයක)

ඇත්දළ (අයිවරි), ක්‍රීම්, සුදු, බේජ් හෝ ඔබට අවශ්‍ය වර්ණයක එම්බෝස් කළ ඝනකම් කාඩ් - ගම්

සැරසීමට රිබන්, ස්ටෝන්ස් ආදිය

ඒ ෆෝ කඩදාසි

නිර්මාණය කිරීම

පළමුව ඔබ කාඩ් පතේ ප්‍රමාණය තීරණය කළ යුතුයි. පියන් දෙකට, පියන් තුනට මෙන්ම තනි පියනටත් මෙම කාඩ්පත නිර්මාණය කළ හැකියි.


මෙහි දැක්වෙන්නේ පියන් තුනකට කළ කාඩ්පතක් වන අතර කළු පැහැය වෙනුවට ඔබට කැමැති වර්ණයක් කාඩ් එක සඳහා තෝරා ගැනීමට පුළුවනි.

ඔබට ලියන්නට ඇති දෑ පළමුව කාඩ්පතේ අවශ්‍ය ස්ථානයේ මුද්‍රණය කරගත යුතුයි.

එම අකුරු කාඩ් කොටස මතම මුද්‍රණය කරගත හැකි අතර ඔබට කැමැති නම් කඩදාසිවල (ඒ ෆෝ කොළ) මුද්‍රණයකර යම් රටාවකට කපා කාඩ් කොටස මත අලවා ගත හැකියි. එම අලවන ස්ථානය ඔබ තීරණය කළ යුතුයි.

කාඩ් පතේ ප්‍රමාණය තීරණයකර එම ප්‍රමාණයට අවශ්‍ය පතරොම් සාදාගත යුතුයි. කඩ ඉරි මඟින් දැක්වෙන කොටුව කාඩ් එකේ ප්‍රමාණය යැයි සිතා ඒ මත ගවුම හා කෝට් එකේ කොටස් ඇඳ පසුව ඒවා වෙන්කර වෙන වෙනම එම ප්‍රමාණවලට ඇඳගන්න. ඉන්පසුව එම පතරොම් තබා අවශ්‍ය කොටස් කපාගන්න.

එම්බෝස් බෝඩ් මඟින් ගවුමේ කොටස් කපා ගන්න. කමිසයේ කොටස් එයට ගැළපෙන ලෙස කපාගන්න. ඒවා වෙන වෙනම අලවා හැඩ කිරීමට ස්ටෝන්ස්, රිබන් ආදිය අලවා ගන්න. රිබන් සඳහා අඟල් 1/4 පළල හෝ බේබ් රිබන් සුදුසුය. එම රිබන්වලින් මල් සාදා ද අලවා ගත හැකියි. ඒ සඳහා ඔබට අවශ්‍ය වර්ණයක රිබන් තෝරා ගන්න.

ඉන්පසු තනි පියනක හෝ පියන් දෙකක කාඩ්පතක නම් ඉදිරිපස කොටසේ ද පියන් තුනක කාඩ්පතක නම් මෙහි දැක්වෙන ලෙස ඉදිරිපසට නැමෙන කොටස් දෙකේ ද වෙනම සාදාගත් ගවුම හා කෝට් කොටස අලවා ගන්න.

ගවුම වෙනුවට ඔබට සාරියක ඔසරියක හැඩය ද සාදා ගත හැකියි.

3489 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 23, සඳුදා 11:41
මේ යටතේ එන අනෙකුත් ලිපි: « යුග දිවි අභිෂේකය ලබන්නට පෙර...
අදහස් එක් කිරීමට ලොග් වෙන්න